කොරෝනා රෝගීන් වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන් කෙරේ..

May 28, 2020 at 3:25 am | lanka C news
කොරෝනා රෝගීන් වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන් කෙරේ..

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් රෝහල් දෙකක් වෙන්කර තිබේ.

ඒ අනුව හම්බන්තොට පැරණි රෝහල සහ තෙල්දෙණිය රෝහල කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරන ලද බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කුවේට් රාජ්‍ය සිට මෙරටට පැමිණි සියලුම දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර අවසන් බවද ඔහු පැවසීය.

එරට සිට මෙරටට පැමිණි පුද්ගලයන් රැසක් පැමිණෙද්දීම වෛරස් ආසාදිත වී සිටි බවත් ඔහු සදහන් කරයි.

383 views
Main News