කොරෝනා රෝගීන් හමුවන විට විපක්‍ෂය සතුටින් පිනා ගිහින්..

July 8, 2020 at 8:40 am | lanka C news
කොරෝනා රෝගීන් හමුවන විට විපක්‍ෂය සතුටින් පිනා ගිහින්..

කොරෝනා රෝගීන් හමුවෙනවිට විපක්‍ෂය තරම් කවුරුත් සතුටු උනේ නැතැයි ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

විපක්ෂය බලන් හිටියේ ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙල අසාර්ථක වෙනකම්.ඕක තමයි තිත්ත ඇත්ත .එගොල්ලෝ කොරෝනා රෝගීන් වැඩි වෙන්නෙ කවද්ද කියලා බල බල හිටියේ.කොරෝනා රෝගීන් හමුවෙනකොට විපක්ශය තරම් කවුරුත් සතුටු උනේ නෑ.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට වරදිනකම් හිටියේ.

හැබැයි ජනාධිපතිතුමත්,අගමැතිතුමත් එකතු වෙලා ජනාධිපති කාර්ය සාධක බලකායත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවය ඇතුලු සිටලුම දෙනා එකතු කර ගෙන මේක සාර්ථකව පාලනය කරා.අපිට මේ දේ කරන්න විපක්ෂය සහාය දුන්නෙ නෑ.සජිත් ප්‍රේමදාසට ඕන වුණේ  සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ  කොරෝනා මර්ධන වැඩපිළිවෙල විනාශ කරන්නයි.සජිත් ප්‍රේමදාස කොරෝනා වලට ප්ලැකනිල් කියලා බෙහෙතක් හොයාගෙන එයා දොස්තර වෙන්න ගියා.ඇමරිකාවේත් මේ ප්ලැකනිල් ඖෂධය ලබා දීමත් තහනම් කලා.මෙයා බැරි වෙලාවත් ජනාධිපතිවරනයෙන් දින්නනම් කොරෝනා නැති අයටත් ප්ලැකනිල් පොවනවා අර බොත්තම ඔබලා.

සජිත් ප්‍රේමදාසයි විපක්ෂයයි බලාගෙන හිටියේ කොහෙන් හරි කොරෝනා රෝගීයෙක් මතු වෙනකම් හැමදාම.එයාල හැදුවේ කොරෝනා රෝගීන් වැඩියි ආණ්ඩුවට මේක කරන්න බෑ කියලා රටේ ජනතාවට කියන්නයි.හැබැයි අපි අද කියන්න කැමතියි ලෝකයේම සාර්ථකම ලෙස කොරෝනා පාලනය කරගත්තා චීනය ඉන්දියාව ඇමරිකාව හැමෝම කිවුවේ ලංකාවේ කොරෝනා මර්ධනය  කිරීම අති විශිෂ්ඨයි කියලා.සුව වීමේ ප්‍රතිශතයි 80% එහා තියෙනවා දැන්.

කොරෝනා වැඩපිළිවෙලට හමුදාව යොදවනවට විරුද්ධ වුණා.ඔවුන් කිවුවේ හමුදාව දාල මේක පාලනය කරන්න බෑ කියලා.අපි ත්‍රිවිධ හමුදාව දාල රටේ නීතීයත් ආරක්ෂා කරන ගමන් කොරෝනා සාර්ථකව පාලනය කරා.යුධ හමුදාපතිතුමා කිව්වා නිරෝධායන මධ්‍යස්ථාන ගැන අදහස ගෙනාවේ ජනාධිපතිතුමා කියලා.අද වෙනකොට ඉන්දියාවත් කොරෝනා මර්ධනය හමුදාවට බාර දීලා.මොනවද කිවුවේ හමුදාව යොදවනකොට.මේක හමුදා රාජ්‍යයක් කිවුවා .දැන් එහෙම උනාද.මේ වෙන කොට අපි පත් කරගත්තේ හරිම ජනාධිපතිවරයා කියලා දැන් පැහැදිලියි ප්‍රත්‍යක්ෂයි.ඔහු අවංක බුද්ධිමත් නායකයෙක් කියලා මේ වෙන කොට රටේ ජනතාවට පැහැදිලි වෙලා තියෙනවා.ඒ වගේම එතුමා කෙරහි විශාල විශ්වාසයක් ජනතාව අතර ගොඩනැගිලා තියෙනවා.

අපි වූහාන්වල ඉදලා අපේ ළමයි ලංකාවට ගෙනාවා.ලෝකයේ රටවල් දැරුවෝ වූහාන් වල තනි කරද්දි අපි එහෙම කලේ නෑ.බය නැතුව තීන්දුවක් ගත්තා ඒ දරුවන්ව ගේන්න.අපි අදටත් කටාර්,ඩුබායි වලින් අපේ රට විරුවෝ ගේනවා.අපි ඒකට එයාලට කොරෝනා තියෙනවද නැද්ද කියලා බලන්නේ නෑ.අපේම ශ්‍රි ලාංකිකයෝ මව්බිමට ඕනෑම වෙලාවක ගෙන්න අපේ රජය සූදානම්.ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය.අපි කවුරුත් අත ඇරියේ නෑ.හැබැයි විපක්ශය හැම වෙලාවෙම කලේ විවේචන විතරයි.කට ඇරියොත් විපක්ශය කියන්නෙ නෑ බෑ කියන එක විතරයි.එදා විපක්ශය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇවිත් මුණහැහුණා කොරෝනා කාලේ.ජනතාව ගැන කතා කලේ නෑ කතා කලේ පාර්ලිමේන්තුව කැදවන එක ගැන.විපක්ශයක් උනාම හොද දේ හොදයි කියන්න තරම් නිහතමානී වෙන්න ඕනි.එහෙම නෑ  මේ අය කියන්නෙම කොරෝනා වැඩියි ආණඩුව රෝගීන් ගණන හංගනවා කියලා.පරීක්ෂණ මදි කිවුවා රෝගීන් පන්දාහක් කිවුවා.විපක්ශය බොරු ගොතලා ජනතාව බය කලා.හැබැයි අපි ශක්තිමත්ව ජනතාව ආරක්ෂා කලා.පාස්කු ප්‍රහාරයවත් කලින් දැනුම් දීලා තියෙද්දිත් බේර ගන්න බැරි වෙච්චි ආණඩුවක් යහපාලන ආණඩුව.යහපාලන ආණ්ඩුව තිබුණනම් කොරෝනා වලින් කොච්චර ජනතාවට හානි වෙනවද කියලා හිතා ගන්නවත් බෑ.

විපක්ශයට අපි කියන්න කැමතියි කොරෝනා පැරැද්දුව වගේම අපි මහ මැතිවරණයත් උඩින්ම දිනනවා. සජිත්ට අගමැති සිහිනය අකුල ගන්න තමයි වෙන්නේ කියලා අපි අද කියනවා.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නෙ පොලවෙ පයගහලා ඉන්න ජනතාව ගැන සංවේදී නායකයෝ  දෙන්නෙක්.ඒ වගේම ප්‍රායෝගික නායකයෝ දෙන්නෙක්.මම අපේ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ අහමැතිතුමාව මෙවර මහ මැතිවරණ ඉතිහාසයේ ඉහලම මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නා ලෙසයි.අපි රට බේරගත්තු නායකයාට කෘතගුණ සැලකිය යුතුයි.ඒ වගේම පොහොට්ටුව ලකුණ ඉදිරියේ කතිරය ගහලා කුරුණෑගල දිස්ත්‍රික්කය ඉහලින්ම ජයග්‍රහණය කරවා දෙන ලෙසයි.

– Media unit

14,837 Viewers

10 Comments to “කොරෝනා රෝගීන් හමුවන විට විපක්‍ෂය සතුටින් පිනා ගිහින්..”

  1. Narada says:

    ඇත්ත කතාව, සමහරු ඇසීමට අකමැති නමුත් විශාල නායකත්වයක් සහ කොවිඩ් හැසිරවීමට හොඳින් සූදානම් කණ්ඩායමක් එහි සිටියහ. වෙනස් කොට සැලකීමකින් තොරව අපි ඔවුන්ව අගය කළ යුතුයි.දේශපාලන නායකත්වය සිවිල් යුද්ධ සමයේ දී මෙන් ම විශිෂ්ට ය.

  2. ඊරි යකා says:

    චන්දෙට කලින් පෑඩ් සජියට කොරෝනා ශුවර්, මොකද උගේ පරාදය වසාගන්න , අන්තිමේදි ඌ කියයි, ජොන්සන් මහත්තයලා ඌට කොරෝනා බෝකරපු නිසා ඌට චන්දය හරියට කරගන්න බැරිවුනා කියලා, මැකෝටත් කොම්ප්ලේන් කරන්නත් බැරි නැහැ , චන්ද පෙත්සමකුත් දාවි, හිනා නොවිත් බැහැ, හිනාවෙලත් බැහැ

  3. yvonne- chula says:

    ai maco sathutui

  4. අබිලිං ආතා says:

    සමිතා ගේ බොත්තම ඔබ ඔබ ඉඳලා අන්තිමට ජොනී පැටියෙක් ආවම තමයි මූට කෙළඋණේ. මේ වගේ අපතයෝන්ට ඡන්දෙ දෙන හරක් මේකේ තාම ඉන්නවනේ.

    • අබිලියෝ තොට දැන් සමිතාගේ ගලට රිංගන්න බැරුවා නෙව. මොකද සමිතා හොයන්නෙ බං එකිට වඩා අවු.30 ක් වත් බාල පොරවල්. රිංගන්න ඔිනෙනං ගෝරිලි තෙල් බීපං. අනික උබේ ෂොට් එකිට හරි යන්නෙ නැහැ. නිකං නාන්නෙ නැතිව හිටපං හිපාටුවෝ.

  5. Kadiya says:

    පෑඩ් මෑන් දැන් කැලැන්ඩරේ දිහා බලන්නේ 2020 අගෝස්තු 05 දාට එල්ලුම් ගහට නියමිත අයකු දින ගනිනවා වගේ බය බීරාන්ත වෙලා. බොහෝවිට දිනය ලංවෙනවිට බඩ යන්න පටන්ගන්න පුළුවන්. පැම්පර් අඳින්න පටන්ගත්තොත් හොඳයි.

  6. ක්‍රිමිනල් says:

    ඈ බං පූට්ටුවේ ලිස්ට් එකේ ඉන්නේ කම්බ හොරු නේ ! 😂😂😂

  7. Jagath says:

    ඇයි? එතනෝල් ටික පන්නගන්න චාන්ස් නිකන් ලැබෙනකොට……

  8. Don sarath rupasiri says:

    Kalakanni wipakshayak. Kalakanni jeppo