කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න…- රජය දැනුම් දේ…

May 16, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න…- රජය දැනුම් දේ…

යම් පුද්ගලයකුට කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතී නම් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත නම් එම පුද්ගලයන් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

මේ අනුව දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිතවේ යයි සැක සහිත පිරිස එන්නත ලබාගැනීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත.

“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.

කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්.”

– aruna

35,297 views

7 Comments to “කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් එන්නත ගැනීමෙන් වලකින්න…- රජය දැනුම් දේ…”

  1. Ravana parapura says:

    හෙළ වෙදකමේ මෙහෙම දෙයක් නැහැ. මේ අය ලැජ්ජා වෙන්න ඕනේ.

    • natha de says:

      gon comment danna kalin hethuwa google karala hari balapan, lede thiyan beheth gahapu unta sankulatha wadee, anika wena ratawala lede hadila suwa wela masa 3-6k yanakan behetha denne na oya hethuwa nisa ,

    • ඔව් ඔව් හෙළ වෙද කමේ රෝග ලක්ෂණ තිබුනත් එන්නත දෙනවා..

  2. වයි දිස් කොලවෙරි says:

    කොවිඩ් රෝග ලක්ශණ තියෙනවා නම් ලගම ඇති රජයේ රෝහලට ගොස්, සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් පෙත්තක් ගිලින්න.

    ඇමෙරිකාවේ, එන්ගලන්තේ ලක්ශ ගානක් මැරුනේ සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු උන්.

    • කුඹුක්කණ් says:

      කොවිඩ් රෝග ලක්ෂණ තිබුනත් එන්නත වැඩක් නෑ
      නැති වුනත් එන්නත 40% කට වැඩක් නෑ

      60% වැඩලු, කීයක් මැරෙයිද දන්නෑ

      එන්නත් හදන කම්පැනි වලට හා ඒ එන්නත් මෙහෙ මාර්කට් කරන

      අපිට වැඩ බෑ , අපිට බෙහෙත් නෑ, වෙන ක්‍රමයකට ඉඩ දෙන්න බෑ අඬෝ ඇඬියාව සහිත බටහිර ඇලොපති උද්දච්චයන්ට , කොරෝනා වලින් ගලවපු තම තමන්ගේ රෙද්ද බටහිර ආධිපත්‍යයෙන් වහගන්න පුලුවන් වුන නිසා වැඩක් තියෙනවා

  3. මෝඩ බයියා says:

    එන්නත ගන්න බැරි සියලු බයි සොයුරන් රුපියක් දහ පාලොස් දාහක් රෙඩි කරන් පැණි සදහා කෑගල්ලටද කරල් සදහා කරාපිටියටද වන්දනා ගමන් සංවිධානය කර ගන්න.ඉස්සරෝම කාලෙක මැදමුලනට වන්දනා ගමන් ගියා මතකද ආන් ඒ වගේ එකක්

    • කුඹුක්කණ් says:

      බටහිර ඖෂධ සමාගම් ඕවගේ වැඩ කරනවට බටහිර ඇලොපති උද්දච්චයන්ට ගෙවනවා , උඹ ණයට කහින්න එපා , සල්ලි අරං කැහැපං

Main News