කොරෝනා ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක්..- රජයෙන් නිවේදනයක්..

March 11, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක්..- රජයෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති නිසා එය වැළැක්වීමට ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලට සහාය දෙන ලෙස රජය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වී ඇති බවත් එය පාලනයට විවිධ පියවර ගෙන ඇති බවත් මෙරටද කොරෝනා වෛරසය වැලැක්වීමට රජය විසින් විධිමත් සැලැස්මක් ඇතිව ආරම්භ කර ඇති නිසා ඒ සඳහා පූර්ණ සහාය දෙන ලෙස ද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ඊයේ දිනයේ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායන කටයුතු ආරම්භ කළ බවත් එනිසා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන අය සිය පූර්ණ සහාය එම වැඩපිළිවෙලට ලබා දෙන ලෙසද නිවේදනය මගින් ඉල්ලා සිටි.

517 views

11 Comments to “කොරෝනා ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක්..- රජයෙන් නිවේදනයක්..”

  1. හැඳි මිටේ නුවණ says:

    මේක හැදෙන එක වැළකීම සඳහා පියවර ගැනීම වැදගත්. එත් කියන්න ලැජ්ජයි අපේ GMOA එක දන්නේ එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් press conference තියන්න විතරයි.
    1. අනිවාර්යයෙන්ම පැය 6ක නින්ද ඉතා වැදගත්.
    2. අනිවාර්යයෙන්ම කෑම හොඳින් ගැනීම වැදගත්. ඒ කියන්නේ තමන්ගේ meal එක හරියට ගන්න හාමත් නොවී.
    3. අනිවාර්යයෙන්ම තමන්ගේ දෑත් හොඳින් පිරිසිදුව තියා ගන්න.
    අපි දූපතක්. බැරි වෙලාවත් අපිට මේක ආවොත් කොහෙන් කෙළවර වේවිද දන්නේ නැහැ. අනික අපේ සියලුම දෙනාගේ යහපත සඳහා ස්වයං නිරෝධායන වැඩ පිළිවෙල ඉතා වැදගත්. සහ එය අනිවාර්ය කල යුතුයි. ඔය පාරේ බෝඩ් එල්ලං දඟලන අයට ඉතා තද පියවර ගන්න ඕන. මොකද මොන රජයක් බලයේ හිටියත් දැනට රටේ ඉන්න අය වගේම දැනට රටෙන් පිටව ඉන්න මේ සඳහා අවධානමක් තියෙන අය ගැනත් සොයන්නම වෙන නිසා.

    • KP says:

      ඇයි මොකක්ද GMOA එකත් එක්ක ඔයාට තියෙන ප්‍රශ්නෙ. ලෝකෙ දියුනුයි කියන රටවලත් මේක පැතිරෙද්දි ලංකාව මෙච්චර දවස් බේරිලා හිටියෙ රජයේ වෛද්‍යවරුන් විසින් මෙහෙයවපු කාර්ය මන්ඩලය හොඳින් වැඩකරපු නිසා තමයි. නැත්තං අර රෝගය වැලඳිච්ච චීන කාන්තාව නිසාම ලංකාවෙ දහස් ගානකට හැදෙන්න තිබ්බා…එයාව අඳුනගෙන, ඉක්මනට නිරෝධායනය කරලා ඉතා අඩු පහසුකම් යටතේ වුනත් ලෝකයේ ඉහලම රෝග නිවාරන ක්‍රම වලට අනුව රෝගය පැතිරීම පාලනය කල නිසා තමා ඔයා වුනත් බේරිලා ඉන්නේ

      • KP -anti says:

        ලෝකේ රටවල් වලින් භාගයකටම – අප්‍රිකානු වැනි – තාම මේ වෛරසය ගිහින් නැත්තේ අඩු පහසුකම් යටතේ ඒ රටවල උසස්ම රජයේ වෛද්‍යවරුන් විසින් මෙහෙයවපු කාර්ය මන්ඩලය හොඳින් වැඩකරපු නිසාද ? ලංකාව යම් යම් පියවර ගත්ත තමයි. නමුත් අප රටට මේ වසංගතය නාවේ කෙහෙල්මල් වෛද්‍යවරුන්ගේ හපන්කමක් හින්ද නෙමෙයි. අපේ රට භූගෝලීය සහ ආර්ථිකව ලෝකයත් එක්ක තිබෙන සම්බන්දය ගැන මෙය හොද මිනුමක්.වෛද්‍යවරු ගැන අධි තක්සේරුවක ඉන්න තමුන් දන්නවද මේ රෝගෙ හැදුනනම මිය යන්නේ සීයකින් 3 දෙනෙක් විතරයි කියල. එක රෝගියෙක් විතරක් හම්බෙල සුව කරලා රජයේ රජයේ කිය කිය වංශෙ කබල් ගගා ඉන්නේ නැතුව සෞඛ්‍ය සේවයට වෙනත් රටවලින් ඉගෙන ගන්න තියෙන පාඩම්, ඉදිරියට කරන්න තියෙන වැඩ බොහොමයි. ඇත්තම කතාව අපේ වෛද්‍යවරු (වෛද්‍ය තාක්ෂණ ශිල්පින්) දන්නේ වෙන කොහේ හරි තූත්තු කුඩියක වෛද්‍යවරුන් කරන කියන දේවල් අනුගමනය කරලා credit දා ගන්න විතරයි.

        • හැඳි මිටේ නුවණ says:

          KP -anti Well said…You have mentioned all what I wanted to tell. I don’t know some fools still fail to understand this bitter truth. For the moment we have already passed a month of period. What GMOA has done for the public awareness? At least a little paper advertisement to prevent this. That’s what I have mentioned there. They only call press conference and everything just for their sake…

  2. Samarapaala says:

    Api dakka Hamuda Pathiyage Quarantine Center Eka ..

    Takketama Corona Thiya Hembrissawawath Bo Nowena Widihata Hadala Tiyenne .Heh Heh

  3. Sudesh says:

    අනිත් රටවල් කරලා තියෙනවා වගේ ලාංකික නොවන සියලු දෙනාටම travel band කරන්න බැරිද? රජය හා රජයට සම්භන්ද ආයතන Tourism කිය කිය මේ වෙලාවේ සල්ලි පස්සෙ ගියොත් රටේ ජනතාවගේ අවාසනාව!!!

  4. amila says:

    චන්දෙ ඉල්ලන එවුන්ට නියම චන්ද පොරොන්දුවක්
    “කොරෝනා තුරන් කරන්න මට චන්දෙ දෙන්න”

    “කොරෝනා නැති කරන්න මට විතරයි”

    “කොරෝනා නැති කරන බලවේගේ”

  5. Vithanage says:

    දළදා මාළිගාවෙ ආරක්‍ෂිත නිලදාරින් කිසිම අත් ආවරනයක් නොමැතිව මාළිගාවට ඇතුල්වන බැතිමතුන්ගේ ශරීරය අතගාන ක්‍රියාවලිය නවතා වඩා සුදුසු ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කල යුතුය.

  6. Borupropa says:

    සමගි කොරෝනා ජන බලවේගය.(සකොජබ)

  7. හාරත බූරුවා says:

    විදේශ වලින් එන හැම දෙනාවම ගැන සැලකිලිමත් වන්න. සියලුම රටවල් මෙන්ම ගුවන් යානා ද මේවෙනවිට ඉතාමත් අනාරක්ෂිතයි. අඩුම තරමින් ඒ ඒ පලත්වල සෞඛ්‍ය බලදාරින් මෙන්ම සිවිල් සංවිධන් නියෝජිතයන් හරහා මේගැන පසු විපරම් ක්‍රම වේදයක් ගොඩ නගන්න

  8. sara says:

    I would like to know why chinees migrants do not have any restrictions when they arrive srilanka???