කොරෝනා වක‍්‍රය යලි ඉහලට.. නැවතත් දැඩි සීමා…?

July 29, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා වක‍්‍රය යලි ඉහලට.. නැවතත් දැඩි සීමා…?

කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සීමා ලිහිල් කිරීම හේතුවෙන් දෛනික ආසාදිතයන් ඉහළ යාමට හේතුවිය හැකි බවත් ඊට ඩෙල්ටා ප්‍රභේදය බලපෑමක් නැතැයි පැවසිය නොහැකි බවත් ඔහු පවසයි.

කෙසේ වුවත් ජනතාවට ලබාදී ඇති ලිහිල් කිරීමෙන් හේතුවෙන් වෛරසය සමාජ ව්‍යාප්තිය වැඩි වී ඇතැයි පැවසූ ඔහු රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුල ජනතාව තත්ත්වය සමබරව පවත්වා ගත යුතු බවද කියා සිටියි.

ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ආසාධිතයන් ඉහළ ගොස් මෙරට ආර්ථික සමාජයීය කටයුතු වලට සීමාවන් ඇති කිරීම නොවැලැක්විය හැකි කරුණක් වීමට ඉඩ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

74,060 views

7 Comments to “කොරෝනා වක‍්‍රය යලි ඉහලට.. නැවතත් දැඩි සීමා…?”

  1. Unlimited Fun says:

    PHI මල්ලිලාට තමා දැන් උද්ඝෝෂකයන්ගෙන් රාජපක්ෂලාව බේරා ගන්න වෙන්නේ.

  2. Viraj says:

    ගුරු මවුනි, පිය වරුනි. බොහොම ස්තුතියි, නුඹලා බහුතරයකගේ නියම ස්වභාවය පෙන්නුවාට.

  3. Jayashantha says:

    සිඩ්නි රෝගීන් 177
    මාසයක් lockdown
    උන් දන්නවා virus එකෙ spread උනාම කන්න වෙන පරිප්පුව

    • Hi says:

      ලංකාවේ ජනයා කොටස් 5කි. ටොය්යා බය්යා
      බය්යා 3%ජනයා හා ජාතිවාදි ආගම් වාදී පක්ෂ හා හෙලයන්.
      මේ අය තම තමන්ට ඕනෑ විදියට කොරෝනා සදහා සූදානම් වෙයි.
      ඒ අතර තුර කොරෝනා ඌට ඕන හැටියට ලංකාවට වැඩේ දෙයි.
      NSW(Sydney) වල health officials ට ඕන විදියට නෙ වැඩේ වෙන්නෙ.
      ලංකාවේ වගේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්නෙ නැහැනේ.

  4. Sri Lankan says:

    The sole reason is the negligence and high handed attitude of most of the stupid people.

  5. Felix says:

    Mee Okkoma Baila…. Minissu Kiyana Dee Ahanne Nehe…. Rajayata Banala Wedak Nehe…. Ekko (Maasayakata (one Month) Mulu Ratama Wahanna One…… Nathinam….Mee Yana Widiyata Yanna Denna Marena Un Marunawe…. Mun Kiyana Dee Ahanne Nehe….

  6. කුඹුක්කණ් says:

    වාර්තා තියමින් එන්නත් ගහනවා
    කොරෝනා වක්‍රය ඉහලට

    මොන ලබ්බක්ද යකෝ එන්නත් වලින් කරන්නෙ එතකොට.
    රජයේ සල්ලි කන එක ඇර

    ආණ්ඩුව , පැකනිල් සජියා
    ලැට් අනුර
    ඔක්කොම එන්නත් ගහන පැත්තෙනෙ

    උඹලා ඔක්කොම ධනවාදෙ පෝෂණය, ඖෂධ සමාගම් පෝෂණය කරන්න මෙහෙ උන්ගේ මතය හදන උන් නේ බං

Main News