කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

April 15, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

අද පැතිරෙන ආකාරයේ ගෝලීය වසංගතයක් 2020-2025 අතර ඇතිවන බව 2008 වසරේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය 2008 වසරේදීම පුරෝකථනය තිබු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනකින් දක්වා ඇත. පහත දැක්වෙන්නේ එම සටහනයි.

ඉදිරියට සිදු වෙන දෑ දැන ගැනීමට අප සියලු දෙනා තුළ ඇත්තේ කුහුලකි. එවැන්නක් නිවැරදිව පැවසිය හැකි ක්‍රමයක් වේ නම් එය ආශ්චර්යයකි. මිනිසුන් ගොඩ නැගූ ප්‍රවාද (theory) ඔස්සේ විවිධ පුරෝකථන සිදු වේ. යම් සීමාවලට යටත්ව වුව ද නිව්ටෝනීය භෞතිකය පුරෝකථන කිරීමෙහිලා සාර්ථක නිසා එයට අධිපතීත්වයක් ලැබී ඇත. ජ්‍යොතිෂය වසර දහස් ගණනක් පුරෝකථන ඉදිරිපත් කළ දැනුම් පද්ධතියකි. අංග ලක්ෂණ විද්‍යාව, නාඩි වාක්‍ය, අඳුන බැලීම පුරෝකථන ඉදිරිපත් කරන තවත් දැනුම් ය. මේ හැරුණු විට ආධ්‍යාත්මික දියුණුව ඔස්සේ අනාගතය දැකීම සහ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගේ උපකාරයෙන් පුරෝකථන ඉදිරිපත් කිරීම ද පෙරදිග ප්‍රචලිත ක්‍රමවේද වේ. මේ කවරකින් නමුත් ඉදිරියේ සිදුවන යමක්, සිද්ධියක් ගැන නිවැරදිව පැවසිය හැකිනම් එයට ප්‍රබල ආකර්ශනයක් හිමි වේ.

අප දන්නා ඉතිහාසයේ ප්‍රබල අධිරාජ්‍ය, රාජ්‍ය සහ ඒවායේ පාලකයන් අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාව තිබු විවිධ දැනුම් පද්ධති සහ එවන් හැකියාව තිබූ පුද්ගලයන් සමීපව ඇසුරු කර ඇත. ඇතැම් පුද්ගලයන්ට එවන් හැකියාව කවරනම් ක්‍රමයකට ලැබුනේදැයි අපැහැදිලි නමුත් තීරණ ගැනීමෙහිලා ඔවුන් දක්වා ඇති දායකත්වය සුළුපටු නොවේ.

අද ලෝකය මුහුණ දෙන කොරෝනා වසංගතය ගැන මේ කවර හෝ ක්‍රමයකට කල් වේලා ඇතිව පුරෝකතනය කිරීමේ හැකියාවක් නොතිබිනි ද? “මේ වසර තුළ මහජනතාව පීඩාවට සහ පුදුමයට පත්වන, විවිධාකාරව පැතිරෙන සොයා ගැනීමට අපහසු රෝග පීඩා ඇතිවන බව ජ්‍යෝතිෂවේදීන් කිහිප දෙනෙක්ම පසුගිය වසරේ අග භාගයේ අනාවැකි පළ කර තිබුණි. විවිධ ආධ්‍යාත්මික ක්‍රම මගින් ලැබුණු පණිවිඩ මගින් යම් ප්‍රබල රෝග ව්‍යසනයක් ඇතිවන බව දැනුවත් වුවද එය නිශ්චිතව කුමක්දැයි දැන ගැනීමට අපට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් නිශ්චිතම පුරෝකථනය සිදු කර තිබුනේ ඇමරිකානු එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය (National Intelligence Council-NIC ) මගිනි. 2008 වසරේ ඔවුන් නිකුත් කළ Global Trends 2025: A Transformed World නම් සවිස්තර වාර්තාවක මේ පුරෝකථනය දැක් වේ [මෙය දැන් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි]. NIC වරින් වර මේ ආකාරයේ වාර්තා සකස් කරයි. එමගින් මූලිකව ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉදිරි වසර 15-20 ලෝකය තුළ ඇතිවන ප්‍රවණතා, ප්‍රශ්න, ඇ.එ. ජනපදයට සහ බටහිර ලෝකයට එල්ල වන අභියෝග සහ ඒවා ජයගෙන තව දුරටත් ලෝක බලවතා ලෙස ඇ.එ. ජනපදය රැදී සිටින්නේ කෙලෙසද යන්න සාකච්ජා කිරීමයි [ලංකාවේ ඇතැම්හු බටහිර ලෝකයක් ඇත්තේ කොහේදැයි ප්‍රශ්න කළ ද western world, traditional Western alliances, western liberal model, western order වැනි යෙදුම් මේ වාර්තාව පුරා දක්නට ලැබේ].

මේ වන විට Global Trends 2030 සහ Global Trends 2035 පුරෝකතනද NIC සකස් කර හමාරය. මෙවැනි පුරෝකථන සකස් කිරීම සිදුවන්නේ බුද්ධි මණ්ඩලයකින් බව පැවසුවද එහි සාමාජිකත්වය කුමක්දැයි NIC හෙළි නොකරයි. ඔවුන් පවසන ඇතැම් පුරෝකථන පවතින දැනුමකින්, සාක්ෂි, දත්ත, තොරතුරු මත ඉදිරිපත් කළ නොහැකි ඒවාය. නමුත් ඒ පුරෝකථනය ලැබුනේ කෙලෙසද යන්න ඔවුන් හෙළි නොකරයි. 2008 වසරේ සකස් කළ Global Trends 2025 පරිච්ජේද 7 කින් සමන්විතය. එහි 5 වන පරිච්ජේදය යටතේ 75 වන පිටුවේ මාතෘකාව Potential Emergence of a Global Pandemic යනුවෙනි. එනම් “ගෝලීය වසංගතයක් ඇති වීමේ විභවතාව” යනුවෙනි. එහි දැක්වෙන්නේ 2025 වසර වනවිට ඇතිවිය හැකි ගෝලීය වසංගතයක් ගැනයි. එවැන්නක් ගැන අනාවැකි පළ කිරීම අරුමයක් දැයි යමකුට සිතෙන්නට පුළුවන. එහෙත් වසර 12 කට පෙර ඉදිරිපත් කළ මේ පුරෝකතනයේ දැක්වෙන්නේ,

-නව, ඉතා පහසුවෙන් එකිනෙකා අතර පැතිරෙන ශ්වසන පද්ධතියේ රෝගයක් නිසා මේ ගෝලීය වසංගතය ඇති වේ.

-H5N1වැනි වෛරසයක් ජාන වෙනස්කමකට භාජනය වී මෙම තත්වය ඇතිවිය හැකි අතර කොරෝනා හෝ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් ද මේ සඳහා මුලික විය හැක.

-එවන් වසංගතයක් අධික ජන ඝනත්වයක් ඇති, මිනිසුන් සහ සතුන් අතර සමීප සබදතා පවතින චීනය හෝ අග්නිදිග ආසියාතික රටකින් මතුවිය හැක.

-වෛද්‍ය අංශවල ප්‍රමාදය නිසා නිසි හදුනා ගැනීමකින් තොරව සති ගණනක් ගතවිය හැකි අතර එම කාලය ගෝලීය වසංගතයක් ඇති වීමට ප්‍රමාණවත්ය.

-ඇමරිකානු එක්සත් ජනපදය තුළ මිලියන සිය ගණනක් මේ වෛරසයට ගොදුරු විය හැකි අතර කෝටි ගණනක් ඇමෙරිකානුවන් මිය යා හැකිය.

Global Trends 2025 වාර්තාව සකස් කිරීමේ මුලිකත්වය ගෙන ඇත්තේ මැතිව් බරෝව් ය. ඔහු යුරෝපීය ඉතිහාසය ගැන කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය උපාධිධාරියකුය. බරෝව් අනාගත පුරෝකථනය පිලිබඳ ඇ.එ. ජනපද බුද්ධි අංශ සතු දක්ෂම පුද්ගලයා සහ ඉහලම උපක්‍රම විශේෂඥයකු ලෙස සැලකේ.

මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම සකස් කළ Global Trends 2025 වාර්තාවේ දැක්වෙන ගෝලීය වසංගතයක අවදානම පිලිබඳ පුරෝකථනය වත්මන් පාලකයන් නොසලකා හැරීම ගැන ඇ.එ. ජනපද ජනධිපති ඩොනල්ඩ් ටම්ෆ් විවේචනයට ලක්වී ඇත. මේ ආකාරයටම 2017 වසරේ ඇමරිකානු වසංගත රෝග විශේෂඥයකු වන මයිකල් ඔස්ටර්හෝම් සහ මාක් ඔල්ෂකර් රචනා කළ “Deadliest Enemy: Our War Against Killer Germs” කෘතියේද මෙවන් ගෝලීය වසංගතයක අවදානම ගැන සාකච්ජා කර ඇත.

දැන් අපට ඇති ප්‍රශ්නය මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම 2008 වසරේදී මෙවන් ගෝලීය වසංගතයක් ගැන ඉතා නිවැරදිව අනාවැකි පැවසුවේ කෙලෙසද යන්න සහ එම අනාවැකි වත්මන් ඇ.එ. ජනපද පාලකයන් නොසලකා හැරියේ මන්ද යන්නයි. Global Trends 2025 වාර්තාවේ දැක්වෙන දේශපාලන, ආර්ථික සහ යුදමය පුරෝකථන බොහොමයක් මේ වනවිට එලෙසම සිදුව ඇත. ඒවා දේශපාලනය, ආර්ථිකය සහ යුද විශේෂඥයන්ගේ බුද්ධිමත් අනුමාන කිරීම් බව කෙනකුට තර්ක කළ හැක. එහෙත් ඉතා දුර්ලභ මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ගැන ඔවුන්ගේ [නිවැරදි] පුරෝකථනය අභිරහසකි.

– චන්න ජයසුමන FB

92,343 Viewers

32 Comments to “කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..”

  1. Mangala says:

    USA වැනි ප්‍රබල රාජ්‍යයක් තොරතුරු දැනගෙන ක්‍රියාමාර්ග නොගත්ත එකේ. පාස්කු ප්‍රහාරය ගැන අපට චෝදනා කිරීම වැරදියි.

    • කිරිමෙල් says:

      ඒක තමයි. ඒත් ඒ රටවල් දියුණු වෙත්දි අපි නැත්තෙ අැයි කියන එකට කාටද අැඟිල්ල දික් කරන්නෙ?
      අපේ ප්‍රශ්නෙ තමයි තම තමන්ගෙ වගකීම් ඉෂ්ට කරනව වෙනුවට නිදහසට කරුණු සෙවීමත්, එක එක්කෙනාට අැඟිල්ල දිගුකිරීමත්.

      • sandun dhammika says:

        We need CIA Sri Lanka branch here.
        We need CIA and US intelligence help.
        We better handover the country to US CIA.

    • nimal says:

      ekama thamai mepara uneth dena dena anuna

    • Kadiya says:

      ඇමෙරිකාව ඉදිරියේ තිබුනේ (prediction) අනාගත වාක්‍යක්. 2020 – 2025 කාලයේ අවරුදු 5 ක් තුල සිදුවන. නමුත් අපේ රටේ මෝඩ රාජ්‍ය නායකයන්ට 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුනේ අංග සම්පුර්ණ නම්, ප්‍රහරකයන්ගේ දුරකථන අංක ඇතුලත් බුද්ධි තොරතුරු වාර්තාවක්. ඔය දෙක අතරේ වෙනස ඔලුවක් තිබුනට මොලයක් නැති අයෙකුට තේරුම්ගන්න අපහසුයි.

    • ටොයිබයියා says:

      ඔව් ඔව්! අපි ඒ අයගේ ෆාලොවර්ස් නෙ.ඒකනේ ඒ විදියට කලේ

  2. Don sarath rupasiri says:

    Western countries use this epidemi to get rid of the old and the sick. Economy will flourish after this.

    • B. Gates says:

      Only lesson has to be learned due to the this Virus is Limits (distance ) of urbanization ., globalization and human relations.

  3. GAJABA WALIMUNIDEWA says:

    If the content is going to kept secret, what other countries have to do is to be watchful, observant and analyse what USA is doing and preparing themselves for. I mean other than their arms race and planet explorations. For instance whether they pay extra attention for growing crops, their methods and so on could give other countries some hint. They are exploring about possibilities to live in other planets. May be another futuristic plan after destroying earth.

  4. ධනූ says:

    2011 වර්ශයේ තිරගතවී box office වාර්ථා තැබූ ” Contagion ” චිත්‍රපටිය පවා මෙබඳු ගෝලීය වසංගතයකට සූදානම්වීමේ මනෝභාවයන් සකස්කර දුන්නා. නමුත් සංකීර්ණ ආර්ථික ප්‍රතිපත්ති ඇති රටවල් වලට මෙය ඉතාමත් දුෂ්කර අභියෝගයක්. “දියුණුවේ නොදියුණුව ස්වභාවිකව දියුණුවේ” කියලා අපේ මුතුන්මිත්තෝ කියන්නේ ඒකට තමයි.

  5. Sumith says:

    Excellent article. Thanks prof

  6. විමල් හු.ඇන්.පි. ඇලජික් says:

    බටහිරට ගැති නොවි… ලංකාවේ විදියට හිතපන් …. යැංකි රනිල් නොවී

  7. Rotipihan says:

    When you think about it, it isn’t very difficult for a learned epidemiologist to make this prediction. Two major diseases that appeared from nowhere and killed lots of people (MERS and SARS) in the last two decades are all viral diseases, specifically viruses causing severe respiratory illness. Predicting it would be another virus responsible for respiratory illness isn’t surprising, Prof Jayasumana. Also, you just have to examine the recurrence pattern of similar diseases to guess when the next one could resurface. There, I answered your question.

  8. Lal -Deniyaya Walavwa Hotel says:

    Utter lies. That report is BS.

    Lal – Deniyaya

  9. බය්යා says:

    නව මානයන් කෙරේ යොමුකරවන වටිනා ලිපියක්. නමුත් චන්න ජයසුමන මහත්තයා ඔබ කියන western world, traditional Western alliances, western liberal model, western order සෙලවීමකට ලක්වුණ මොහොතක් නේද මේක. අපිට මේ මොහොතේවත් අපි හසුවෙලා තියන “වෙළද සහ නොයෙක් ගිවිසුම්” වලින් නැතිනම් මේ උගුල් (western liberal model එක අපව මෙහෙයවන මෙවළම්) වලින් ගැලවෙන්න ක්‍රම සහ සුදුසු මිනිසුන් අප සතුද?ඒ ගැනත් සිතිය යුතු මොහොතක්.

  10. Lakcha says:

    අපේ GMOA එකේ සෙට් එක එහෙත් ඇති නේ

  11. sam says:

    Obama has answered those questions, why countries do not invest to avoid epidemics.

  12. Disce ammata discede says:

    Indirectly he is telling USA is in contact with God Naatha !
    God Natha is famous for disclosing these things to humans. Even Dr Padeniya is too talking with Naatha deyiyo.

  13. sumith says:

    His explanation is excellent, NIC may be having extraordinary team of intelligent people such as mind readers who can foreseen the world.

  14. m ahinda says:

    Trump is similar to people who did not care the PASKU ATTACK Information

  15. david milibanda says:

    This will open our eyes on Forward planning and its importance.
    Now Sri lankans are thinking, researching and inventing. Thanks to Corona.
    Even the flowers are blooming and will experience a bountiful fruit harvest.

  16. Alapaluwa says:

    චන්න ජයසුමන මහාචාර්යතුමා කලින් දවසක ෆේස් බුක් එකේ දාල තිබුනේ එතුමා ඉස්කෝලේ යන කාලෙ පත්තරේකට ලිව්වා කියල මේ වකවානුවේ අබිරහස් වයිරසයක් පැතිරෙනවා කියල. එතකොට ඇමරිකන් බුද්ධි අංශ මෙව්වා ගැන හිතලවත් නෑ.
    අන්න නියම වියතෝ!

    • සපුමල් කුමාර says:

      ඔව් ඒක හරි. 2003 වර්ෂයේ විදුසර පුවත්පතට එතුමා “චීන ඒඩ්ස්” කියල විද්‍යා ප්‍රබන්ධයක් ලියුව. ඒකෙ තිබුනේ මේ වගේ අසනීපයක් ගැන. පස්සේ එම ප්‍රබන්ධ ගොඩගේ ප්‍රකාශකයන් පොතක් ලෙස පළ කළා. ඒ පොතේ ” සිංහල බෞද්ධ විද්‍යා ප්‍රබන්ධ”

  17. Sugath says:

    with due respect Dr Jaysumana, this is nothing new for persons who are engaged in Business continuity planning. Pandemics are one of the scenarios. Even WHO expected a new virus having the combined capabilities of SARS and H1N1 during 2017 – 2020

    these predictions are based on mathematical modelling. Not based on conspiracies

  18. ලක්වැසියා says:

    කාල තරනයද? නැතිනම් අධිමානසික පරීක්ෂණ ඇතුලු ගුප්ත ක්‍රමවේද යොදාගෙනද? මොනව උනත් ලෝකයේ බලවත් රටවල් හැම එකකම වගේ බුද්ධි අංශ, අධිමානසික ක්‍රම වේද හා ගුප්ත ශාස්ත්‍ර යොදාගන්නව තොරතුරු ලබාගන්න.

  19. Corona says:

    Long before this, the blind mystic Baba Vanga and Nostradamus had predicted and warned about this virus as world pandemic. The National Intelligence Council would have found some reliability of those two predictions and published!

  20. sena says:

    ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් ආරක්ෂාවත් බැල්මත්තියෙනවා තියෙනවා
    මේ මොහොතෙම බුද්ධදර්මය සත්ත වුහැටි බලන්න ලෝකයෙ සුපිරිම පොලිස්කාරයාවන ඇමරිකාවටත් දම්මදිට්ටි කර්මය පලදුන්න හැටි බලන්න

  21. sena says:

    මේ මොහොතෙම බුද්ධදර්මය සත්ත වුහැටි බලන්න ලෝකයෙ සුපිරිම පොලිස්කාරයාවන ඇමරිකාවටත් දම්මදිට්ටි කර්මය පලදුන්නා
    එහෙනම් ඈ