කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි..

October 30, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි..

මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.

61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

52,259 views

9 Comments to “කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි..”

  1. Praneeth says:

    කොරොනා වට්ටුට 26 ආව කෙනාගේ තවම PCR කරල නෑ කියන එකද අපිට හිතා ගන්න වෙන්නේ

    • Dubba says:

      සම්පූර්ණ ඇත්ත. උන සහ කැස්ස කොරෝනාවේ මූලික රෝග ලක්ෂණව තිබියදී ඇයට (දින හතරක් තුලත්) මැරෙන තෙක් පරීක්ෂණයක් කර නැහැ.

  2. nuwan says:

    කොරෝනාවෙන් ඇති වූ තවත් සුවභාවික මරණයක් . ලොව කිසිවෙකුට කොරෝනාවට කළ හැකි දෙයක් තවම නොමැත . අප රටේ තත්වය තවමත් ලෝකයට සාපේක්ෂව ඉතාමත් හොඳවිම ඇත්තටම අප ලැබූ ජයක්ග්‍රහණයක්

  3. Randa says:

    මීඋණ (වහල් බයියෙක් තමයි මටත් කිව්වෙ)😂😂👉🤣

  4. ගයාන් කරුණාතිලක says:

    අපෝ මේක ස්වභාවික මරණයක්. මැරිච්ච හැම කෙනාම කොරෝනා වයිරසය පිටින් දාල ලංකාව අන්තර්ජාතිකව අපකීර්තියට පත් කරන්න ඊනියා ජිඑම්ඕ දොස්තරලයි නර්ස් ලයි සෙට් වෙලා ඉන්නේ. අපේ සවුක්‍ය ඇමතිතුමිය මේ හැම දෙයක්ම පාලනයකින් යුතුව කරගෙන යන්නේ. ඇත්තෙන්ම අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ මරණ ප්‍රතිශතය ඉතා අවමයි. 0.00001 %. මේක තේරෙන්නේ නැහැ නුගත් ළිං මැඩියන්ට. මීට පස්සේ ගොඩක් අමාරුවක් නැත්නම් මිනිසුන්ට නිවසේ ඉදන්ම ප්‍රතිකාර ලබාගන්නා ලෙස දැනුවත් කල යුතුයි. නැත්නම් පොඩි ප යක් ගියත් ඉස්පිරිතාලෙට දුවන් එන එක තමා පුරුද්ද. එහෙම නිකරුනේ රෝහල් ගතවන අයගෙන් ගාස්තුවක් අය කල යුතුයි. හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක් ඇත්නම් පමණක් රෝහල හෝ වයිදයවරයා දැනුවත් කල යුතුයි. එසේ නොහැකි නම් රෝහල් ගත නොවී ලඟම ඇති මල් ශාලාව අමතා පෙට්ටියක් වෙන් කරවාගෙන පැන් වඩාගන්න . නිකරුනේ මෝචරි වල මිනී ගොඩ ගැසීමෙන් වළකිමු.

  5. දොස්තර හොඳ හිත says:

    කොරෝනා වාට්ටුවට දැම්මේ කොරෝනා කියල නොදැනද ?

  6. ක්‍රිමිනල් says:

    කොරොනා වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නේ කොරොනා රොගීන් නෙමෙයිද ? දැන්වත් බොරුව නවත්තලා මිනිස්සුන්ට ඇත්ත කියන්න , මිය ගිය පුද්ගලයන්ගේ ඥාතින්ට අයිතියක් තියෙනවා තමන්ගේ ඥාතියා මිය ගියේ කොහොමද කියලා දැනගන්න.

  7. On The Spot says:

    කොරෝනා වාට්ටුවේ කොරෝනා පිලිබඳ පරීක්‍ෂණ කරන්නේ ලෙඩා මලායින් පසුවද​?වැඩේ හොඳයි ලෙඩා මලත් බඩ සුද්දයි.

  8. senanayake says:

    sri lanka has invented a unique way to reduce corona death ratio. after corona patient die, do a PCR test and follow a corona funeral.then the test result shows negative and we are always number one one in the world. Ane …ke nannane

Main News