කොරෝනා වාතයෙන් පැතිරෙන කතාව බොරුවක්… ආණ්ඩුවේ වැරදි වහගන්න බොරු කියනවා..

April 25, 2021 at 11:20 am | lanka C news
කොරෝනා වාතයෙන් පැතිරෙන කතාව බොරුවක්… ආණ්ඩුවේ වැරදි වහගන්න බොරු කියනවා..

කොරෝනා වෛරසය වාතය හරහා පැතිරෙන බවට මෙරට සිදුවන ප්‍රකාශයන අසත්‍ය බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් පල කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්!

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොරයි. කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් ඔහු වකවානුවේ සිට බොහෝ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්‍රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.

කොරෝනා වාතයෙන් පැතිරීමේ අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ “එයර් බෝන් වසංගතයක්” කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.

නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්‍රලාපයක් වන අතර, ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්‍ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්‍රතිඵල කියන්නට හදිසිවී තිබේ. ශ්‍රී ලංකාව තුල ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්‍රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්‍රතික්‍රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත. PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්‍රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් ප්‍රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.

හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ “එංගලන්ත ප්‍රභේධයට” සමානකම් පවතින නමුත් එය ශ්‍රී ලංකාව තුල පවතින බව අවථා කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.

එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව, රටට නව ප්‍රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්‍රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.

52,991 views

40 Comments to “කොරෝනා වාතයෙන් පැතිරෙන කතාව බොරුවක්… ආණ්ඩුවේ වැරදි වහගන්න බොරු කියනවා..”

  1. Rakitha says:

    Media issarahata awilla porak wenna hadanawa. Professor Malawi thamai kiwwe Ehema ekak. Meya AL witharak karala professional kenekta Ehema kiyanne kohomada. Me wage mee harakge katha media wala daala me wage aya porawal karana ayata thamai gahanna one.

  2. උපාසක says:

    මහාචාර්ය වරියක් පර්යේෂණ කරලා හොයාගත්ත දේද, දේශපාලන වෛරය පිරිමහගන්න කාගෙවත් බත් බැලයෙක් කියන දේද දැන් මහජනතාව පිළිගන්න ඕන. දේශපාලන භේද පැත්තකට දාලා රටක් විදිහට එකතු වෙන්න ඕන වෙලාවක මේ කාලකණ්ණි දේශපාලන එදිරිවාදිකම් පිරිමහන්න හදනවා. ලැජ්ජයි….

  3. mali says:

    who is this medical lab technician talking about disease spread vaccine efficiency etc.He may be thinking that we all are SJB idiots who is there to swallow all the bull shit of their party.
    All these channels should have a duty to promote the credible people who have the authenticity to say something important to the general public not like these Rajitha gang MLT s or male nurses. They should know their capacity rather than becoming jokers

  4. Manel says:

    Read this. This month, studies in three prominent medical journals — the Lancet, the British Medical Journal and the Journal of the American Medical Association – each made the case that aerosols are the dominant mode of transmission of COVID-19 and that improved ventilation will help keep us safe.

  5. On The Spot says:

    ජනතාවට බොරු කියා ඔවුන් නොමග යවන මේ කිඹුල් පෝතකයා ගැන හොයා බලව්.මේ කිඹුල් වලේ මහ වෙදාගේ දත් මදින පෝතකයෝය​.පරිස්සම් වෙයව්.

Main News