කොරෝනා වැඩිම කොළඹින්.. 25යි.. කළුතර 15යි… අද වාර්තාව මෙන්න…

March 27, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වැඩිම කොළඹින්.. 25යි.. කළුතර 15යි… අද වාර්තාව මෙන්න…

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු අද වන විට වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලමෙන් 09ක් ලෙස දිස්ත්‍රික්ක වශයෙන් ආසාදිතයන් වාර්තා වෙයි.

අද නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

355 views

4 Comments to “කොරෝනා වැඩිම කොළඹින්.. 25යි.. කළුතර 15යි… අද වාර්තාව මෙන්න…”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අනික් රටවල් එක්ක බලද්දි තවමත් අපේ රට වාසනාවන්තයි කියලා හිතෙනවා.. හැබැයි ඒ හැම රටකම මුලින් තිබුනෙ මේ විධිහට… පහු පහු වෙන්න තමා ගාන ඩබල් ට්‍රිබල් වෙන්න පටන් ගත්තෙ.. අපේ රටට එහෙම වෙන්ට එපා කියා ප්‍රාර්ථනාකරන ගමන් ගෙදර ඉම්මු…

  2. Ranasighe says:

    දිස්ත්‍රික්ක මට්ටමෙන් නොව ප්‍රාදෙශිය ලේකම් කොට්ටාශ විදිහට හදන්න
    උදාහරන ලෙස මීරිගම දිවුලපිටිය හෝමාගම, අවිස්සාවේල්ල වැනි දුරින් ඇති පෙදෙස් වල රෝගින් නැතිනම් ඒ සදහා අඩු බල පෑමක් කල හැකි අතර රජයට සහන බෙදීමේ යාන්ත්‍රනය කාර්යක්ශම කල හැක

  3. Kadiya says:

    දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඔය නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න 34 වන තහවුරු කල කොරෝනා රෝගීන් කුමන රටකින් ආව අයවලුන්ද සහ මොන රටේ පුරවැසියන්ද කියල. මොකද ලංකාවේ ඊයේ වෙනකොට හමුවී ඇති 106 වන කොරෝනා ආසාදිතයන් අතරින් 34 කියන්නේ 32% ක්. අර්ධ සත්‍ය කියවන කට හැකර මොට්ටයෙක් බ්ලොග් එකක කියවන අර්ධ සත්‍ය පිළිබඳව ජනතාවට තේරුම් ගන්න ඒ තොරතුරු උපකාරී වෙයි. ඒ සඳහා ගොබල්ස්ගේ මුලධර්ම වන පහත සමීකරණයත් ප්‍රයෝජනවත්. බොරු< පට්ටපල් බොරු< අර්ධ සත්‍ය

  4. wasantha says:

    කල්මුනේ දිස්ත්‍රික්කයක් උනේ කවදා ඉඳන්ද? මාරුයි

Main News