කොරෝනා වැඩිවෙනවා.. තත්වය සුළුවෙන් තකන්න බෑ..

November 4, 2021 at 11:20 am | lanka C news
කොරෝනා වැඩිවෙනවා.. තත්වය සුළුවෙන් තකන්න බෑ..

ඇතැම් දිස්ත්‍රික්ක වල කොරෝනා ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

වර්ධනය වන තත්වය සුළුවෙන් තැකිය නොහැකි බව ද පැවසූ ඇය ජනතාව මූලික සෞඛ්‍ය නීතිවලට අනුගත ව කටයුතු නොකළහොත් ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ද පැවසුවාය.

දැනට ආසාදිතයන් වාර්තාවීම 500 මට්ටමේ පැවතුනත් සෞඛ්‍ය නීති අනුගමනය නොකරන්නේ නම් එම සංඛ්‍යාව 1500 ඉක්මවා යාමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද ඇය කියා සිටී.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ජනතාවගේ හැසිරීම් මත බවද ඇය තවදුරටත් පැවසුවාය.

24,142 views

5 Comments to “කොරෝනා වැඩිවෙනවා.. තත්වය සුළුවෙන් තකන්න බෑ..”

  1. Power says:

    දැන් ගොඩක් අයට කොරෝනා කියලා වෛරස් එකක් අපේ රටේ තිබ්බද කියලත් අමතක වෙලා. ඇයි ඉතින් එන්නත් ගහලා Full Protected වෙලානේ ඉන්නෙ. 😂🤦

  2. Aanduwa says:

    Ithin ubala pcr rat karana eka nawattapanko. Sudarshani ubata ba nam amatikamen pala

  3. හරිම කතාවක් says:

    තව වැඩිවෙනව කියල ඉතුරු ටිකටත් බෙහෙත් විද්දන්න මේ අම්මන්ඩිල හදන්නෙ.

  4. හරිම කතාවක් says:

    උබල බොරු කියල ඔය කරුම එන්නත රටටම විද්දපල්ල. ඕක ගත්ත ගත්ත එකාට එකෙක ලෙඩ. කොරෝන හැදන හැම එකාම මැරෙන්නෙ නෑ. හැමෝම ඕක විදගන්න ඕන නෑ. බාගෙට පරීක්ෂා කරපු බෙහෙතක්. දිගු කාලින සංකුලතා දැන් දැන් මතු වෙනව.

  5. JH urumaya says:

    අපිද මිනිස්සු ගෙන්නලා පක්ෂ සම්මේලන කියන්නෙ…..

Main News