කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

February 19, 2020 at 6:32 am | lanka C news
කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඇය අද දිනයේ රෝහලෙන් නිදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මසකට ආසන්න කාලයක් අංගොඩ උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ඇයට අවසන් වරට සිදු කරන ලද සියළු සායනික පරික්ෂාවන්හිදී කිසිදු වෛරස් ආසාදිත තත්ත්වයක් නැති බව සහතික කර ගෙන ඇත.

ඒ අනුව ඇය අද දිනයේ ඇය රෝහලින් පිටත් කර යැවීමට තීරණය කර ඇත.

11,663 Viewers

3 Comments to “කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..”

  1. සරා says:

    නියමයි.

  2. ජේ.J says:

    අනේ වාසනාවන්…..

  3. Love nature says:

    පිරිතේ බලය සාදු සාදු සාදු

Main News