කොරෝනා විසදුම එන්නත පමණයි.. එතෙක් ජනතාව සෞඛ්‍යාරක්‍ෂිතව ඉන්න.. රට වසා දමන්නේ නෑ…- ජනපති

April 25, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා විසදුම එන්නත පමණයි.. එතෙක් ජනතාව සෞඛ්‍යාරක්‍ෂිතව ඉන්න.. රට වසා දමන්නේ නෑ…- ජනපති

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇත. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.

කොවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අදහස් කරයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

35,659 views

38 Comments to “කොරෝනා විසදුම එන්නත පමණයි.. එතෙක් ජනතාව සෞඛ්‍යාරක්‍ෂිතව ඉන්න.. රට වසා දමන්නේ නෑ…- ජනපති”

  1. Gon athal says:

    Apita one… Pani…vaccine epa…
    Pani hondai….🤣🤣🤣😂
    Derene Pani koooo….

  2. New helaya says:

    Me wage ewa ahanna, ape lankawe inna api kochchra paw karala da….lankawe hela beheth thiyenawa.. Namuth American gihilla apu Un hithanne Un thama okkoma danne kiyala.. Lankawe unta danwath ratata galapena nayakayek path karaganna wasanawa labewa..

    • Nalin says:

      Ehema nam ithin dhammika pani bass hari ritigala hora kondayawa hari thamayi thopita path kara ganna wenne. 😀

  3. දේශ් ප්‍රේම් says:

    ගරු ජනදිපති තුමනි, සිදුවන හැමදේම අපි හොඳින් බලා සිටිනවා. කොරෝනා සම්බන්ධයෙන්ද එසේමයි. දෙවතාවක්ම කොරෝනා රැළි දෙකක්ම ඔබ රටට හිතැති නියම නායකයෙකු ලෙස හොඳින්ම පාලනය කලා. ආර්ථිකය කාබාසිනියා කර බාරදුන් රටක් මේ අන්දමින් සාර්ථක ලෙස මෙතෙක් කරගෙන ආ අන්දම පිලිබඳ අප පසුවනුයේ සතුටිනි. අද
    තොත්ත බබාලා මෙන් ආණ්ඩුව තුලට වැදීගෙන අපට සලකනවා මදියැයි කියමින් පිස්සු කෙලින මහ පඹයා ප්‍රමුඛ SLFPය ඇතුළු යහපාලන නඩය සිටියේනම් විය හැකිව තිබූ දේ ගැන සිතා ගැනීමටවත් නොහැකිය. මහා වියතෙකු ලෙස ලෙස රඟපෑ මෝඩ ගොං සජිතා මැතිවරණ දේශපාලන වේදිකාවට පැමිණි සැණෙකින්ම SLFP පඹයාටත් වඩා ගව් ගණනක් පසු පසින් සිටිනා මෝඩ ගොං මැටිමෝලෙකු බව තවම නොතේරී ඇත්තේ Unp මෝඩ සුළුතරයට පමණි.
    කෙසේ වෙතත් කොරෝනා ප්‍රශ්ණයේදී මෙවර ඔබ ගත් තීරණය අපි අගය කරමු.දැං ලොක් ඩවුන් කලා හොදටම ඇතිය. මජනතාවට මේ තරම් හිතැතිව සලකපු රටක් අපිනම් දන්නේ නැත. එලෙසම මහජනතාවටත් සලකන්න සලකන්න නැවත නැවත කොරෝනාවේම ලැගගෙනම හිදිමින් නීරෝධායනයේම සමවදින්න සිටිනා පිරිසක්ම බවද අකමැත්තෙන් හෝ කිවයුතුය.තමන්ගේ යුතුකම තඹ පයිසෙකට මායිම් කරන්නේ නැත. නුවරඑළි යයි, අවුරුදු කයි. ශොපිං යයි. දවස් හතේම නිවසින් බැහැරව සිටින්නට කාරණාය. කොවිඩ් ඇල්ලූවිට නීරෝදායනයේය. අපි හදාගත්තාම උඹල කොරන්න ඕනය කියන ආකල්පයේය. හැදෙන වුනට නම් දැනට ඉංදියාවේ සිදුවන දේ පිලිබඳව විනාඩියක් හිත යොමුකලත් ඇතිය. ජනාදිපති තුමනි දැං වැඩි වැඩියෙන් රටේ ආර්ථිකය ගැන සිතන්න.

    • catseye says:

      DESH PREM……………….api hina wenna ona kohenda kiyalath oya gamanma kiyannakoඑකක් මම කියන්නම් …….ඔය අනිත් පළාත් වලින් නුවරඑලියට ගිහින් ඉන්න එවුනුත් එක්කම ඔය පළාත ලොක් ඩවුන් කරන්න ඕන මාස 3 කට ……….ආයේ ගමට ගන්න හොඳ නැහැ සැහෙන කාලෙකට ……උන් නටල ඇවිත් මුළු ගමම වනසයි

  4. විරෝදාර says:

    යකො රට වහන්නෙ නැතිව ජාතික හුමාලය ඇල්ලීමේ සතියක් රාජ්‍ය අනුග්‍රයෙන් ක්‍රියාත්මක කරපියව්

  5. Ravana parapura says:

    කෝරානා මඩින බටහිර බෙහෙත් නෑ.. පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පංගුවට රට පුරා වාර්තාගත ඉල්ලුමක්..

  6. Love nature says:

    ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා යකිනාරං, එළබටු දලූ, වැල් තිබ්බටුකොළ, ගොටුකොළ, පොල්පළා, මොණරකුඩුම්බිය, කරපිංචා, මුගුණුවැන්න වැනි කැඳ වර්ග පානය ගුණදායකයි.

    ඊට අමතරව නිල්කටරොලු සහ පොකුරු වදමල් තම්බා පානය කළ හැකියි.

    ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට කබලේ බැද පානය කළ හැකියි.

    බිංකොහොඹ, සුදුලූනු, සූදුරු සහ කලාඳුරු තම්බා පානය කිරීම හෝ කොත්තමල්ලි, කටුවැල්බටු, පත්පාඩගම්, පාවට්ටා මුල්, දේවදාර සහ එළබටුමුල් එකට මිශ‍්‍රකර තම්බාපානය කළහැකියි.

    කොත්තමල්ලි අමුවෙන් තම්බා දිනකිහිපයක් පානය කර පසුව කබලේ බැද පානය මගින් පෙනහළුතුළ ඇති සෙම ඉවත් කරගත හැකියි.

    කංසා කුඩුකර දුම හෝ පාවට්ටා කොළ දුම පානය මගින් පෙනහළුවල ඇති සෙම ඉවත් කිරීම මෙන්ම එහි ක‍්‍රියාකාරීත්වය ද ශක්තිමත් වෙනවා.

    මදුරුතලා සහ සුදුලූනු එකට කොටා තම්බා පානය හෝ යුෂ මීපැණි සමග මිශ‍්‍රකර දොඩම් ඇඹුලෙන් පානය මගින්ද ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩිකළ හැකියි.

    මේ අනුව අපට කොරෝනා නෙමෙයි ඕනෑම ආසාදන රෝගයකින් බේරෙන්න අවශ්‍ය ඖෂධ සහ ප‍්‍රතිකාර අපගේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ තිබෙනවා.

    • Nalin says:

      Owa gahapiya umbe ammage pupe.

    • Aurora says:

      ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ UNHRC එක වගේම තවත් එක මාෆියා සංවිධානයක්. ඒවායේ බලයට සියළු රටවල් යටකරගෙන ඉන්නේ. ඒ නිසා රජයට හැකියාවක් නැහැ අපේ හෙලවෙදකමට 100% අනුග්‍රහය දක්වලා අපේ බෙහෙත් ඖෂධ පාවිච්චිකරන්න කියන්න. සෞඛ්‍ය අමාත්‍යංශයේ මෝඩ රැල රට Lock down කරන්න කියල ලතෝණි දෙද්දීත් ආණ්ඩුව රට ඇරලා තියන්නේ අපිට අපේ දේශීය වෙදකම් කරගන්න ඉඩ සහ පහසුකම් ලබාදෙන්නයි. ඒ නිසා මොළේ තියන උන් දේශීය වටිනාකම් ගැන විශ්වාස කරනවානම් ‘Love nature’ කියල තියන අපේ ඖෂධ පිළියෙළ කරලා පාවිච්චි කරන්න. අත්දුටුවයි සත්තයි. අමිල වෛද්‍ය තුමාගේ ඖෂධ වට්ටෝරුව මමත් 2020 නොවැම්බර් පමණ සකසා පාවිච්චිකලා. මගේ මිතුරෙක් ඉදිරිසතියේ නැවතත් ඖෂද ගෙනත් දෙනවා. ඒ ඖෂධය පිහිටෙන් මමත් කිසිම බයක් නැතිව සමාජයේ ගැටෙමින් මගේ කටයුතු කරගෙන යනවා.
      (යකිනාරන් කොළ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි, අමු ඉඟුරු, සුදු ළුණු, පාවට්ටා, මදුරුතලා, වල් බිංකොහොඹ හෙවත් කිරාත. මේවා සම සමව ගෙන තම්බා උදේ සවස බොන්න කියා අමිල වෛද්‍ය තුමා දුන් උපදෙස් අනුව ක්‍රියාකාර අපි නිරෝගිව සිටිමු. එතුමාට බොහොම පිං.)

  7. A Sri Lankan says:

    Shaaaaaa………. Breaking News………

  8. Darshana abayakoon says:

    කොයි මනුස්සයො වැක්සීන් එක? දෙවන මාත්‍රාවට තියා ගන් නැතිව හරක් වගේ දීගෙන දීගෙන ගියා. දැන් දෙවෙනි මාත්‍රාව දෙන්න වැක්සීන් නෑ. මුගෙ හැත්ත බුරුත්තම ගහ ගන්න ඇති. මුට කඩේ යන එවුන්ට ආයෙත් පැනිය තමයි.

Main News