කොරෝනා වේගයෙන් පැතිරේ.. පාසැල් ගැන තීන්දුවක් ගන්නැයි දැනුම් දේ…

November 27, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා වේගයෙන් පැතිරේ.. පාසැල් ගැන තීන්දුවක් ගන්නැයි දැනුම් දේ…

පාසල් දරුවන් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

ඒ අනුව සියලුම සෞඛ්‍ වෛද්‍යය නිලධාරීන් ලවා ඒ සම්බන්ධයෙන් පසු විපරමක් හා විශ්ලේෂණයක් සිදුකර තීන්දුවකට එළඹිය යුතු බව ද ඔවුන් දන්වා ඇත.

ඉන් පසු ගත යුතු තීන්දු තීරණ වහාම ගන්නා ලෙස ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

පාසල් දරුවන් අතර වසංගතය පැතිර යන මේ වර්ධනයක් පෙනෙන නිසා තවදුරටත් පැතිර යාම වැලැක්වීමට අවශ්‍ය තීරණ නොපමාව ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට පාසල් විවෘත කරන කර තිබෙන නිසා තත්ත්වය පාලනය කරගත යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

42,265 views

4 Comments to “කොරෝනා වේගයෙන් පැතිරේ.. පාසැල් ගැන තීන්දුවක් ගන්නැයි දැනුම් දේ…”

  1. සිසිරගෙ කොන්ද කෙන්දකි says:

    පාසල් සිසුන්ට උදේ 8.30 ට සහ දවල් 1.45ට දේශීය ඔසු කෝප්පයක් දෙන්න වැඩපිළිවෙලක් හදා ගන්න තාම බැරි වුණේ ආයුර්වේද ඇමතිට කොන්දක් නැති නිසාද?

  2. Ravana parapura says:

    ළමයිනේ මේ කසාය බීපල්ලා

    01. යකිනාරං කොල
    02. මදුරුතලා
    03. පාවට්ටා කොල
    04. බෙලි දළු
    05. වල් බිංකොඹ (කිරාත)
    06. අමු ඉඟුරු
    07. සුදු ලූණු
    08. වෙනිවැල්ගැට
    09. කොත්තමල්ලි (කබලේ බැද ගන්න)
    10. කුරුඳු පොතු
    11. කරාබුනැටි
    12. ගම්මිරිස්
    13. එළපිටවක්කා
    14. අරත්ත අල
    15. මුද්දරස්පලම්
    16.සූදුරු

    මේවා සම සමව ගෙන වංගෙඩියේ මදක් කොටා, මුට්ටියක දමා තම්බා උදේට අඬුකෝප්පයක් සහ සවසට අඬුකෝප්පයක් බැගින් කෑමට පෙර දින 6ක් බොන්න.
    (එක් අයෙකුට එක් වේලක් සඳහා සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 10 බැගින් ගන්න)

    වයස අවු: 1 1/2 – 5 අඬු කෝප්ප 1/4 බැගින් උදේ සවස.
    වයස අවු: 6 – 15 අඬු කෝප්ප 1/2 බැගින් උදේ සවස

    • Nalin says:

      තෝ ඕන ලබ්බක් බිව්වට අපිට කමක් නෑ. ඒත් පොඩි උන්ට ඔය එක එක ජරාවල් පොවලා බඩේ අමාරු හදන්නේ නැතිව හිටපිය මූසලයා.

  3. මරතේනිස් අයියා says:

    මොන උපදේශය දුන්නත් පුංචි උන් මීටරේ දුරින් තියාගන්න බැහැ.පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට උන් ඉන්නෙ එක ගොඩේ……ඒක තමයි පොඩි උන්ගෙ විදිහ

Main News