කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.. රට තුල ඉතා බරපතල තත්වයක්..- රජය සියළු පලාත් පාලන නියෝජිතයන්ට දැනුම් දේ..

March 21, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.. රට තුල ඉතා බරපතල තත්වයක්..- රජය සියළු පලාත් පාලන නියෝජිතයන්ට දැනුම් දේ..

කොරෝනා වෛරසය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන මොහොතක රජය විසින් ගෙන ඇති පියවර පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් කඩිනමින් අනුගමනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී තවදුරටත් රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව රැස් නොකර ජනතාව වෙනුවෙන් ගතයුතු ගත හැකි සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

එසේ පියවර නොගන්නා පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිළිබද දැඩිව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය

සියලුම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හා නව ආසාදිතයන් හඳුනාගැනීම ඉතා සීග්‍රයෙන් සිදුවන බැවින් ඉතාම බරපතළ තත්ත්වයක් රට තුළ උද්ගත වී ඇත.

රජයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රටේ සියලුම ජනතාව මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් හා ක්‍රමවත්ව ක්‍රියාත්මක කරවා ඇත.

නමුත් තවමත් මෙහි භයානක තත්ත්වය බහුතර ජනතාවක් තේරුම්ගෙන නොමැත. ලෝකයේ සංවර්ධිත රටවල් පවා මෙම තත්ත්වයෙන් දැඩි පීඩාවට පත්ව ඇති අවස්ථාවක අප වැනි රටකට ඇති විය හැකි තත්ත්වය පිළිබඳව වූ වගකීම් දේශපාලන නියෝජිතයන් ලෙස හැටියට ඔබට අවබෝධ වී තිබිය යුතුය.

මෙම තත්ත්වය යටතේ වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කරන්න. ජනතාව රැස් කිරීම, උත්සව, දේශන, ජනහමු ආදිය පැවැත්වීමෙන් වැලකී සිටින අතරම ඔබ බල ප්‍රදේශ තුළ එවැනි දේ සංවිධානය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න.

එමෙන්ම පළාත් පාලන බල ප්‍රදේශ තුළ පවිත්‍රතාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කම්කරුවන්ගේ සිට සියළුම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු ආකාරයෙන් වැඩ පිළිවෙළක් සකස් කරන්න.

ජනතාව අවදානමට ලක් කරන කාර්යයන් සංවිධානය, මෙහෙයවීම හෝ අනුබල දීම ආදී කාර්යයන්ට මැදිහත්වීමට පෙර මේ වෙනුවෙන් මහජනතාවට ක්‍රියාත්මක නීතිය කිසිදු වෙනසකින් තොරව ඔබට ද බලපැවැත්වෙන බව ඉතාම තරයේ සිහි තබාගත යුතුය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

278 views

13 Comments to “කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.. රට තුල ඉතා බරපතල තත්වයක්..- රජය සියළු පලාත් පාලන නියෝජිතයන්ට දැනුම් දේ..”

  1. kanishka Tissa says:

    A Guy organised a bicycle race in Dambulla and a guy who was seen distributing Pirith Pan claiming they healed coronavirus must have forced the minister to give this warning. Both are members of local government bodies.

  2. බන්ඩා says:

    අපේ ගම් වල සියල්ල දත් බක්කන්ට කොරෝනා ව්‍යාප්ත වීම ගැන වගේ වගක් නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක නොකලොත් සියලු දෙනා අමාරුවේ.

  3. බන්ඩා says:

    අපේ ගම් වල සියල්ල දත් බක්කන්ට කොරෝනා ව්‍යාප්ත වීම ගැන වගේ වගක් නැහැ. කාර්‍ය සාධක බලකායෙ තීන්දු තීරණ තදින් ක්‍රියාත්මක නොකලොත් සියලු දෙනා අමාරුවේ.

  4. Samk says:

    Inability of this government. Same like hitan.

    • Rajantha says:

      Are you the one who is doing what is happening now in the country? Don’t be a low life moron! Go read world news and see how other countries are struggling to prevent, response and recovery. We have one of the best Quarantine process in the world. All those so called developed countries are struggling to do what we are doing right now. Don’t be a stupid political hooligan.

  5. Saradiel says:

    මේ කොරෝනාවෙන් ගැලවීමට නම් රටේ සැම පුරවැසියෙක්ම තම තමන්ගෙන් ඉටුවිය යුතු දේ හරියාකාරව ඉටුකලා නම් අපිට පහසුවෙන් ජය ගන්න පුලුවන් බුදු සරණයි

  6. 😡😡😡😡😡😡😡 says:

    ශ්‍රී ලංන්කා ජනරජයේ රටේ ” නීතිය ” …
    කොරෝනාව පාලනය කරයි..!🥵🥵🥵😷🥵

  7. Saman says:

    Garment අයිති එවුන්ට බැරිද ලංකාවට අවශ්‍ය දේ නිශ්පාදනය කරන්න

  8. කැබි නරියා says:

    ග්‍රාමිය ලුම්පන් තුච්චයන්ට මෙහි බරපතළකම තේරෙන්නෙ නෑ…..

  9. SL says:

    If ppl do not listen ,Gvt should take more drastic measures.why can not sathosa/keels/cargils can distrbues things to villages to stop ppl moving to buy daily needs. just hire the lorries available and distributes.

    Economic the losses at this stage will be minimum if you consider the losses after spread in whole country.

  10. SL says:

    If ppl do not listen ,Gvt should take more drastic measures.why can not sathosa/keels/cargils can distrbues things to villages to stop ppl moving to buy daily needs. just hire the lorries available and distributes.

    Economic the losses at this stage will be minimum if you consider the losses after spread in whole country.

    let ecconomy go down,but control this. economy in whole world has gone down.