කොරෝනා වෛරසයට බෙහෙත් දේශීය වෙදකමේ තියෙනවා..- රතන හිමි
February 25, 2022 at 3:00 pm | lanka C news
කොරෝනා වෛරසයට සාර්ථක පිළිතුරක් ආයුර්වේද හා දේශීය වෙදකම තුළ ඇතැයි පෙනීයන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
කොරෝනා වසංගතයට වසර දෙකක කාලයක් ඉක්මවා ගොස් ඇත ඇති බවත් මුළුමහත් ලෝකයේම සෑම බිම් කොටසක්ම වෛරසයට ගොදු වූ බවත් උන්වහන්සේ කියා සිටිති.
මෙම වසංගතය පාලනය කිරීමේදී එකම ප්රතිකර්මය ලෙස රජයේ තෝරාගෙන ඇත්තේ එන්නත්කරනය බව හැඟී යන බවද උන්වහන්සේ සඳහන් කළහ.
නමුත් නාවින්න ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් ගැන හෝ ඔවුන්ට එහි ප්‍රතිකාර කළ බවක් හෝ රටේ ජනතාව නොදන්නා බවද රතන හිමියන් සඳහන් කළහ.
එනිසා මේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට කැමති බව ද උන්වහන්සේ කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
මන්ත්‍රී පුටුව ගැටලුව මේවායින් අමතක කරන්න බෑ
වඳින්නම් උන්නාන්සේ කාබනික වල ඉහ ගෙන කෑවා වගේ තව වලක් හාරනව එහෙම නෙවෙයි ඔන්න.