කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..

April 17, 2020 at 10:40 am | lanka C news
කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..

කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනුමැතිය ලබාදුනහොත් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළ පැවැත්වීමේ සූදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමයෝජනා භාරගෙන දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කල්දමා ඇති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රට තුළ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැරසෙයි.

කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් ලබන 20 වැනි සඳුදා මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

කොවිඩ් _ 19 ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සාකච්ඡාවට කැඳවා ඇති බව වාර්තා වේ.

මැතිවරණ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුද මෙම සාකච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ මූලික කටයුතු මේ වන විට සංවිධානය කර අවසන් වී ඇති අතර සියලුම අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට සූදානම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම, මැයි මස අග සතිය තුළ පැවැත්වීමට නම් මෙම මස 20 වැනිදා සිට සති පහක කාලයක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

කොවිඩ් _ 19 වයිරසයට ගොදුරු වී සිටින දකුණු කොරියාවද, එරට ඡන්දය පැවැත්වූ බැවින් ශ්‍රී ලංකාවේද මැතිවරණය පැවැත්වීමට හැකිවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව 2020 ජුනි මස 2 වැනි දිනට පෙර මැතිවරණය පවත්වා අවසන් විය යුතු බවද නීති අංශ පෙන්වා දෙති.

– mawbima

403 views

51 Comments to “කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..”

  1. Boo says:

    යකෝ මේකෙනෙ ඉන්නෙ ලෝකෙ හොඳම කොරෝනා specialists ලා. මේකෙ කොමෙන්ට් දාලා තියෙන සමහර පකීර්ලාගෙන් ඇහුවනං ටක්කෙටම කියයි කොරෝනා හැදෙන්නේ කොහොමද ඉවර වෙන්නෙ කවදද කියලා.

    දන්න මගුලකුත් නැති නොදන්න මගුලකුත් නැති පන්ඩිතයෝ ඉන්නකොට අපි කාට බයවෙන්නද ආයිබෝං.

    • කෝ රෝනාල්ඩෝ says:

      කොරෝනා ස්පෙෂලිස්ට්ලා විතරක නෙමයි හැම ෆීල්ඩ් එකකම කට්ටිය මෙතන ඉන්නවා. උදාහරනයක් හැටියට, දේශපාලුවෝ, උන්ට මුට්ටි අල්ලන එවුන්,උන්ට රෙදි නැතිව අතින් කාල කඩේ යන එවුන්, හොරු, තක්කඩි, ගංජා මුදලාලිලා, කසිප්පු කාරයෝ, බඩු කාරයෝ, ළමා අපයෝජකයෝ,….etc. එක එක නිවුස් එක වෙන වෙනම කියෙව්වම බලාගන්න පුළුවන් ඔක්කොගෙම අදහස් තියනවා කොමෙන්ට් වල.

  2. Udara says:

    අවදානමක් අරන් චන්දය තියන්නේ මොකටද
    තිස්ස අත්තනායක ඉන්න පැත්ත මොකක්ද කියලා සොයා බලා අනිත් පැත්තට දිණුම දුන්නා නම් ඉවරයි නේ

  3. Mati GOMA says:

    කව්රු කොහොම මොන නරක විදියට අපව විවේචනය කරත්, රට, ශ්රී ලංකා ජාතිය, රටේ අනාගතය, අප දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප සැමදා අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියා වැඩ වර්ජනය කරමින් අපගේ අපගේ ජාතික පද ෂෝ අතහැර දමන්නේ නැත.
    ස්තූතියි.

  4. UD says:

    No old parliament thieves, to steal our money. Election is better than 225. No election OK if Gota can continue without Gon Parliament. No Gon Harak parliament again please.

  5. සමන් says:

    චන්ද තියන නොතියන ඒක මැතිවරණ කොමිෂන් සභාවේ වැඩක්, චන්දෙ දෙන්න චන්දපොලට යන නොයන එක චන්ද දායකයගෙ වැඩක්. කාටද වාසි කාටද අවාසි නෙමේ මිනිසුන්ගෙ ජීවිත බේරගන්නෙ කොහොමද, ඊට සමගාමීව රටේ ආර්ථිකය ගොඩනගන්නෙ කොහොමද කියල ජනාධිපති තුමා බලන්නෙ. කිසිම චන්දයක් නැතිව ඉතිරි අවුරුදු කීපය ජනාධිපති තුමාටම ගෙනියන්න විදියක් තියෙනම් රට අනිවාර්යයෙන් ගොඩ යනව.

    • Alapaluwa says:

      උඹ ජනාධිපති වෙන්න යන්නේ නැතුව ඉඳපන් බූරුවෝ.
      ජනාධිපතිතුමා ඒවා හරියට කරගෙන යයි. අගමැතිතුමාත් සපෝට් කරයි.
      උඹ පැහෙන්නේ නැතුව ඉඳපන්.

  6. Guru says:

    See all the crooks are in the election list. Why should we bother to vote

  7. GIHAN says:

    CHANDE aniwaren thiyanna ….. ai UBALATA BARIDA eka dawasak rate heta wenuwen kapa karanna…… parissamin wade karapan echcharai…… JVP GOBBYO IWARAMA karala…
    UNP ponsiyo adu karama CORONA WALATA WADA SUWAYAK LAK MATHAWATA DANENAWA…..
    eka karapan ……oya ba kiyana…ponna comment danma unta kiyanne….. GAUMAK ADA GANIN….. NODOKIN MUSALA BALLO

Main News