කොරෝනා සනීපයි.. රෝගීන් 60ක් සුවය ලබා රෝහල්වලින් පිටවෙති..

January 29, 2020 at 12:01 am | lanka C news
කොරෝනා සනීපයි.. රෝගීන් 60ක් සුවය ලබා රෝහල්වලින් පිටවෙති..

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී රෝහල්ගතව සිටි රෝගීන් 60 දෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරන්නේ ඔවුන් රෝහල්වලදී සිදු කරන ලද ප්‍රතිකාර මත සුවය ලබා සාමාන්‍ය තත්ත්වයෙන් පිටව ගිය බවයි.

මේ වන විට චීනයේ පුද්ගලයන් 4515ක් වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 976 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවෙයි.

වෛරසය හේතුවෙන් මේ වන විට චීනය තුළ පුද්ගලයන් 106 දෙනෙකු මිය ගොස් ඇත.

127 views
Main News