කොරෝනා සමග අවුරුදු උත්සව.. සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

April 3, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා සමග අවුරුදු උත්සව.. සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

මෙවර අලුත් අවුරුද්ද සැමරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

එම සෞඛ්‍ය මාර්ගඋපදේශ මාලාව පහත දැක්වෙයි.

12,421 views

6 Comments to “කොරෝනා සමග අවුරුදු උත්සව.. සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…”

  1. කැප්පෙටිපොළ says:

    කාලිංඝ මාඝගෙසිංහලයා මිසදුටු කරපු අවුරුද්ද සමරන්න එපා වෙසක් එක ගන්න. පුස් ගති සිංහලයාට ඇවිල්ලා තියෙන්නෙ මේ නැකත් අවුරුද්ද නිසා.

    • Love nature says:

      නැකතින් හෙවත් සුබ මොහොතින් ආහාර පිසීම, අනුභව කිරීම, වැඩපළ හා ගමන් ආරම්භ කිරීම, හිසතෙල් ගෑම, ඒ ඒ ක‍්‍රියාවල් ඒ ඒ දිග්භාගයන්ට මුහුණලා සිදුකිරීම යන මේවා බමුණන් විසින් අපට පුරුදු කරන ලද චාරිත‍්‍රයෝ ය. නැකැත් අනුගමනය නො කොට සිංහල අවුරුදු උත්සවය ජාතික උත්සවයක් ලෙසින් පැවැත්වීමෙන් අවැඩක් සිදු නො වේ.

    • Love nature says:

      මේක හොඳට හිතේ ධාරණය කර ගන්න.

      බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තෙරුවන කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවකින් යුතුව සිත කය වදන යන තිදොරින් පිරිසිදුව උදයවරුවක යම් ක්‍රියාවක යෙදෙනවා නම් අන්න ඒක සුබ නැකැතක්. (සුනක්ඛත්තං) සුබ මංගලයක් (සුමංගලං) කියලා ඒ වගේම දවසේ සියලුම වේලාවන් සම්බන්ධයෙන් මේ විදිහටම අවධාරණය කොට දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ හුදෙක් ‍ජ්‍යොතිෂයේ දැක්වෙන වෛදික නැකැත් චාරිත්‍ර පිළිපැදීම
      වෙනුවෙන් ප්‍රඥාවන්ත අර්ථකථනයක් ඉදිරිපත් කොට ඇති බව මනාව පැහැදිලියි. නමුත් අපේ සමාජයේ වැඩි දෙනෙක් කරන්නේ නැකැත් පිළිබඳව බුදු හාමුදුරුවෝ අපට ඉදිරිපත් කළ ප්‍රඥාවන්ත අර්ථ කථනය පැත්තකට දාලා උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කරපු ‍ජ්‍යොතිෂය විශ්වාස කරන එක නේද?

  2. කැප්පෙටිපොළ says:

    පටිච්ච සමුප්පාදය අවබෝධයට බාධක වනනැකත සහ අවුරුද්ද
    සෝවාන් වෙන්නෙ පටිච්ච සමුප්පාදය අවබෝධයෙන්. කවුරු හරි නැකත් ප්‍රවර්ධනය කරනවානම් ඔහු සෝවාන් වි නොමැති බව මට කිව හැක. කාලිංඝමාඝ ලංකාව අවුරුදු 85ක් යටත් කරගෙන හිටියා එතකොට සිංහලයා මිසදුටු කරපු බව මහාවංශයේ තියෙනවා. අනිත් එක ඉන්දියාවේ සුර්ය වන්දනාව පටන් ගත්තෙ හයවන ශතවර්ෂයේ මුල හෝ අගභාගයේ. මේ මිසදුටු වන්දනාව හා නැකත ඔබ මිසදුටු කරනවා. නැකත් විස්වාස කරන කෙනා නැකත හේතුව හා නැකත නිසා සිදුවන දේ ඵලය ලෙස ගන්නවා. බුදු හාමුදුරුවො පැවසුවා නැකත ප්‍රමාණයට හේතුවක්කියා.ඔබලා සිලබ්බත පරාමාසෙයට ඇද තබන නැකත බලන්න එපා. මිට ලංකාව බේරාගත්ත කිරිබත්ගොඩ මහරහත් හිමි

  3. Love nature says:

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චූල කම්ම විභංග සූත්‍රය) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    “නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ ති”

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.
    බොහෝ විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් “ඔබ වෙනදට වඩා මහන්සි වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක වෙනවා” කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න.

  4. Media Epa says:

    Awurudda. Wikunan kana media karayonta me margopadesha adaala nedda

Main News