කොරෝනා සමයේ මුදල් වියදම් කිරීම නිති විරෝධීයි.. ලොක්ඩවුන් කලා කියා ව්‍යවස්ථාව කඩන්න බෑ..- අනුර

August 28, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා සමයේ මුදල් වියදම් කිරීම නිති විරෝධීයි.. ලොක්ඩවුන් කලා කියා ව්‍යවස්ථාව කඩන්න බෑ..- අනුර

මෙම වසරේ අප්‍රේල් මස 30 වෙනි දින සිට අගෝස්තු මස 31 වන දින දක්වා මුදල් වියදම් කළ ආකාරය ගැන පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම කාලය සඳහා මුදල් වියදම් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවත් එම කාලය සඳහා කිසිදු අතුරු සම්මත ගිණුමක් හෝ වෙනයම් ව්‍යවස්ථානුකූල ආකාරයකින් මුදල් ලබා ගෙන නැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

අපේ‍්‍රල් 30 දක්වා කාලයට පැවති ආණ්ඩුවෙන් සම්මත කළ මුදල් ගත හැකිව තිබූ බවත් නව රජය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු මස 31 වැනි දින සිට ඉදිරි කාලසීමාවට බවත් ඔහු සඳහන් කළේය.

අයවැය ලේඛනයක් නොමැතිව ලංකා ඉතිහාසයේ ගතවන පලවනු අවුරුද්ද මෙය බවද පැවසූ ඔහු
ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසන ආකාරයට කොරෝනා සමයේ රට වසා දැමුවා කියා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න නොහැකි බව ද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම විවාදය ගත් අවස්ථාවේදී ජවිපෙ නායකයා මෙම අදහස් පල කරන ලදී.

26,930 views