කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

November 13, 2020 at 3:31 am | lanka C news
කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනින් තැන පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තුන්වන අදියරේ යයිද තත්ත්වය පාලනය කිරීම අසීරු නැති බවද ඔහු පැවසීය.

වෛරසය සමාජගත වී නැති බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විද්‍යා ඒකයේ නිර්ණායකවලට අනුව බව ද ඔහු සඳහන් කරයි.

වෛරසය සමාජගත වීම යනු එය මතු වූ තැන් පවා සොයා ගැනීම දුෂ්කර අවස්ථාවක් යයිද ඔහු පැවසීය.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනුවන්ගො හා පෑලියගොඩ ආශ්‍රිත පොකුරු පමණක් බවද කී ඔහු එම පොකුරු වල පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන ඇතැයි ද පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය මත හෝ රට මුළුමනින්ම වසා දැමීමට කිසිසේත්ම හැකියාවක් නැති බවත් කොරෝනා පාලනය කරනු ලබන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරතුරේ දී බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

17,184 views

24 Comments to “කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. ජසයා says:

    සමාජය තියෙන්නේ කොහෙදෝ?

  2. mali says:

    This man has got a political appointment he is struggling to protect it.Shame on you.
    You need to stand on people side and take drastic measures to control it rather than wrapping around minister’s saree to protect your position and its benefits.
    This is not the aspiration of people who fought for the winning of pohottuwa.

  3. ගමරාළ says:

    මේ කියන විදිහට කොරෝනා සමාජගත වෙන්න කලින්
    ශරීරගත වෙලා රෝහල් ගත වෙලා භුගත වෙලා ඉතිහාස ගත වෙන සීන් එකක් තියෙන්නේ😜😜

Main News