කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

November 13, 2020 at 3:31 am | lanka C news
කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනින් තැන පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තුන්වන අදියරේ යයිද තත්ත්වය පාලනය කිරීම අසීරු නැති බවද ඔහු පැවසීය.

වෛරසය සමාජගත වී නැති බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විද්‍යා ඒකයේ නිර්ණායකවලට අනුව බව ද ඔහු සඳහන් කරයි.

වෛරසය සමාජගත වීම යනු එය මතු වූ තැන් පවා සොයා ගැනීම දුෂ්කර අවස්ථාවක් යයිද ඔහු පැවසීය.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනුවන්ගො හා පෑලියගොඩ ආශ්‍රිත පොකුරු පමණක් බවද කී ඔහු එම පොකුරු වල පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන ඇතැයි ද පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය මත හෝ රට මුළුමනින්ම වසා දැමීමට කිසිසේත්ම හැකියාවක් නැති බවත් කොරෝනා පාලනය කරනු ලබන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරතුරේ දී බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

17,184 views

24 Comments to “කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. Darshana says:

    මට පේන්නේ ඔබ තුමා සාමාජ ගත්ත වෙලා නැහැ කියලා

  2. Kanday says:

    He has got to be kidding. It’s now being found through random tests throughout the country as far as I understand. If that is not community spread, then what is?
    Everyone be safe. Only way to slow it down is to wear good masks (surgical mask or above) all the time and just stay home as much as possible. Also be positive

  3. සමන්ත says:

    කොරෝනා කිසිම රටක සමාජ ගතවෙලා නෑ. වුහාන් පොකුර හරහා තැන තැන පොකුරු ඇතිවුණා විතරයි. ඒ එක්කම සමාජය කොරෝනා ගත වුනා. එච්චරයි සිද්ධ වුනේ. මේ දේ කියන්න වසංගත රෝග අංශයක් මොකටද නිකන් වැටුප් දෙනවා..අපරාදේ අපේ බදු සල්ලි. සැලකිය යුතුයි.. මම සතුටු වෙනවා මෙතුමා ගිය විශ්ව විද්‍යාලයට මට යන්න නොලැබීම ගැන….

  4. Darshana says:

    මට විතරද හිතෙන්නේ මේ ආණ්ඩුව අපිව රවටන wa කියලා. ඉඟුරු දීල මිරිස් ගත්තා කියලා කියන්නේ මෙකට වෙන්ට ඇති 🤪

  5. Sirimal says:

    ඔව් ඉතින් ඔහොම නොකිව්වෝත් ඔයත් ගෙදරනේ

    • rasi says:

      ඒක නිසා නේ ජාසිංහ මහත්තයාට “”උසස් වීමක්”” දීලා මෙයාව මේ තනතුරට ගත්තේ

  6. බන්ඩා says:

    දැන් හම්බ වෙන කොරෝනාවන් ඔක්කොම බ්‍රැන්ඩික්ස් කනෙක්ටඩ් තමා. තව ටික දිනකින් ලක්ෂය පනීවි. උනුත් බ්‍රැන්ඩික්ස් තමා. මුන් බයිල කියනවා.

  7. Hashi says:

    Palanaya kirima amaru nattam palanaya karapallako. Dan maseka withara idan dawasakata leddu 500-600 hambenawa kiyanne palanaya karala hindada?

  8. ක්‍රිමිනල් says:

    ඔව් සර් ! සමාජ ගත වෙලා නෑ , ඔක්කොම රොගීන් පලවෙනී බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධයි . අහබු පරීක්ශාවලින් මුලාශ්‍රයක් හොයාගන්න බැරි රොගීන් හමුවෙන්නේ නෑ , ඔක්කොම ඒ පොකුරේ පෙලවල් වල ආශ්‍රිතයින්. එ වගේම ස බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාරම්භයත් හොයා ගන්න තාම හරියට බෑලූ , නිවෙස්වල මිය යන කොවිඩ් ආසාධිතයි කොවිඩ්19 රොගීන් ලෙස හදුනා ගන්නේ මුත්‍රදේහ පරීක්ශාවෙන් පස්සේ. කොටින්ම කියනවනං ස ‘ ඔබතුමාලගේ සමාජ සම්ප්‍රේශණය එන්නේ මුලු රටෙං බාගයකටත් එහා කොවිඩ් හැදුනට පස්සේ.

  9. Sirimal says:

    Etakota hiragedara inne kaage aashrithayinda danne naha

  10. sam says:

    කොරෝනා සමාජගත වෙලා නැහැ. සමාජය කොරෝනා ගත වෙලා.

Main News