කොරෝනා සමාජයේ පැතිරීමක් නෑ.. මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නෑ..

March 24, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා සමාජයේ පැතිරීමක් නෑ.. මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නෑ..

මෙරට තුළ මේ වන තෙක් මුහුණු ආවරණ පැලදීමේ අවශ්‍යතාවයක් මතු වී නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය මෙතෙක් සමාජයීය වශයෙන් මෙරට තුළ පැතිරී නොමැති බවද ඔහු පැවසීය.

මුහුණේ අවශ්‍යතාවයක් ඇත්නම් එය රජය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කිසිවෙකු මේ අවස්ථාවේ මුඛ පලඳනාවක් භාවිත කරන්නේ නම් ඊට කිසිවක් නොපවසන බවද ඔහු තව දුරටත් පැවසීය.

ජාසිංහ මහතා මෙසේද සදහන් කරයි.

දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා.

මෙම ආයතන මෙම තීරණ වලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක.

අපි යළිත් වරක් ඔබට මතක් කළහොත් මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ළක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වනවා.

නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.

මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.

ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.

මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.

මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.

මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.

ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.

– Health Promotion Bureau

සියලු දෙනා මේ අවස්ථාවෙදී මුඛ ආවරණ පළඳින්න ඕනෑම ද?

දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා. මෙම ආයතන මෙම තීරණ වලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක. අපි යළිත් වරක් ඔබට මතක් කළහොත් මෙම මුඛ ආවරණ මගින් පැළඳ සිටින පුද්ගලයාට ආරක්ෂාවක් ලැබීමට වඩා පැළඳ සිටින පුද්ගලයා ගෙන් පරිබාහිර අයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙම මුඛ ආවරණ වැදගත් වනවා. එම නිසා තමා උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයකු හෝ රෝගය වැළඳීමට දැඩි අවදානම් සහිත තත්වයකට ළක් වූ අයකු නම් පමණක් මෙවැනි මුඛ වරණයක් පැළඳීම යෝග්‍ය වනවා. නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේද වලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි. ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්නඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.

Gepostet von Health Promotion Bureau am Montag, 23. März 2020

90,804 Viewers

52 Comments to “කොරෝනා සමාජයේ පැතිරීමක් නෑ.. මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නෑ..”

  1. pramuka Wije says:

    Wrong information boss

    it helps to stop spreading .. pls dont give this kind of information

    u know about our people

    Pramuka – Singapore

    • damian says:

      You are completely wrong. There is no public spreading in Sri Lanka. No need of masks. Home made masks are dangerous.

      • harry potter says:

        පබ්ලික් ස්ප්‍රෙඩ් එකක් නැත්තන් ඇදිරි නීතිය දැම්මේ මොකටද බූරුවො.

        • Osmand says:

          තොපි වගේ හරක් ඉන්න නිසා.

          • Saman says:

            මේ ගොබ්බ ආන්ඩුව පිස්සු කෙලිනව. පොලිස් කාරයෝ දම්මල මාස්ක් දාල නැති මිනිසුන්ට කරදර කරනව. අනිත් පැත්තෙන් රජයේම දොස්තරල මාස්ක් ඕනෙ නෑ කියනව

      • මරැසිරා says:

        මාස්ක් හිඟ නිසා නිසා මිනිස්සු කලබල වෙන එක නවත්තන්න කොන්දොස්තරගේ හිත නිවන කතා

    • Me says:

      You know better, right? Wgat are your qualifications?

    • ඩොක්ටර් නවරියං says:

      හරක් වෙදෝ මාස්ක් එකක් දැම්මම පිටවෙන කිබුහුමකහරි සැර බාල වෙලා වෙෙරසය ශරීරගත වෙලා තියෙන කෙනක්ගෙන් තව කෙනෙක්ට බෝවෙන එක අඩුවෙන්නේ නැත්ද?
      සමහරැ වෙෙරසය ශරීරගත වෙලා රෝගලක්ෂණ නොපෙන්වා වෙෙරසය පතුරවනවා.

      • jayalath says:

        hariyatama hari, ane kawuruhari me minihawa niwaradikaranna. maha bhayaanaka waradak.
        mama inne lede darunuwatama yana thanaka (florence, italy). mask 250 milion gennuwa italy anduwen
        minissunta bedanna. mun danatamath pramaadai.
        oya dostharalamaneda kiwwe ara china lady mask damagena awidapunisa eyagen bowenaeka aduwunakiyala?
        api kawuruwath danne naha apita lede thiyanawadakiyala. ekama wisanduma mask dagena eliyata yanaeka.

  2. harry potter says:

    අශ්වයා ගියහම ඉස්තාලෙ වහන්නද බලාගෙන ඉන්නේ?

    • damian says:

      You are not qualified enough to challenge his knowledge.

      • harry potter says:

        උබ කොහොමද බුරුවො මම කොලිෆයිඩ්ද නැද්ද කියල දන්නේ. එක එකාගේ පුක සුද්ද නොකර හිටපං.

  3. Media says:

    වෙදය අධක්ෂ ජනරාල්තුමනි අපේ රටට ආව මේ විනාසෙදි ඔබගේ කැපවීමත් අතිවිශිෂ්ඨයි. ඒත් අපේ රටේ මිනිස්සු යමක් අවබෝධ තරගෙක වැඩ කරන්නෙ නැහැ නේද? ඵවන් තත්වයකදී ඇදිරි නීතිය ඉවත් කරාම කඞ පොලට යනකොට මුව ආවරණ දැමීම අනිවාර්ය නැහැ කීම සුදුසු නැහැ නේද ? අපේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා තවත් වයාප්ත වේවි.මේ වයිරසය ගැන භීතිය වැඩි කරොත් වලක්ව ගන්න පුථවන් වෙයි. මේ වයිරසය තවමත් ලෝකෙ පුරාම පැතිරෙන නිසා. මෙහෙම කිව්වට අමනාප නොවන්න.

    • Pal says:

      Please under what he said , he said it is not necessary to chase or not allocate entering to a place without face mask. I have seen people closing the nose with their fingers , which is more dangerous.

      What we need is some flexibility at this moment, while educating them the danger

  4. Alapaluwa says:

    අපිට ලොකු ප්‍රශ්නයක් world Health Organization කියනවා corona සුළගින් හැදීමට ඉඩ තිබෙන බවත් එම වයිරසය පැය 8 ප්‍රමාණයක් කාලයක් ජීවව තිබෙන බැවින් මුකවාඩම් පැළදීම ඉතාමත් අවශ්‍ය බව.නමුත් මේ අනිල් දොස්තර මහතා කියනවා දැනට මුකවාඩම් පැළඳීම අනවශ්‍ය බව ඉතින් දන්නා කෙනේකු සිටිනම් මේ සම්බන්දව කරුණාකර මේ අතරේ තිබෙන වෙනස සහා අවශ්‍යතාවය අපිට කාරුණිකව පහාදා දෙන්න!

    • kasun says:

      8 hours newi bayiyo 3 hours.

      • Alapaluwa says:

        යකෝ මම ලීවේ Airborne එකේ තිබෙන්නේ 8 Hours not 3 hours, කියලා.නිකම් ටෝයිකතා කියන්න එපා දන්නදෙයක් කියපන් ලියපං මම කිවේ World Health Organisation එකෙන් කියාපු දෙයක් නැතිව මම අතින් ලියාපු දෙයක් නොවේ උබලගේ Dr Puthaano describe කරපු බෙහෙත් වගේ corona වලට ගන්න ජනතාවට නිර්දේශ කරාවගේ!.

      • Alapaluwa says:

        අනේ කසුන් ටෝය්යනේ මම කිවේ world Health Organisation එකේ දමාපු එකක් මට whats app කරපු message එක්ක තිබුණු දෙයක් දැකලයි නැතිව මම අතින් දමා ලියාපු දෙයක් නොවේ.එහි තිබුනේ මේ corona virus එක Airborne එකෙන් සෑදීමට පුළුවන් එහි ජිවකාලය පැය 8ක් තිබෙන නිසා මුකවාඩම් පැලඳවීම ඉතාමත් අවශ්‍යයි කියා ඉතින් එහි සත්‍යභාවය දැනගැනීමට දන්නා කෙනේකුගෙන් විතරයි මම විමසා සිටියේ නැති උබලා වගේ ගොබ්බයන්ගෙන් නොවේ අර Dr පුතාණෝ කොරෝනාවට බෙහෙත් කියනවා වගේ මැටි හරක් ගොබ්බයන්ගෙන් නොවේ හරිද.මේ සම්බන්දව හරි දැනීමක් ඇති මහතේකුගෙන් පමණයි!

    • Chin Wijaya says:

      There is no public spreading of Covid19 in Sri Lanka. ( up to this date).
      No virus is in air. I think now you can understand everything.

    • ජයරත්න says:

      මම හිතන්නේ මේ කියන්නේ ලංකාවේ දේශගුණයත් එක්ක එතරම් වෙලා වයිරසය පරිසරයේ රැඳෙන්නේ නැහැ කියන එකයි. මිනිසුන් අතර ප්‍රමාණවත් පරතරයක් තියා ගත්තොත් වයිරසය හැදෙන්න තියෙන ඉඩ අල්පයි කියන එක. මේක ඇත්තද නැත්තද කියන්න මං දන්නේ නැහැ. කොහොමටත් ඔය මුඛ ආවරණ කියල අලෙවි කරන බොහෝ දේවල්වල නම් වැඩක් නැහැ. මතක තියා ගන්න ඕන මුඛය වගේම නාසය ආවරණය විය යුතු බව. වාතය ඇතුල්විය හැකි එහෙත් මෙම වයිරසය ඇතුල්විය නොහැකි ආවරණයක් සෑදීම සංකීර්ණ වැඩක්.

    • aniwa says:

      False information bro, not sure which WHO you are referring to.
      Mask are useless and wont stop you from getting the virus. But masks are vital for doctors and nurses.

  5. Multi says:

    WHO says no need to wear masks if your healthy and advise when to use masks.

    https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public/when-and-how-to-use-masks

  6. Kovidson says:

    Nohuka ennavada doco.

  7. Podda says:

    media වලින් mask දාගෙන යන්නේ නැති මිනිස්සුන්ව පතුරු ගහනවා. මෝඩයෝ ගානට දාල කතා කරනවා. ඊයේ මාර්කට් වල පොලිසියෙන් mask නැති මිනිස්සුන්ව එලෙව්වා. දැන් මෙයා කියනවා mask ඕන නෑ කියලා.

    මේ මනුස්සයා තියරි වලින් විතරක් හිතන්න ගිහින් ප්‍රයෝගික පැත්ත අමතක කරනවා. ඔය mask එකේ වැදගත්කම කොරෝනා සුළගෙන් බෝවෙනවද/නැද්ද කියන එකම නෙවෙයි. mask එකක් තියෙද්දී අපේ මිනිස්සු නිතර නිතර මුහුණ , නාසය අල්ලන්නේ නෑ දැන්. අනික ඕක දාගත්ත වෙලේ ඉදන් ඔලුවේ තියනවා රටේ අවදානම් තත්වය ගැන හැමතිස්සෙම. කොටින්ම දැන් mask එක නිසාම අපි හැසිරෙන විදිය වෙනස් වෙලා. ඕක අයින් කරාම මිනිස්සුන්ට ආයිත් ඔක්කම අමතක වෙලා සාමාන්‍ය විදියට ඉන්න ගනී. ඊට පස්සේ කෙල උනාම ආයිත් මිනිස්සුන්ටම දොස් කියයි.. mask දාන්න පටන් ගත්ත එකේ positive දේවල් ගොඩක් වැඩි මෙයාට නොතේරුනාට. මිනිස්සු දැන් දැනුවත්, අවබෝදයෙන් විමසිල්ලෙන් ඉන්නේ..

    • හාරත බූරුවා says:

      ඔබ ඇත්තටම නිවැරදියි

    • හාරත බූරුවා says:

      ඔබ ඇත්තටම නිවැරදියි

      • Niran says:

        Brilliant! this theory should be translated in all 3 languages and flashed across the media. Indeed a mask prevents the passage of germs from the nose and mouth to another and vice versa – that is the reason why surgeons and nurses wear masks. Also as Podda writes, with a mask on we will not touch the nose and mouth as people habitually do, and it’s a reminder to ourselves and the others of the grave situation we are faced with…

    • Niran says:

      පොඩ්ඩා ඔබ ලිවු දෙ ඉතාමත් පැසසිමට ලක්වියයුතු නිගමනයකි!

  8. Kaush says:

    There are some more people on the loose who are not yet quarantined. And there is no guarantee that these people have not reached other people. How can u say not to wear a mask then ?????. These specialists/ advisors still haven’t taken this panademic seriously…..

  9. Tin tin says:

    ඔබ තුමා කියන දේ Scientifically හරි ඇති. එත් අපේ මිනිස්සු හැසිරෙන ආකාරය, අපේ අයගේ විනය, ගැන හිතලා ඔය පණිවිඩය ඔහොම කිව්වේ අපරාදේ…..

  10. හාරත බූරුවා says:

    අනිවාර්‍ය නොවුනට මිනිස්සුන්ව ඒසදහා පොලඹවන්න. අවසන් මොහොතේ කලහැක්කක් නැහැ.

  11. VAT says:

    To have clean air everyone should not send drop-lets to the air when speaking.

    To achieve this everyone should wear at least a handkerchief.

    If one has CORONA his droplets are retained in this handkerchief only.

    Professional should give more generalized advice . Everyone has a handkerchief . This is a negligence.

  12. WMFernando says:

    handkerchief can control disperse of saliva to the environment whether it is covid-19 infected or not. Then how can it is dangerous to plublic?

  13. Gamaya says:

    Please president keep this muppet out of media. We will see How much damage he done in this brief in next 2 weeks.whole world believe people has to wear masks for safety.this ideot making assumption by looking at numbers. Keep him away for sake of our land.

  14. Manjula says:

    Kanagatue mewan niladarin wagakim rahitha prakasha kirima gana

  15. මන් කියන්නෙ ඕකනෙ.. සාමාන්‍ය දැනීම නැති දොස්තරලා වැඩේ අනන්නයි යන්නෙ. මෙයා කියනවා රෝගීන් විතරක් mask දැම්මම ඇති කියල. එහෙම කොහොමද අදුනගන්නෙ. එහෙම පුලුවන් නම් මේ වෙලේ මෙහෙම ඇදිරි නීතිය දාන්න ඕනෙ වෙන්නෙ නැහැනෙ. අනික බහුතරයක් දොස්තරලා තාම mask තියා කොහොමවත් වැඩේට බැහැලා නැහැ මග ඇර ඇර ඉන්නවා මිසක්. අනික අද තිබ්බ පක්ශ නායක රැස්වීමෙ හැමෝම හිටියෙ mask දාල. එහෙම උනේ ඒ සේරටම කොරෝනා හැදිල නිසාද .. පොලොවෙ පය ගහල නැති බහුතරයක් දොස්තරලා වගේම මෙයත් මෙතන මගුලක් කතා කරනවා

    • අපි නොදන්නLive says:

      ලොක්කා කියපං කියලා කියන දේ තමා යකෝ මේ අහිංසකයා බයට කියනනේ

      • Boo says:

        එහෙනං ෂුවර් එකටම අද තිබුණු පක්ෂ නායක රැස්වීමේදී බැංකු හොරයි, කිහිලි කරුවයි දෙන්නත් ඔය ආණ්ඩුව කරගෙන යන ක්‍රමය සුදුසුයි කියල කියන්න ඇත්තේ ලොක්කා කියපු නිසා කියන්න කියලා. සමනල වර්ණ නපුන්සක මොලේ !

  16. Norman rajapaksa says:

    Alibaba wani online shoping wala thibena mask
    Genwa gathahoth awa paladeema safe da. Emenma gruhastha mahana mssks safe da. Samahara wargaye masks sodamin masayayak pawichch ipuluwanda

  17. sanasuma says:

    ඉතාලිය ඇමරිකාව වැනි රටවලට මොකද වුනේ? අපි අපෙි ආරක්ෂව ගැන සියයට 1 හෝ තබාගමු.

  18. Love nature says:

    මුක ආවරණ රතු කුරුස හමුදාවෙන් ජනතාවට නොමිලේ ලබා දිය යුතුය.

  19. නාමල් ජයතිලක says:

    කොරෝනා නැතත් මුක ආවරණ අත්‍යවශ්‍යයි. අද උදෙන්ම එකෙක් සුපර්ම මාකට් එකේ පෝලිමට ඇවිත් හිටියේ toilet ගිහිල්ලවත් නැතුවද කොහෙද…මට සිහි නැතිවෙන්න වගේ ආව.

    • සාල ලාල ලා says:

      අද පෝලිම ගොඩක් ඈතින් බන් හිටියේ. ඔය උබට සිහිනතිවෙන්න ගිහින් තියෙන්නේ උබේම ගඳට. 😀

  20. chanaka says:

    me yakata pissu…..api danaawa virus tiyana ekA NETI EKA kauda kiyala…..

  21. ඕෂධී මධනායක says:

    මුළු දකුණු පළාතටම වගේ මුඛ ආවරණ බෙදුවේ වජිර අබේවර්දන මහත්තයා එතුමාගේ පුද්ගලික සල්ලි වලින්. ඒ කටත් පර බයියෝ කෑ ගැහුවා

  22. කොරෝනා ඇතත් නැතත් මුඛ ආවරණ පැළැඳීම නිරෝගී කමට ඉතාම හොඳයි. කොරෝනාවලට නම් මුඛ කිව්වාම නාසය, ඇස්,කණ් ආදී සියළු මුඛ ආවරණය විය යුතුයි.

  23. මාස්ක් දාන එකෙක් says:

    මේ රටක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්…

  24. Chinthana says:

    Dear director general of health. It’s very simple you to understand about the mask. Why those doctors are having mask when they treat to the patient in the operation theatre. .?

  25. Nandasoma Suriyaarachchi says:

    තම තමන්ෙග ෙපෟද්ගලික මත ෙමානව උනත්, ජනතාව මුඛ අාවරන පැළඳීම ෙරා්ගය පාලනයට දැඩි පිටුවහලක් ෙවනව….!
    සමාජය තුල ව්‍යාප්ත උනාට පස්ෙස මුඛ අාවරන භාවිතා කරන්න පටන් ගන්න ඒක හරිම ෙමා්ඩ ක්‍රියාවක්……!!

  26. john says:

    This doctor does not have common sense. Even a child knows wearing a surgical mask is safer than not wearing one at all.

Main News