කොරෝනා සමාජ ව්‍යාප්තියකද..- ජාසිංහ පහදයි..

July 14, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා සමාජ ව්‍යාප්තියකද..- ජාසිංහ පහදයි..

රට තුළ කොරොනා දෙවැනි රැල්ලක් සම්බන්ධයෙන් මේ වන තෙක් සලකුණු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඉතාමත් සීමිත ස්ථාන කීපයකදී පමණක් රෝගීන් වාර්තා වී ඇති බව පැවසූ ඔහු එම සියලු රෝගීන් සහ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් පැවසීය.

වෛරසය රටපුරා ව්‍යාප්ත වී ඇතැයි පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවත් යම් යම් ස්ථානයට පමණක් සීමා වී ඇති බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

473 views
Main News