කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. ඉක්මන් තීන්දුවක් ගන්න..- විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..

July 14, 2020 at 10:09 pm | lanka C news
කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. ඉක්මන් තීන්දුවක් ගන්න..- විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..

වෛරසයේ වත්මන් භූගෝලීය ව්‍යප්තිය දෙස බැලීමේදී එය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනයවී ඇති ආකාරයක් පෙන්නුම්කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය දැඩි සත්කාර මට්ටමට වර්ධනය වුවහොත් රටේ සෞඛ්‍ය පහසුකම් සමග සැලකීමේදී බරපතළ තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි.

තවදුරටත් ප්‍රමාද නොවී මේ තත්ත්වය වර්ධනයවීම වැළැක්වීමට අවශ්‍ය සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් විශේෂයෙන් සඳහන් කරන්නේ ජනතාව ඒකරාශීවන දේශපාලන රැස්වීම් තවදුරටත් පැවැත්වීම, උපකාරක පංති පැවැත්වීම සහ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසයි.

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍යමය සීමා යළි පැනවීමේ අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ අහඹු පරීක්ෂණ සමාජය තුළ සිදුකිරීම සහ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ද අත්‍යාවශ්‍ය බවයි.

මේ අතර මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීමේ අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයත් අවධාරණය කරයි.

මෙතෙක් රටතුළ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මසකට අවම වශයෙන් පරීක්ෂණ හැටඅටදහසක් සිදුවිය යුතු බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා දිනකට 2500 ක්වත් පරීක්ෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි.

සංචරණ සීමා නොමැති නිසා මුළු රටම ආවරණයවන පරිදි අහඹු නියැදි පරීක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයයි.

– newsfirst.lk

0 views

31 Comments to “කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. ඉක්මන් තීන්දුවක් ගන්න..- විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..”

  1. Colombo Hero says:

    අපි හිටිය නම් කරන්නේ අරමයි මෙහෙමයි කියලා ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්.. හැබැයි අපි දැක්කා මහින්ද මහත්තය ජනාධිපති වෙන්න කලින් යුද්ධේ කරපු හැටි සහ මහින්ද මහත්තය ජනාධිපති වූ පසුව යුද්ධේ කරපු හැටි හිටියෙ එකම හමුදාව සහ එකම කොටි වුනත්.. පසුව නිවට පාලකකො ඉන්න කාලෙ සහරාන්ල ගහල ගියපු හැටි. .. අපිට හිතාගන්න පුලුවන් ඒ අය පාලනේ කලා නම් අපේ රට මොන වගේ අමුසොහොනක් වෙයිද කියලා කොරෝනා ආවම. මේ වෙලාවේ අපි කරන්න ඕන රජයට සහ සෞඛ්ය සහ ආරක්ෂක අංශ වලට පූර්ණ සහයෝගෙ දෙන එක පමණයි

    • The Truth says:

      කොරොනා රෝගියෝ කීප දෙනෙක් හම්බ වුනු ගමන් පොලොව් පස් කරන හදන අපේ සමහරු බැරිවෙලාවක් ඇමරිකාවෙ, යුරෝපේ හෝ ඉන්දියාවෙ ඉපදුනානම් මේ වෙද්දිත් heart attack හැදිලා මැරිලා. අපේ පූරුවේ පිනක් තිබිලා ගෝඨාභය මැතිතුමා ජනාදිපති වුනේ නැත්නම් ඒ කෑගහන උන්ට heart attack හැදිලා උන් ලංකාවෙ හිටියත්

      • ලංකා says:

        බටහිර වෙදමහත්තුරුන්ගෙ අමුඩෙත් ගැලවිලා

      • Senaka says:

        බටහිර වෙද්දුන්ට ඉංග්‍රීසි බැරි නිසා කෝවිඩ් ගැන බටහිර කියන දේ තේරුම් ගන්න දැනුමක් නෑ. කෝවිඩ් ගැන බටහිර කියන ඇත්ත තේරුම් ගන්න බැරි ලංකාවේ බටහිරයෝ රට ගෙනියන්නේ කොයිබටද?

      • ඩිංගිරාල says:

        හරි බං එළ. දැන් මොකද කරන්න කියන්නේ. තොන්ඩමන්ගේ අවමගුල් සංදර්ශනය වාගේ චන්ද රැස්වීම් තියාගෙන යන්න කියන එකද. සර් ඉන්නවානෙ බේරාගන්න. එහෙමද?. පොල් ගෙඩි වලින් කැපුවැකි උබල වගේ උං.

      • kawinda says:

        aswaya giyata passe isthaalaya wahanawa. kankaadu sewakayoniwaadu yanna kalin PCR pareekshana no kale manda..?

    • Ex Bayya says:

      Do not compare war and Corona. This is is a pandemic which can kill 1000 s of people in this country. Do not take politics into the upfront of every issue! Be vigilant!!!

      • ගන්ජ බන්ඩා says:

        යකෝ 2500 කට වැඩිය කොරෝනා හදිලත් මලේ 11 නම් මොනවද මූ මේ කියවන්නෙ

        • සිරිසේන 2 says:

          අන්තිම නරක ඇමරිකාවෙත් නොරෝනාවෙන් උපරිම මැරිල තියෙන්නෙ 5% ට අඩුවෙන්.

      • Lanka says:

        සුද්දන් සහ කලු සුද්දන් එකට අවසන් ගමන් යවන කොරෝනා එසේ මෙසේ බඩුවක්ද?

      • sanju says:

        For the truth….
        Yes this is pandemic… the matter is haven’t Sri Lankan government done there best? who’s acting like kids here? Some people are enjoying seeing Corona numbers are going up. Public should take safety actions. We all have to appreciate the government for the actions they have taken. Joke is when it was perfect you guys were asking to give credits to the health, now blaming the government. This is not defendant than war….We have a perfect man in the power now.

    • Mad says:

      මාතෘකා වට අදාලව කොමෙන්ට්දාන්න

    • පිස්ස says:

      දේශපාලන රැස්වීමක් නෙවේ මේක.හිතට අමාරුයි තමා පේනව

    • thari baiya says:

      Boru, Ape sirta wada okun monada danne?

  2. nirmala says:

    ඉවසපල්ලා දොස්තර කොල්ලනේ …තැපැල් චන්දෙවත් ඉවර වෙනකල්

  3. ටිකිටි says:

    දැනටමත් සමාජ ව්‍යාප්තියක් නෑ කියනවනම් ඒ පොල්බූරැව‌ෙක්.

  4. ඇත්ත යථාර්ය says:

    කියන්න ලේසියි. කරන්න අමාරුයි.

    • Ex Bayya says:

      It’s more easy to cremate death bodies than taking healthy precautions!!! No politics with COVID 19. To be careful!

    • ඊරි යකා says:

      වාහාම පකනිල් සජියා දොස්තරට බාරදෙන්න එතකොට වැඩේ අවසානයි

  5. 77 UNP says:

    No no we don’t want any lockdown again. We need vote..we need Sajith to recover this ill-fated country.
    God Bless you 🙏
    Vote for Sajith

  6. Connoisseur says:

    Something really needs to happen.

    • 77 UNP says:

      මෙතන ජනාධිපති අපහසු තාවයට පත් නොකර හැකි ඉක්මනින් ඡන්දෙ තියලා එතුමාගේ දෑත් ශක්තිමත් කරලා කොරෝනා ඉවර කරන්න සහයෝගය දෙන්න කුහක නොවී. ඊට පස්සේ ඉතිං ඒම් සි සි එහෙම අත්සන් කරලා සල්ලි හඹුවුණාම අපිට හයිවෙ වල ගිහින් පෝට්සිටි එකේ පාර්ට් දාලා එංජොයි කරන්න බැරිය.

  7. Saman says:

    සිංහල එවුන් ට්කක් මැරුණට අවුලක් නෑ බං

  8. ක්‍රිමිනල් says:

    ඔය විසේසඥ වෛද්‍යවරු දන්න කෙං ගෙඩියක් නෑ ,අපේ ස ,මහින්ද තුමා , සෞ.සේ.අ.ජ අනිල් ජාසිංහ මහත්වරු වැඩේ බලා ගනී , දැනටමත් සහතික දිලා , මාධ්‍ය නිවෙදන නිකුත් කරලා අහවරයි . දැන් කොරොනාවට තියෙන්නේ ඒ නිවෙදන කියවල ,පට්ට බය වෙලා රටෙන් පිට වෙන එක විතරයි. ඊට පස්සේ කාට හරි උම්මා දීලා ,කොවිඩ් වසංගතයෙන් රටට අභයදාන දුන් අය කියලා පොස්‍ටර් ගහලා , මාධ්‍ය සංදර්ශණයක් දාලා ,බෛයො අන්දලා තුනෙන් දෙක අරගෙන ..ආතල් එකේ ඉන්න නොවැ තියෙන්නේ. 🙄

  9. Deshapremi says:

    දේශ ද්‍රෝහී නොවී ඡන්දය වසර කින් කල් දාන්න

  10. apei rata says:

    මේ වෙලාවේ අපි කරන්න ඕන රජයට සහ සෞඛ්ය සහ ආරක්ෂක අංශ වලට පූර්ණ සහයෝගෙ දෙන එක පමණයි