කොරෝනා ස්භාවිකවම පාලනය වුනා.. එවිට ගෝටාභය ජනාධිපති පුටුවේ සිටියා.. එපමණයි..- විපක්‍ෂය අලුත් සටන් පාටයක් ගෙනේ…

May 12, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා ස්භාවිකවම පාලනය වුනා.. එවිට ගෝටාභය ජනාධිපති පුටුවේ සිටියා.. එපමණයි..- විපක්‍ෂය අලුත් සටන් පාටයක් ගෙනේ…

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති ව තිබෙන නිසා ඊට සූදානම් විය යුතු බව විපක්ෂයේ දේශපාලන පක්ෂ ප‍්‍රබලයෙක් තම සමාජ ජාලා ක‍්‍රියාකරුවන් අමතමින් දැනුම් සී ඇත.

ඒ අනුව කොරෝනා ව්‍යාපෘතිය සත්‍ය වශයෙන්ම පාලනය වී ඇති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන නිසා එම තත්ත්වය විපක්ෂයට මැතිවරණයේදී වැඩි අවාසිදායක තත්ත්වයක් මතුවනු ඇතැයිද ඔහුගේ අදහස වී ඇත.

මේ නිසා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කරන ලද්දේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිළධාරීන් විසින් බවත් එහි ගෞරවය හිමි විය යුත්තේ දේශපාලන නායකත්වයට නොවන බව සමාජ ජාලාවල තහවුරු කළ යුතු බවටත් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වීම නිසා පවතින උෂ්ණත්වයෙන් වෛරසය පැතිරීම අවම වූ බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක ඇති නිසාද වෛරසය පැතිරීම අඩු බවත් වැඩි වැඩියෙන් සමාජයට ඒත්තු ගැන්විය යුතු බව සමාජජාල ක්‍රියාකරුවන්ට දැනටමත් දැනුම් දී ඇත.

කොටි සංවිධානය සමගින් පැවති යුද්දය ස්වභාවිකවම අවසන් වූ බවත් එවිට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වී සිටියා මිස ඔහු යුද්දය අවසන් නොකල බව මෑතකදී විපක්‍ෂ ප‍්‍රබලයෙක් විසින් පල කරන ලද අදහසක්ද සමාජයේ දැඩි විවේචනයට ලක් විය.

258 views

20 Comments to “කොරෝනා ස්භාවිකවම පාලනය වුනා.. එවිට ගෝටාභය ජනාධිපති පුටුවේ සිටියා.. එපමණයි..- විපක්‍ෂය අලුත් සටන් පාටයක් ගෙනේ…”

  1. රටවැසි says:

    ඒ අනුව පෙනී යන්නේ මහ බැංකුව ඉබේ කැඩෙද්දී අහිංසක සනිල් , අකමැති කමේ හිටියා වාගේ , නේ .

  2. chan says:

    මේකත් ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා කො⁣රෝනා සුව උනා කියපු අයමද කියල තියෙන්නේ

  3. Ajith says:

    කෘත ගුණය නොමැති රදා පෑඩ් ප්‍රමුක ගුණ මකුවන් හට ලෝක පාලක විශ්ව ධර්මයේ සාපයයට මුහුණ දීමට වනු ඇත.

  4. ආරිය says:

    වැඩක් කරගන්න බැරි, කැපෑසිටි නැති, අඩුම ගානේ ළමයෙක් වත් හදාගන්න බැරි ඒ උනාට බැංකු කඩලා පුට් නෝට් දාන්න දන්න කට වාචාල බටහිරට වන්දිභට්ටකම් කරන සට්ටැඹියන්ට කරන්න පුළුවන් විවේචන විතරයි. උන් කරපු වැඩක් නැහැ.
    ජෙප්පෝ වැවි හාරන්න ගිහින් ඒවයෙ පතුලේ යොදා තිබුණු සියුම් ස්ථර විනාස කරලා වැව් පිටින් විනාස කලා. කෝප් කමිටු මුල් තැන අරන් ටීවී ෂෝ දාලා ජනප්‍රිය වෙන්න දැඟලුවා මිසක් රටට කරපු යහපතක් නෑ. දාපු නඩුවක්පදීපු දඬුවමක් නෑ.
    පහුගිය අවුරුදු 4 1/2 රට වලපල්ලට යැවීම හැර කරපු දෙයක් කෝ?

  5. මූ බල්ලෙකුට cross වෙච්චි එකෙක් ..

    • නියම බල්ලා says:

      ඔහේට නඩු දානවා අපහාසෙට . අපි නියම බල්ලො , කොරොස් කොරන්නෙ වැදගත් බැල්ලියො එක්ක ඉතරයි . හේනං කො .

Main News