කොරෝනා සාම්පල පිරිලා.. රසායනාගාර ධාරිතාව ඉක්මවලා..- රජයේ රසායනාගාර ප‍්‍රධානී කියයි..

October 27, 2020 at 10:48 pm | lanka C news
කොරෝනා සාම්පල පිරිලා.. රසායනාගාර ධාරිතාව ඉක්මවලා..- රජයේ රසායනාගාර ප‍්‍රධානී කියයි..

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගර පිරී ගොස් ඇතැයි රසායනාගාර සේවා ප‍්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කරයි.

කොරෝනා පරීක්‍ෂණ සදහා ලැබී ඇති ජීව සාම්පල වලින් රසායනාගාරය පිරී ඇති බවත් ඔහු පැවසීය.

එනිවා ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමද ප්‍රමාද වන බවද ඔහු සඳහන් කළේය.

දැනට මෙරට තුළ ඇති කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉක්මවා යමින් ඇති බව පෙනී යන බවද ඒ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් විනාඩි පහළොවක් විස්සක් ඇතුළත කොරෝනා පරීක්ෂණ කල හැකි උපකරණ මෙරටට ගෙන්වන බව ද ඔහු සඳහන් කළේය.

එම පරීක්‍ෂණ ක‍්‍රම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන බවත් ඒ මහතා කියා සිටියේය.

31,486 views

13 Comments to “කොරෝනා සාම්පල පිරිලා.. රසායනාගාර ධාරිතාව ඉක්මවලා..- රජයේ රසායනාගාර ප‍්‍රධානී කියයි..”

  1. ප්‍රසාද් says:

    පසුගියදවස් වල පම්පෝරි ගහපු කුමුදේශ්………. දැන් මොකද කියන්නේ…….රෙදි ගැලෙව්‍වා නේද?????
    කෝ අර කියපු ධාරිතාව?????

Main News