කොරෝනා සියළු ප‍්‍රබේද ලංකාවේ.. නිවැරදි වාර්තා නෑ.. මරණ ගණන බොහෝ ඉහල යාවි..

July 21, 2021 at 11:20 am | lanka C news
කොරෝනා සියළු ප‍්‍රබේද ලංකාවේ.. නිවැරදි වාර්තා නෑ.. මරණ ගණන බොහෝ ඉහල යාවි..

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කොරොනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ දැන් තිබිය හැකි බව බලධාරීන් ප්‍රකාශ කළ ද වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදිව දත්ත සපයා නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සංඛ්‍යාව වැඩියෙන් සිදුහැකි බවද සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියි.

අද පවතින්නේ කොරෝනා රැල්ල ඉහල පහල යෑමක් මිස විද්‍යාත්මක පාලනයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබෙන හේතුවෙන් ඉදිරියේ දී ජනතාව කුමන තත්වයකට මුහුණදීමට සිදුවේ දැයි අවිනිශ්චිත යයිද ලේකම්වරයා පැවසීය.

මෙවන් වසංගතයක් පාලනයේ දී මූලිකත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට වුවද ලංකාවේ තීරණ ගනු ලබන්නේ දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් මත වීම බරපතළ ගැටලුවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

25,408 views

10 Comments to “කොරෝනා සියළු ප‍්‍රබේද ලංකාවේ.. නිවැරදි වාර්තා නෑ.. මරණ ගණන බොහෝ ඉහල යාවි..”

  1. rew says:

    thopi kade giya neda me uddachcha mole nathi mi haraka janadipathi karanna..thope wada hinda mulu ratama widawanawa…dan itin oya nakichcha marenakan galawimak ne ratata.

  2. KP says:

    මේ ගොල්ල හිතා ඉන්නේ මේ ගොල්ල ප්‍රකාශ නිකුත් කරන්නේ් දේශපාලන ඕනා එපා කම් මත වගේ රටේ අනෙක් ඒවා සේරමත් කෙරෙන්නේ ඒ විදිහට කියලද?

  3. Rajitha says:

    මේ ප්‍රකාශය වෙන මොකටවත් නෙමෙයි. ඉදිරියේ ලංකාවට සන්චාරකයො ඇවිත් ආර්ථිකයට පන ඒවි කියල බයට. මුං කොහොමද සියලු ප්‍රබේධ දැක්කෙ?

  4. Sam Fernando says:

    We should expedite inoculation programme taking full support of the Tri forces medical staffs. We should administer Cinopharm vaccines as much as possible. It is risky to vaccinate people with Astraceneca jab though.

  5. කුඹුක්කණ් says:

    ඇලොපති භය කරන්නන්ගේ සංගමය , නැගිටලා වගේ

  6. GMOA says:

    වසංගත අංශයේ වැඩ බලන ලොක්කා පුටුව ආරක්ෂා කරගන්න නිවැරදි දත්ත ලබා නොදී ආණ්ඩුවට කඩේ යන හින්දා මුළු රටම අමාරුවේ වැටනවා.

  7. Health says:

    වසංගත අංශයේ නිසි ආකාර ක්‍රම වේදයක් නොමැති බව හොදින්ම පෙනී යනවා.

  8. sana says:

    corona apu palaweni mase idala me set eka janathawa kulappu wena me wage katha eka eka sareta kiyanawa….

  9. jagath says:

    Patta Patta…………………..Very Good

  10. Health says:

    ලෝකේ අනිත් රටවල් එන්නත ගහලා රටවල් අරිනවා අපි වහනව

Leave a Comment

Main News