කොරෝනා සීමා නෑ.. බස් පුරවා සෙනග අදිති…

January 11, 2022 at 2:02 am | lanka C news
කොරෝනා සීමා නෑ.. බස් පුරවා සෙනග අදිති…

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සහ හැටන් බස් නැවතුම්පොලට පිටතින් පැමිණෙන කෙටි දුර සහ දිගු දුර ධාවනය කරන බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කරන  අයුරු දක්නට ලැබින.

17% කින් බස් ගාස්තු වැඩි කිරිමේදි ලංගම සහ පෞද්ගලික බස් රථ සංගම් ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහනය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදි එකගතාවයක් ඇතිකරගෙන ඇත.

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කල අතර , එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,549 views

4 Comments to “කොරෝනා සීමා නෑ.. බස් පුරවා සෙනග අදිති…”

  1. මරතේනිස් අයියා says:

    ලංකාව පුරාම තත්වය ඕක තමයි.දිලුම් අමුණුගමනම් කියන්නෙ එහෙම යන්න දෙන්නෙම නෑ කියලා උන්නැහේ එහෙම කයිවාරැ ගහනකොට බස් එකේ යන අපේ පස්සා පැත්තෙනුත් හිනා යනවා.උන්නැහේ පාරෙඉයන එනකොට ඕව පේන්නෙ නැතිව ඇති.මොකද සැප වාහනේ වීදුරැ කලු කරලනේ

  2. LalithM says:

    මිනිස්සුන්ට පාසල් දරුවන්ට ගෙදර යන්න ඕන. ඒ පහසුකම නොදී ඒවා පටන්ගත්ත. මෝඩ උද්දච්ච තීරණ අරගෙන ඇනගත්තම ඒකට උත්තර දෙන්න පොලිසියට බෑ.ගොන් ප්‍රවෘත්තියක් නිර්මාණය වීම පමණයි.

  3. නානා says:

    සල්ලි හොයලා මැරුනත් කමක් නැහැ. තද වෙලා ගිහිල්ලා කොවිඩ් හැදුනත් කමක් නැහැ. මේ ඔක්කෝම වැඩිහිටියෝ, අත දරුවෝ නෙමේ.

  4. dr says:

    කලින් සාමාන්‍ය අවම ගාස්තුව රු. 12
    කොරෝනා අවම ගාස්තුව රු 14

    දැන් කොරෝන අවම ගාස්තුව රු. 17

    එදා ඉදන්ම මගීන් අසන ගානට ගත්තේ නැ, නමුත් කොරෝන ගාස්තුව අය කලා,
    පොලිසියත් මේ දුෂිතයන් සමඟ එකතුවෙලා ජනතාවට කොකා පෙන්නුවා.

    දැන් සාමාන්‍ය අවම ගාස්තුව ප්‍රකාශ කර ක්‍රියාත්මක කල යුතුය.

Leave a Comment

Main News