කොරෝනා සුවවන ආයුර්වෙද ඖෂධ නෑ.. පච කියන ආයුර්වේද දොස්තරලාගේ බලපත‍්‍ර අහෝසියි..

June 1, 2021 at 10:00 am | lanka C news
කොරෝනා සුවවන ආයුර්වෙද ඖෂධ නෑ.. පච කියන ආයුර්වේද දොස්තරලාගේ බලපත‍්‍ර අහෝසියි..

මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිය (ශිල්පීය) සඳහන් කළාය.

කොවිඩ් රෝගය සුව කළ හැකි බවට කිසිදු ආයුර්වේද ඖෂධයක් සදහා සූත්‍රකමිටුව මෙතෙක් අනුමැතිය ලබා දී නැති බව ආයුර්වේද කොමසාරිස් (ශිල්පීය) වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය සදහන් කළාය

මේ දිනවල කොවිඩ් රෝගය සඳහා යැයි පවසමින් ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ඖෂධ හඳුන්වා දුන්නද ඒවා ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයන් මිස කිසියම් රෝගයක් සුවකිරීම සඳහා වන ඖෂධයක් නොවන බව ඇය පෙන්වාදේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් තමා විසින් සාදන ඖෂධයක් තමා ළඟට පැමිණෙන රෝගීන්ට ලබාදීම සඳහා සූත්‍රකමිටුවේ අනුමැතියක් අවශ්‍ය නොවන නමුත් වෙළෙඳපොළ අලෙවිය සඳහා යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් පමණක් සූත්‍රකමිටුවේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව 1973 ඖෂධාගාර නියෝග මාලාව යටතේ සඳහන් කර ඇතැයි ඇය පෙන්වා දෙයි.

ඇතැම් කරුණු කාරණා නිරාකරණය කරගැනීමට යාමේදී විවිධ බලපෑම් මතුවන අවස්ථාවන්ද තිබෙන බැවින් එවන් විටක නිහඬව සිටීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ශ්‍රියානි විජේසිංහ
– aruna

29,244 views

26 Comments to “කොරෝනා සුවවන ආයුර්වෙද ඖෂධ නෑ.. පච කියන ආයුර්වේද දොස්තරලාගේ බලපත‍්‍ර අහෝසියි..”

  1. සිල්වා says:

    බහුතර ජනතා මතය නොවැටහෙන අපේ ජනපති.

  2. JH urumaya says:

    දැන් එතකොට බටහිර වෛද්‍ය ක්‍රම අනුව හදල එන්නත් වලින් සුව වෙනවද?

    • කුඹුක්කණ් says:

      නෑ හැදුන අයට දෙන්නෙත් නෑ,
      හැදිලා ඉන්න අයට සුව වෙන්නෙත් නෑ
      නොහැදුන කෙනෙක්ට දුන්නා කියලා , හැදෙන්නෙ නෑ කියන ගැරන්ටිය දෙන්නෙත් නෑ
      අතුරු ආබාධ වලට වගකියන්නෙත් නෑ
      මලොත් වන්දිය වත් නෑ

      ඉතිං ඒකනෙ බං විද්‍යාත්මකයි කියන්නෙ.
      පෝලිමේ ගිහිං ගහගමු
      එකක් ඩොලර් 15 යි, රුපියල් 3000/- විතර මාත්‍රා දෙකටම 6000/- යි

      4 දෙනෙකුට හරියන ධම්මික පැණි කාල 2500/- කියලා වෛද්‍ය සේල්ස් රෙප් සංගමයේ කුහක මූණක් තියෙන මරි මූසල ඇලොපතියෙක් ගණං හැදුවා.
      එන්නත් වලටත් ගණං හදමු නේද? පිටරටට රටේ සල්ලි පොම්ප කරන බල්ලනී…

    • Ruhdtug says:

      Umbata vena vaccine gahanna hondai.. mewa boru.. batahira negenahira nevei yako … kramayak thiyenawa nigamanayakata enna puluwan.. eka anuwa western eastern kussiye pilikanne maha kelewe vunath prasnayak ne….

  3. වන්නියා says:

    එතකොට බටහිර දොස්තර මහත්තුරු ආයුර්වේද බෙහෙත් වලින් හදන බෙහෙත් කමක් නැද්ද .

  4. Forimin says:

    මේකට විරුද්ධව අහල තියෙන ප්‍රශ්න දිහා බැලුවම පුන්නක්කු දුන්නත් බොන අය ඉන්න බව පේනවා.

  5. Ravana parapura says:

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ “දේශීය චිකිත්සාව” හෙවත් සිංහල වෙදකමයි.

Main News