‘කොරෝනා සුළුපටු රෝගයක් නොවේ.. සංචරණ සීමා තවත් දීර්ග කරනවාද..’ කැබිනට් ප‍්‍රකාශක කියයි..

August 29, 2021 at 12:00 pm | lanka C news

කොරෝනා වෛරසය සුළුපටු රෝගයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ආසාදිතයන් වාර්තා වීම අනුව සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

නමුත් ඒ දේශපාලන තීන්දුවක් නොව රෝගීන් වාර්තා වීමක් මත සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දුවක් බවත් ඔවුන්ගේ තීන්දුව අනුව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

කොරෝනා වෛරසය බැරෑරුම් ලෙස මුළු ලෝකයම පිළිගන්නා බවත් අපේ ජීවිත කාලයේ දී මුහුණ දෙන ප්‍රබලම සෞඛ්‍ය තර්ජනය මෙය බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රටපුරා එන්නත්කරණය වේගයෙන් සිදු වුවද මාත‍්‍රා දෙකම ලබා ගත් ගත්තද හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බලපිටිය මූලික රෝහලේ දී මාධ්‍ය අමතමිනි.

42,483 views

18 Comments to “‘කොරෝනා සුළුපටු රෝගයක් නොවේ.. සංචරණ සීමා තවත් දීර්ග කරනවාද..’ කැබිනට් ප‍්‍රකාශක කියයි..”

  1. Sagarika Alvis says:

    Kohoma hri dawasin dawasa wadi wena asaditayo ha marana dakkama adu wenakan nawatha rata wiwurtha nokala yuthui. Noesenam rate thathwaya tawath bayanaka wiya haki.

  2. Sirimal says:

    It is a minor ailment for mr
    Seven brains and his followers

  3. රටේ මිනිස්සු ඔක්කොම දන්නවනේ මේ විශේෂ දොස්තරලා උදේ සිට රෑ වෙනකම් කරන්නේ මොකක්ද කියලා. මිනිස්සුන්ගේ සල්ලිටික හුරාකන එක මිස ඉස්පිරිතාලයක වැඩකරන්නේ පැය භාගයකටත් අඩු කාලයක්. මුන්ගේ වෙදකමට වඩා වැඩි යමක් ගමේ ඉන්න වෙදමහත්තයා කරනවා. අදත් මේ කොරෝනා මේ විධිහට පාලනය වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන සිංහල බෙහෙත් ටික නිසා. ලෝකේ දිහා බලපන්. අද ලෝකේ කොයි රටද වහලා තියෙන්නේ. කොරෝනා වලින් අපිටත් වඩා බැටකන රටවල් ඔක්කොම රට අරගෙන යමරෙට වැඩ. මිනිස්සුන්ගේ හික්මීමක් නැතිකමට ප්‍රජාතන්ත්‍රවාදී කියන ආණ්ඩුවකින් කළහැකි දෙයක් නැත. එය එක්දිනකින් වෙනස් කරන්න නම් චීනය, කුබාව වැනි සමාජවාදී රටක් හරි , ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි ධනවාදී රටක් හරි වෙන්ට ඔනෑ. මේ පකේ ප්‍රජාතන්ත්‍ර වාදය රටේ තියනකම් සිදුවෙන්නේ මෙහෙම තමයි. ජෙප්පෝ, ප්ලකනිල් කාරයෝ වැනි රටට හානිකරන දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට දේශපාලනය කරන්ට තමයි ප්‍රජාතන්ත්‍ර වාදේ කියන එක තියෙන්නේ. මුන්ගේ මේ කියන එක පිටිපස්සේ තියෙන්නේ දේශපාලනේ. මුන්ට ඕන රටේ ආර්ථිකේට කෙලවලා බලයට ඒම පමණයි. එදාට මේකේ මුන්ට පක්ෂව කොටන කීබෝර්ඩ් වීරයන්ට කලිසමත් නැතිව තමයි යන්න වෙන්නේ. දැක්කනේ 2015 සිට 2019 දක්වා වුන දේවල්. උන් කල විනාශේ හැටියට අද මේ රට මෙහෙමවත් දුවන එක පුදුමයි. මුන් කියන කියන විදිහට රට වාහන එක කීයටවත් නොකළ යුතුයි.

  4. කොමිස් කාක්කන්... says:

    අළුත් හොරෙක්…!

    ජනතාව මුළා කරනා ඇලෝපාතික. මිණී කන්නන්.. කොමිස් කාක්කන්…
    ආර්ථිකය විණාශ කිරීමට කටයුතු කරන බව අවබෝධ කර ගත යුතුය..!