කොරෝනා සුළු ලෙඩක් කියූ එස්.බීට බුරන ගෝත්‍රික පුරවැසියා වෙත..

August 30, 2021 at 8:40 am | lanka C news

‘රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටහන’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් දැක්වෙයි.

එස්.බීට බුරන ගෝත්‍රික පුරවැසියන් වෙත.

එක්තරා කැලයක තිබුණු බෙලි ගසක් යට දවල් හීන හැට හුටහමාරක් දකිමින් නිදා සිටි හාවෙකු එක පාරටම අවදි වී දුවන්නට පටන් ගත්තේ ලෝකෙ පෙරලෙනවෝ ලෝකෙ පෙරලෙනවෝ යැයි මහ හයියෙන් කෑගසමින් මහ වනයම දෙවනත් කරමින් සියලු වන සතුන් ද කුලප්පු කරමිනි. නමුත්, අවසානයේදී එම කුලප්පු වී දිවීම බෙලි ගෙඩියක් වැටීමේ හඬට බිය වී කුලප්පු වී දිවීමක් බව වන සතුන් හැමෝටම අවබෝධ විය.

කොවිඩ් මරණ සංඛ්‍යාව ගැන අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතයට පෙර සහ කොවිඩ් වසංගතයට පසු දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවෙහි වෙනසක් නොපෙන්වන බවයි. ගෝත්‍රික පුරවැසියා කල්පනා නොකරන – එහෙත්, තර්කනයක් සහිත ජනයාට නැගෙන අත්‍යවශ්‍ය පැනයකට පිළිතුරක් ඇමතිවරයාගේ එම කරුණු අනාවරණය කිරීම හරහා සිදුවීම හොඳ ය.

කොවිඩ් තිබුණා වුවද දෛනික මරණ සංඛ්‍යාවෙහි වැඩි වීමක් නොපෙන්වන්නේ නම් මෘත ශරීරාගාරවල මිනී ගොඩගැසී පිරී ඉතිරී යනු රූපවාහිනියෙන් අප දකින්නේ ඇයි? ඊට හේතුව විවිධ රෝග නිසා මැරුණු අයට මැරුණු පසුව PCR කොට ඒවායෙහි වාර්තා එන තුරු ඥාතීන් වෙත මිනී නිදහස් නොකිරීම නිසා එම මිනී ගොඩ ගැසී තිබීම නොවේද? වෙනත් රෝගවලින් මැරෙන අයට මැරුණු පසුව කොවිඩ් ද කියා බලන්නේ ඇයි? රෝහලේ සිටින රෝගියෙකුට මැරෙන්න පෙර කොවිඩ් ද නැද්ද කියල තීරණය කිරීම ට බැරි ද?

අපට තිබෙන ප්‍රශ්න වලින් එකකට ඇමතිවරයා පිළිතුරු දී ඇති නමුත් සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කළ යුතුව ඇති කරුණු කිහිපයක් ඇත.

කොවිඩ් වසංගතයට පෙර රටේ සාමාන්‍යයෙන් වාර්තා වූ දෛනික නිවුමෝනියා රෝගීන් සහ එම මරණ සංඛ්‍යාව කොපමණ ද? දැන් එම පිරිස කෝ? ඔවුනුත් කොවිඩ් ගොඩටම එකතු කරන්නේ ද? කොවිඩ් රෝගියෙකුගෙත් සාමාන්‍ය නිවුමෝනියා රෝගියෙකුගෙත් PCR වාර්තාවල පෙන්නුම් කෙරෙන්නේ එකම උත්තරයක් ද? නොඑසේ නම් එම වාර්තාවල වෙනස්කම් මොනවාද? මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණවලින් කී දෙනෙක් කොවිඩ් නිසා පමණක් මිය ගිය අයද? කී දෙනෙක් වෙනත් නිදන්ගත රෝග වලින් පෙලෙමින් සිටි අයවලුන් ද? කොවිඩ්වලට පෙර දෛනිකව පිලිකා,වකුගඩු,හෘද, දියවැඩියාව වැනි රෝගවලින් පෙළුණු රෝගීන්ගේ මරණ කීයක් වාර්තා වූවා ද? දැන් ඒ සංඛ්‍යාව කෙබඳුද? ආදී වශයෙන් විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් නොපමාව රටට ඉදිරිපත් කළ යුතුව ඇත.

එසේ නොවන තාක් ගෝත්‍රික පුරවැසියා සිතනු ඇත්තේ සහ රජයට බල කරනු ඇත්තේ කොවිඩ්වලට ඇති එකම විසඳුම රට වැසීම බවය. කොවිඩ්වලින් බේරීමට රට වැසීම සුළඟින් බේරී සිටීමට ඉටි රෙද්දකින් වසාගෙන සිටීමට සමාන වන බව බලධාරීන් විසින් ජනතාවට තේරුම් කර දිය යුතුව ඇත. මෙම රෝගයෙන් බේරීම සඳහා රට වසාගෙන සිට කෙසේ හෝ මෙම රෝගයෙන් අපි බේරෙනවායැයි මොහොතකට අපි සිතමු. මේ රෝගයෙන් පසු මෙවැනිම පන්නයේ තවත් රෝගයක් ආවොත් අපි ඒ සඳහාත් රට වසා දමනවා ද?

කොවිඩ්වලින් බේරීම සඳහා වන සාධාරණ සහ විද්‍යාත්මක විසඳුමක් කෙරෙහි අපේ අවධානය යොමු වනු ඇත්තේ අපේ රට දැය සමය පිළිබඳව වන අප තුළ තිබෙන තක්සේරුවේ ප්‍රමාණය මතය. අපේ දරුවන්ට පාසල් ගමන නැවතී වසර දෙක පිරෙන්න ආසන්නය. රටේ ජාතික ආර්ථිකය පණ අදිමින් මරණාසන්නයේය. කරුණු එසේ තිබියදී අපි අපේ ජීවිතය බේර ගැනීමට පමණක් ආත්මාර්ථකාමි වී සිටින්නෙමු. හසලක ගාමිණිත් මෙලෙස ම සිතුවා නම් කෙලෙස වනු ඇද්ද?

අපේ රටේ ජනතාවගේ ජාත්‍යාලය සහ දේශප්‍රේමය මැන ගත හැකි හොඳම අවස්ථාවක් වූයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යි. හැම කෙනෙකුටම එන්නත ලබා දෙන බවට රජය සහතික වී තිබියදී පවා අනෙකා උන්නත් එකයි මළත් එකයි මම කෙසේ හෝ එන්නත ගහ ගන්න ඕන කියන චේතනාව අනුව වැඩ කරපු කොතරම් නම් පිරිසක් මේ සමාජයේ මේ දිනවල අපි දකින්නෙමු ද?

කොවිඩ්වලට පන්න පන්නා ටෙස්ට් කෙරුවට අත්‍යවශ්‍ය පරීක්ෂණ කරගැනීමට නොහැකිව මියයන  රෝගීන් කී දාහක් මේ සමාජයේ ඉන්නවා ද? කරුණු එසේ තිබියදී කොවිඩ්වලට මේ තරම් සමාජයේ අවධානයක් දෙන්නේ ඇයි? කොවිඩ් රෝගීන් ලක්ෂයක් හමුවන විට ඉන් අසූ දහසක් පමණ දෙනා සෙම්ප්‍රතිශ්‍යාව සුව වීමට අදාල ප්‍රතිකාර වලින් සුවය ලබන්නේ නම් මෙම රෝගය සැලකිය යුත්තේ කවර ගණයේ රෝගයක් ලෙස ද? එස්.බීගේ කතාව දෙස බැලිය යුතුව ඇත්තේ මෙම කරුණුත් සමග ය.

සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටහන

57,506 views

35 Comments to “කොරෝනා සුළු ලෙඩක් කියූ එස්.බීට බුරන ගෝත්‍රික පුරවැසියා වෙත..”

  1. Boo says:

    අනුංට වහල්ලු කිය කියා හිටි ගෝත්රික වහල්ලුන්ට මේක දැකලා නහුතෙට තදවෙලා වගේ.

    යමක් තර්කානුකූලව හිතන්න නොදන්න, මඩ ගැහීම සහ සුද්දන්ගෙ පස්ස ලොවීම පමනක් දත් අයට මේ වගේ කරැනු තේරැම් ගන්න අමාරැයි.

    • Tikka says:

      ඒකනේ බලන්ඩකෝ නේ. මුළු ලෝකෙම අන්දිලා තියෙද්දී ආණ්ඩුවේ ඇමතිලා දෙන්නෙක්ට නුවණ පහල වෙලා නේ. ආසියාවේ නෙමේ ලෝකෙම ආශ්චර්ය.

      • Boo says:

        ඒකනේ! අනුංට වහල්ලු කිය කියා හිටි ගෝත්රික වහල්ලු ඒක දඅහලා නහුතෙට තදවෙලා.

  2. Tikka says:

    කොවිඩ් කලමනකිරිම සදහා හරි ක්‍රමවේදයක් තිබුණා නම්, ගල් කෙබර, ඔලමොට්ටල කතා තහවුරු කිරීමට රෙදි සෝදන්නන්ට ගෙවන්ඩ ඕන නැහැ.

  3. PaniMutti says:

    පැණි, මුට්ටි නිෂ්පාදන අංශයේ තවත් බෙදාහැරීමක් – කොරෝනත් හෙම්බිරිස්සාවක්.
    CO-Directors – කෙහෙළිය, එස්.බී
    Media Coverage – සරත් කලුගමගේ, සංවිධායක, රටට හෙටක්

  4. බට්ටා says:

    කොරෝනා අවදානම නිසා මිනිසුන් ගෙදර ඉන්නවා. එබැවින් අනික් ලෙඩ බොහෝ අඩු වෙලා. එස් බී ගේ කතාව හරි.

  5. මාගම් පුතු says:

    “රටට හෙටක්” නම් නැහැ.ඔය කට කැඩිච්චි කතා කියල ඇමරිකන් උත්තමයො උදහස් වෙය්.ඵයාල කියන දෙයක් කොරනව ඇරෙන්න මොනව කරන්නද.හෙට අනිද්ද බිල් ගේට්ස් ඇවිත දෙකට නැමිල පස්ස හරවන්න කිව්වොත් රෙඩි පිට ඉමු.

  6. ගෞම් ඊයාරාජ් says:

    අපේ රටේ ගොං බෛයන්ව අන්දන්න පුලුවන් එක රචනාවකින් , මුළු ලෝකයම කොවිඩ් මර්ධනය කරන්න එක පිලක හිටගෙන , අපේ රටේ අන්ත ගෝත්‍රිකවාදී බෛයි නඩය හැමදාම වගේ වැල යන පැත්තට මැස්ස ගහගෙන දේශපාලන ගමනක අද රුසියාවේ තමන්ගේ අභ්‍යවකාශ තරණ වැඩසටහන වැයවන ඔක්සිජන් ප්‍රමාණය තම පුරවැසියන්ගේ කොවිඩ් අවශ්‍යතාවය වෙනුවෙන් යොදාගෙන , අනෙකුත් රටවල් තමන්ගේ මූලික අවශ්‍යතා පැත්තකට දාලා කොවිඩ් මර්ධනයට යොමු වෙලා , අපේ රටේ මංතීරූ , පාරවල් , හැබැයි අයි.සි.යූ බෙඩ්ස් නෑ , රොහල් ඇදන් නෑ ,ඖශධ නෑ , පිලිවෙලක් නෑ , කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සාව වගේ සුළු ලෙඩක් ලූ , හුලගටත් ඇන්දෙන ගොං බෛයො ඔව්වා පිලිගන්නේ හිස් මුදුනෙන් , උබලගේ ඔය ගොං කතාවලට නුදුරේදි පැවැත්වෙන චන්දයකින් පිලිතුරු ලස්සනට හම්බ වෙයි.

  7. ගල් බයියා says:

    ඔබතුමා තරම් කරුනු තේරුම් ගන්න බැරිවෙලා තියෙන නිසාතමයි ලෝකෙටම කෙලවෙලා තියෙන්නෙ. ඔබතුමාත් පර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්. සරමේ පිස්සේ නැති නිසා ඔබතුමාගෙ තාත්තටත් රෙන්නෙ නැතුව එලියට ගත්ත නිසා අම්මටත් දීර්ගායු

  8. රත්න says:

    මිනිහෙකුට තව මිනිහෙක් බයක් නැතිව හම්බවෙන්න බැරිවෙලා තියෙනවා . කොයි ලෙඩේ ද මෙහෙමෙ තිබුනේ. මේවාගේ වසංගතයක අතදකිමක් මානව සමාජය දැකලම නා. ඉතින් එස්.බිට කහින් මේ වගේ අම්බලන් පාලුවන්ට කියන්න තියෙන්නේ තොපි වාගේ වහලුන් ලෝකෙට උප්පතිය නොලැබුවා නම් හොදයි කියලයි.

Main News