කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..

August 15, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..

කොරෝනා ආසාදනය වී සුවපත් වූ අයෙකුට අනාගතයේ දී පෙනහළු බද්ධයක් සිදු කිරීමට විය හැකි බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක් වැනි මුදලක් උවමනාව වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තමන් විසින් කොරෝනා රෝගය සුවපත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ඖෂධය භාවිතයට ඉඩ දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු 10000 ක පමණ ප්‍රමාණයක් තම ඖෂධය පාලනය කර දිවි බේරාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මෙම ඖෂධය පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්න ද ඇය ඒ ගැන කිසිවක් නොකළ බව ද ඔහු චෝදනා කරයි.

තම ඖෂධය පිළිනොගත්තද බාල ඖෂධ වර්ග පිටරටින් ගෙන විත් රෝගීන්ට ලබාදෙන බවත් ඇතැම් ඖෂධයක් රුපියල් තිස් දහසක් පමණ මිල වන බවත් ඔහු කියා සිටියි.

තමන් දැනට ද සේවය කරන්නේ කරාපිටිය රෝහලේ බවත් තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි.

තමා ඖෂධය සඳහා දැනටමත් සියලු අනුමැතිය ලැබී අවසන් බවද පවසන ඔහු මේ වන විට ද රෝගීන් එම ඖෂධය පානය කිරීමෙන් මරණයෙන් බේරෙන බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

95,336 views

42 Comments to “කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..”

  1. lal says:

    meka thama ara homagama wickerama arachchi weda mathatath katha kerela behth hora kanne giya

    Chamuthida please me wage munussiwa market keranne epa oya puluwanm homagama eickerama arachchi weda matha gana kiyanne.

  2. පොරමෝලා says:

    හොඳට තියෙන පෙනහැල්ල බද්ධකලා කියල බොරුවට කෝටි 4 කඩාගන්න සැලැස්මක් වගේ. මේකා පැණි ධම්මික වගේම එකෙක් . තවත් ඒ වගේ ඩෙංගු වලට බෙහෙතක් හොයාගත්තා කියල ප්‍රචාරයක් යැවූ කාන්තාවක් කොරෝනා වලටත් බෙහෙතක් හොයාගත්තා කියල කියමින් ගරානා පාරක් දානවා. මුන්ට ගල් ගන්න වටින්නෙ

  3. Silva says:

    එහෙම නම් කොවිඩ් හැදිලා මැරිලා යන එක හොදයිනේ.

  4. Jaya says:

    දැන් හැම කඛිඛෙක්ම ඉන්ටවිවි කරනවා.උනුත් මොන හරි කුණුහරුපයක් කියලා යනවා .

  5. Suranjan says:

    ගුරු හොරු වගේම, වෙද හොරුත්
    ඉන්නවා බොහෝම පරිස්සමින් ..
    උතුම් වෘත්තීන් නිගාවට ලක්කරන් මුන් ගෙන් ඔබත් ප්‍රවේශම් වන්න !!

  6. Chandana Gomes says:

    බෙහෙත හොදනම් බ්ව්වට අතුරු අබාධ නැත්නම් පුත්තලම් බුරුවන් ගේ කථා වැඩක් නැහැ උන් මෙච්චර දවසක් කරපු දෙයක් නැහැ , ඔබට පිං සිද්ධ වෙයි බෙහෙත රෝගින්ට ගන්න ප්‍රසිද්ධ පිළිවලක් සකසන්න ඉක්මනිස් . තමන්ට තමන්ගේ ආරක්ෂාව දැන් සපයා ගන්න සිදුවෙලා රජය පඩවෙලා නිසා

  7. ජුවානිස් says:

    හරි හරි .
    උඹේ කරල් කෑවොත් ඔක්කොම හරි නේද?
    ඒක නේද ඔය කියන්නේ ?
    කීයද ගාන ?
    මැරෙන තුරා ඕක ගිලින්න ඕනෙද?
    හා හොඳයි… කියන්නකෝ ඔයාගේ සුරංගනා කතාව පැහැදිලිවම …

Main News