කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

February 3, 2020 at 3:26 am | lanka C news
කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ.

මේ වන විට ඇයගේ ජීව සාම්පල අවසාන වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකර ඇත.

එහි ප්‍රතිඵලය ලද වහාම එම කාන්තාව රෝහලින් පිටත්කර හරින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මේ අතර කාන්තාව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් සමාජ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම කාරුණික බවත් තමන් සුවපත් කලාට ස්තුති කරන බවත්ය.

164 views

6 Comments to “කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..”

  1. SL says:

    IDH is one of the best places in SL who treat well fir the virus infected patients. I had been there for few times.

  2. සෝමෙ says:

    ඒ වුනාට කෝකටත් තාම මුඛවාඩම් දාගෙන නේ????

  3. desta says:

    e manussaya suwa weccha eka hodai den ithin chinawalin higa kanna lesei

  4. කිරිමෙල් says:

    අපේ රෝහල්වල වෙෙද්‍යවරු අැතුළු කාර්ය මණ්ඩලයේ සේවය අගය කලයුතු අවස්ථාවක බාල, පුහු, තුච්ඡ දේශපාලන අදහස් බැහැර කලයුතු බව වටහාගැනීමට නොහැකිව තප්පුලන්නන් තවමත් අැතිබව පෙනෙයි.

Main News