කොරෝනා හැදුනු පවිත‍්‍රාට ෆේස්බුක් එකේ කොචොක් කරනවා..- සුදර්ශනී

January 24, 2021 at 11:23 am | lanka C news
කොරෝනා හැදුනු පවිත‍්‍රාට ෆේස්බුක් එකේ කොචොක් කරනවා..- සුදර්ශනී

කොරෝනා ආසාදිතව දැනට නිරෝධායනයේ යෙදී සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවන සටහන ගැන සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් තම සමාජ ජාල දීමේ තබා ඇති සටහනක් මෙහි දැක්වේ.

කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑම මනුෂ්‍යයෙකුට වැළදීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි.

එය අද මට හෙට ඔබට වැළදීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළදී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ටද වැළදී ඇත. එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලුදෙනාගේම වගකීමය.

මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටද වෛරසය ආසාදනය වී ඇති අතර කොවිඩ් මර්දන සටන වෙනුවෙන් කැපවූ ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩකටයුතු ආරම්භ කල ඇයට ලැබුණු ප්‍රමුඛ අභියෝගය කොවිඩ් 19 වන අතර ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීම සදහා ඇය විසින් ඉටුකල කාර්ය භාර්ය කිසිසේත්ම අමතක කල යුත්තක් නොවේ. එහෙත් වෛරසය ආසාදනය වූ ඇයට සමාජ මාධ්‍යතුළ ඇතැම් පිරිස් විසින් දේශපාලනික වශයෙන් සිදුකෙරෙන නින්දා අපහාස කිරීම් පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු අතර මෙවැනි අවස්ථාවක මිනිස් ගුණ දම් දන්නා කිසිවෙකු විසින් එවැනි දෑ අනුමත නොකරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය ඇතුළු වෛරසය ආසාදනය වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ අප සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
(පා.ම)

33,018 views

12 Comments to “කොරෝනා හැදුනු පවිත‍්‍රාට ෆේස්බුක් එකේ කොචොක් කරනවා..- සුදර්ශනී”

  1. Saman K says:

    If she didn’t promote the “Peniya” and “Muttiya” we wouldn’t have utter a word 😑

  2. කමල් says:

    මේ තමයි බහුතර බයියන්ට ටොයියන්ට, ජෙප්පන්ට නැති හැදියාව. කරදරයක් වුනාම වෛරය නිසා හිනා වෙලා රටක් විදිහට කවදාවත් හරියන්නේ නෑ. ඕක ඇඟට එන්න ඕන. ඇත්තටම රෙස්පෙක්ට්

  3. john the baptice says:

    එයා ඒලියන්තගෙ මුට්ටිය ගඟට දාල මේසන් බාස්ගෙ පැණි බිව්වනෙ ඒකයි

  4. සදුනි says:

    වෙන රටවල් වල කොරෝන හැදිච්ච නායකයෝ පැණි බිබී මාධ්‍ය සංදර්ශන දැම්මේ නෑ ඇන්ටි

  5. Purawesiya says:

    She has been doing a good service from the beginning. No question about that but she made many mistakes those unsuitable to a Minister of Health of the country.

  6. RAW Agent says:

    She shows her decency and high culture.

  7. kamal says:

    කපටිකම නැතිකරන්න පුලුවන්ද ගුරුදෙව්
    පුතා ‍කුට කම නැති කරාට පස්සෙ කපටිකම වැඩියෙන් තෙරෙනවා. නමුත් කපටි කම නැති කරන්න රුපය නෙවෙයි නැති කරන්නෙ. නමුත් රුපයේ කුසල් මෙන්ම අකුසල් දෙකම තියෙනවා. කාමය වරදවා හැසිරෙන රුපයක තියෙන්නෙ අකුසල් මෛත්‍රි කරන රුපයක තියෙන්නෙ කුසල්. රුපයෙන් තොරවත් නෙවෙයි රුපය සමගත් නෙවෙය. සම්මා දිට්ඨිය සමග තමයි පඤ්චඋපාදානස්කන්ධය බලන්න ඔනේ. රුපයේ නෙවෙයි ප්‍රශ්නෙ සම්මා දිට්ඨිය නැති එකේ.

  8. Pork says:

    Brandix පොකුරේ මුල් අවස්ථාවේදි හා පෑලියගොඩ මුල් අවස්තාවේ මිනිස්සුන්ට බොරු නොකියා lockdown කරලා පාලනය කලානම් ඔයතරම් මිනිස්සු මැරෙන්නේ නැහැ අපේ රටේ…සමාජයට පැතිරිලා නැහැ කියලා බේගල් ඇදබාලා මුලු රටම කොවිඩ් කලාපයක් වෙන්න ඉඩ ඇරියා…වැඩපිලිවෙලක් බෙහෙතක් හොයා ගන්න අසමත් නිසා මුට්ටි දාලා පැනි බීලා සැබෑ තත්ත්වය සමාජයෙන් වසන් කලා….දිට්ඨ ධම්ම වේදනීය කර්මය විය හැකිය ….

  9. ජමල් ඛසෝජී says:

    විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
    පා.ම ගෙ fb ශෝක සටහනත් ගුස්පිම කෝචෝක් එකක් තමයි bro.. හා නැද්ද…

  10. Ganja dilip ge amma tahukanna says:

    Oyath eka mathak karana gaman heeniyata kochok parak danawa minissunta mathak kara deemen neda? Api nodanna monara thenna🤔🤔🤔🤔🧐🧐🧐🤑🤑🤮🤮🤮

Main News