කොරෝනා හැදුනු බිරිද මරා වෙන කසාදයකට සෙට්වෙලා.. බිරිද මැරෙන්නත් කලින් මල් ශාලාවට ගෙවලා..

September 22, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා හැදුනු බිරිද මරා වෙන කසාදයකට සෙට්වෙලා.. බිරිද මැරෙන්නත් කලින් මල් ශාලාවට ගෙවලා..

කොරෝනා වෛරස ආසාදනය වී සිටි තම බිරිඳ ඝාතනය කර වෙනත් කාන්තාවක් හා විවාහ වීමට සූදානම් වී සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව පොලීසිය සඳහන් කරන්නේ මියගිය බිරිඳගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව මෙම විවාහය සිදුකර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා සූදානමින් සිටි බවයි.

බිරිඳ ඝාතනය කිරීම සඳහා යොදාගත් අඩක් පිළිස්සුනු කොට්ටයක් සහ ඇඳ ඇතිරිලිද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වයස අවුරුදු 13ක් හා 06ක් වන දරුවන් දෙදෙනෙකුද මෙම යුවලට සිටී.

කොරෝනා ආසාදිත එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීම මත හුස්ම ගැනීමේ අපහසුතාවය මත මරණය සිදුව ඇති බවයි.

ඉන් අනතුරුව අදාල සැමියා බොරලැස්ගමුව පොලීසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඝාතනය පිළිබඳ සියලු කරුණු හෙළි කර තිබේ.

බිරිඳගේ මරණයට පෙර ම මල් ශාලාවකට දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා මුදල් පවා ගෙවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

72,501 views

11 Comments to “කොරෝනා හැදුනු බිරිද මරා වෙන කසාදයකට සෙට්වෙලා.. බිරිද මැරෙන්නත් කලින් මල් ශාලාවට ගෙවලා..”

  1. මිතොටමුල්ලේ සුමනා ගෝමස් says:

    බලන්න මුගේ පස්සා පැත්තේ ලොකුවට පොහොට්ටු පච්චයක් කොටලා තියනවද කියල.

  2. කුඹුක්කණ් says:

    වැක්සීන් එක ගැස්සෙව්ව නං ඔච්චර නටන්න දෙයක් නෑ, ඌට ඕන වැඩේ කරගන්න තිබ්බා.

    • Silva says:

      නලින් සිල්වගෙ ගෝලයෙක් නේද උබ? නලින් සිල්වත් වැක්සින් එක අරන් ඉන්නෙ. 😀

      • කුඹුක්කණ් says:

        මං බුදුහාමුදුරුවන්ගෙ ගෝලයෙක්

        උන්වහන්සේ වැක්සීන් ගත්තෙ නෑ

        • Yakaa says:

          Man don’t show your lame ass stupidity here. I saw you were commenting against vaccination everywhere. Don’t pull lord budhdha here as at that time were was no vaccinations. Once you were born, you were given a set of vaccinations and because of that you stay healthy still today. Don’t show your stupid mentality and read some stats of other countries.

        • Amda says:

          උඹේ මොන්ගල් කතා වලට බුදුහාමුදුරුවො ඈඳ ගන්න එපා කාලකන්නියො

  3. Naughty Boy says:

    Muge walaththkamata, podi ewun dedena asarana wenawa. Pawu!

  4. Love nature says:

    රූපං ජීරතී මඡ්ඡානං… නාමගොත්ථං නජීරතී..
    ලස්සන සැමදේ මොහොතක සුවදේ….
    එහි කෙළවර දුකදේ… එහි කෙළවර දුකදේ..
    දෙනෙත පෙනේ නම්..
    සුවඳ දැනේ නම්,
    සවන බිහිරි නැති නම්..
    සැපත වශීවී විපතට ලංවී
    කිමද සැපෙක පස්කම්…..
    දැල්වෙන අතරේ.. සදහම් සිහිලේ
    මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ..
    සියල්ල ලෝකේ වැනසීයයි …

    දිරා ජරාවට යයි..

Main News