කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..

April 21, 2020 at 10:33 pm | lanka C news
කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි.

කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා දිගින් දිගටම එක්ව සිටියේය.

ඒ හේතුවෙන් ඇති වූ අධික විඩාව හේතුවෙන් ඔහු මෙසේ අසනීප තත්වයට ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

එක් අවස්ථාවක රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ තමනටද කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට දැනුවත් කිරීමේ කාර්යය දිගටම සිදු කරන බවයි.

ඔහුගේ අදහස් දැක්වීම්වලට සහ ඉදිරිපත් කිරීමවලට සමාජ ජාලාවල ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් ඇත.

699 views

76 Comments to “කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..”

  1. Gothami says:

    A clear voice, a voice, explains quickly to absorb minds. A straight forward gentleman in the service.
    We all Sri Lankans pray for him for speedy recovery.
    May Triple Gem Bless you.

  2. Gothami says:

    Doing good, it is coming behind.
    The sacrifices you delivered to the nation will return back to you.
    Your strength, your goodness to the people, will raise the voices for your speedy recovery.
    The power of voices would be a great and high strength for you to recover soon.

Main News