කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..

April 21, 2020 at 10:33 pm | lanka C news
කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි.

කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා දිගින් දිගටම එක්ව සිටියේය.

ඒ හේතුවෙන් ඇති වූ අධික විඩාව හේතුවෙන් ඔහු මෙසේ අසනීප තත්වයට ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

එක් අවස්ථාවක රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ තමනටද කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට දැනුවත් කිරීමේ කාර්යය දිගටම සිදු කරන බවයි.

ඔහුගේ අදහස් දැක්වීම්වලට සහ ඉදිරිපත් කිරීමවලට සමාජ ජාලාවල ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් ඇත.

781 views

76 Comments to “කොරෝනා හැදෙන තුරු වැඩ කරන බව කී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසනීප වෙයි..”

  1. Nishantha says:

    We wish you all the best for a quick recovery. May noble tripple gems always bless you,!

  2. Gamin says:

    This would be a good news to that Italy woman?

  3. Arnold says:

    Ikman suwaya pathannemi. Theruwan saranai

  4. vishnu says:

    ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි

  5. තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි සර්….ඉක්මනින්ම සුවය ලැබේවා…බුදුසරණයි

  6. කසුන් says:

    රටේ යහපතට මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් අපමණ මහන්සියක් ඉතාමත් වගකීමෙන් නිරතුරුවම කටයුතු කළ ඔබ තුමන් වැනි නිළදාරින් අපට රටටම අවශ්‍යයි.මෙවන් මොහොතක අසනීප වූ ඔබතුමන්ට ඉතාමත් ඉක්මන් සුවය අපි පතන්නේ තෙරුවන් ගුණ සිහි කරමින්…!!

  7. Dineli says:

    ඔබට ජයශ්‍රි මහ බෝ සමිදු පිහිටයි!

  8. Indika says:

    Budu Saranai…

  9. Udarata Menike says:

    You have 3 options now:
    1. see your horoscope (too many bogus fellows in the country)
    2. find a monk and get preached “Rathana Suthraya” looks like it is also not working now
    3. Dring a gallon of kotthamalli & Veni-geta

    Otherwise, tell GOTA to give explanations for missing Lasantha & Ekneligoda, answer their children.
    Enough being a puppet of GOTA, service is good but keep your spine straight

  10. දක්ෂ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. එතුමාගේ විඩාබර බව අපත් දුටුවා. ගෙදර අප ඒ ගැන කථා කළා. ප්‍රවෘත්තිය කම්පා කරවන සුළුයි. අසනීප වීමත්, සුව වීමත් ලෝක ස්වභාවයක්. අවමං කරන අයට අනුකම්පා කරමු. සියළු දේ අනිත්‍යයයි.

Main News