කොරෝනා හැදේ කියා IDH කාර්ය මණ්ඩලය භීතියෙන්… ලෙඩ නිවාඩු දමා සේවයට නොඑයි..

January 30, 2020 at 10:40 am | lanka C news
කොරෝනා හැදේ කියා IDH කාර්ය මණ්ඩලය භීතියෙන්… ලෙඩ නිවාඩු දමා සේවයට නොඑයි..

කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් ඇතුළු කිරීම හේතුවෙන් කොළඹ IDH උණ රෝහලේ කාර්ය මණ්ඩලය විශාල පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නො කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඊයේ දිනයේදීද ප්‍රතිකාර කටයුතු දැඩි ලෙස බාධා එල්ල වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේ වෛද්‍යවරුන් 15 දෙනකු රාජකාරියට වාර්තාකර තිබුණද කණිෂ්ඨ කාර්යය මණ්ඩලයෙන් සේවයට වාර්තා කර තිබුණේ එක් සේවකයකු පමණක් යැයිද සංගමය කියයි.

මේ හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා දැඩි බාධා එල්ල වන බව සංගමය සඳහන් කරයි.

ප්‍රතිකාර කිරීමට රෝහලේ වෛද්‍යවරුන් 15ක් සිටියද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි උපාංග ඇත්තේ එක් වෛද්‍යවරයෙකුට පමණක් යැයිද එනිසා සෙසු වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවත් සංගමය කියා සිටී.

තත්ත්වය මේ ආකාරයෙන් තවදුරටත් පැවතුනහොත් රෝහලේ පරිපාලනය බිඳ වැටීමට ඉඩ ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරීමට සංගමය විසින් පියවර ගෙන තිබේ.

76 views

14 Comments to “කොරෝනා හැදේ කියා IDH කාර්ය මණ්ඩලය භීතියෙන්… ලෙඩ නිවාඩු දමා සේවයට නොඑයි..”

  1. Sam says:

    නිවාඩු දාපු කාටවත් කිසිම දවසක හෙම්බිරිස්සාවක් හැදිල නැතුව ඇති.
    ලංකාවෙ අවුරුද්දකට නියුමෝනියාවෙන් මැරෙන ගාන ඔය නිවාඩු දාපු අය දන්නවද දන්නෙ නෑ

    • යුධ තත්වයන්හී දී හමුදාවන් අනිවාර්ය සේවා කරන්නේ නමි රෝගී අවස්තාවන්වලදී රොහල් සේවය අනිවාර්ය කරන් නැත්තේ ඇයි ?

    • saman says:

      යුද්දේ දිනලා අභය දානය දුන්න ජනපති ටත් වර්තමාන ජනපතිටත් 2015 ගරහපු තොපි වගේ සක්කිලි
      ගොඩකින් ඔය වගේ දේවල් හැර වෙන කිසිම් දෙයක් බලාපොරොත්තුවිය නොහැක

    • Nuwan says:

      It’s time government introduce a special Medical core in the army with all professionals and new advance equipment to deploy in situations like this. Chinese have a huge army of medical professionals like that and they were even deployed in Africa for taking care of sick during Ebola and other disasters. At the same time IDH heth workers should answer to this behaviour

  2. Lapaya says:

    UNP Parlimentu Manthri Pirimi Nurse Arimu Angoda Una Rohalata Prasna wisadanna.

    • Araliya says:

      Hariyatama hari kathawa. Eth eyata nursing nam mathaka da danne nehe. Raniyata Kade yana ekai, aluthen nursing walata apu nurses la Saha rellata yana nursers la nomaga yawana eka thamai pahugiya kale Kalema.

  3. pramuka Wije says:

    MEWAN ASIRIMATH JATHIYA BAWEN UDARAI

  4. මහනූවර තරුණ හඩ says:

    නීතිය වහාම ක්‍රියාත්මක කරන්න

    • මී ගොන් බයියා says:

      යකෝ මුං ගෝඨා සර් කියන දෙයක්වත් අහන්නේ නෑනේ…වහාම මේ රෝහල් වලට හමුදා වෙෙද්‍ය සේවය යොදවා කටයුතු යතා තත්වයට පත් කල යුතුයි.මේ වෙලාවට තමා රණවිරැවන්ගේ අගේ තේරෙන්නේ.

  5. nilambara says:

    They are trying to force the government to provide some additional allowance for them to do the treatment to these patients. That is whity they do like this.

  6. Mahanama says:

    Hats off doctors for your invaluable service irrespective of your and your beloved ones lives !
    Thanks again ! May the triple gem bless you …. !!

  7. Sam Fernando says:

    In that case we have to learn from Chinese doctors. great people. i saw a picture how Chinese specialist dctors sleeping on the floor after a hard day word.

  8. ඉරාන් says:

    කොමෙන්ට්ස් දැක්කම කුහකකම බේරෙනව..
    හරියට නිව්ස් එකවත් කියවපං ඩොකාලගෙං ඇරියස් කවර් කරගන්නැතුව..ප්‍රවෘත්තියේ තියෙන්නෙ වෛද්‍යවරුන් විතරයි වැඩ හෙද සහ අනෙකුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලේ උං සික් ලීව් දාල කට්ටි පැනල කියල..මුං ඇත්තටම ඩොකාල ගැන මොනතරං වෛරයකින් ඊර්ෂ්‍යාවකිංද ඉන්නව ඇත්තෙ.

Main News