කොරෝනා හේතුවෙන් දියවැඩියාව හා අක්‍ෂි රෝග ඉහලට..- ජාතික රෝහල

November 20, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා හේතුවෙන් දියවැඩියාව හා අක්‍ෂි රෝග ඉහලට..- ජාතික රෝහල

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දියවැඩියා රෝගව උත්සන්න වී බොහෝ දෙනකුගේ අක්ෂි රෝග ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදන වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් බොහෝ දෙනකුට නිසි පරිදි ඖෂධ ලබාගැනීමට සායනවලට සහභාගී වීමට නොහැකි වීමෙන් රෝගී තත්ත්වයන් උත්සන්න වී ඇති බවයි.

දියවැඩියා තත්වය ඉහල යාම අක්‍ෂි රෝගවලට ප්‍රභලව බලපාන නිසා අක්ෂි රෝග අවදානමකද ඉහල ගොස් ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා තත්ත්වය දැනට යම් පාලනයක තිබෙන නිසා ජාතික රෝහලේ අක්‍ෂි රෝග සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

11,420 views

9 Comments to “කොරෝනා හේතුවෙන් දියවැඩියාව හා අක්‍ෂි රෝග ඉහලට..- ජාතික රෝහල”

  1. Janathawa says:

    එන්නත් ගැනීමෙන් පසුව එකවරම රුධිර පීඩනය වැඩිවීම, පාලනය වී තිබු ඇතැම් රෝග නැවත උත්සන්න වීම, සීනි මට්ටම ඉහල යාම ඇතැම් අයට සිදු වී තිබෙනවා. මිට එන්නත් වල බලපෑමක් ඇත්ද යන්න සෞක්‍ය අංශ සොයා බලා තිබේද. එවැනි පර්යේෂණයක් සිදු වේද ?

    • Jagath says:

      මේ වෛරස් එක හැදුවේ ඉලුමිනාටි කියන සංවිදානය. ජනග්‍රහනය අඩු කිරීම එක අරමුණක්‌ ඒ සංවිධානයේ.

      • Nalin says:

        ඉලුමිනාටි..? උඹේ ආච්චිගෙ රෙද්ද තමයි. ළඟම තියෙන මානසික රෝග සායනයට පලයන් ඉක්මනට.

  2. Norata Eka says:

    මේ දේවල් සිදු වන්නේ එන්නත් නිසා…අපේ මෝඩ වෛද්‍ය අංශ දන්නෙ නෑ නිවැරදිව දත්ත ලබා ගැනීමට සහ ඒවා නිවැරදිව විශ්ලේෂණය කිරීමට …ඉස්සරහට බලන්න, හර්ද රෝග , පිලිකා සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඉහල යන හැටි…

    • Asanka says:

      ආ ඇත්තද? එහෙම නම් ඉතින් අර 90%ටත් වැඩිය එන්නත් කරපු UAE වල 85%ක් එන්නත් කරපු සිංගප්පූරුවේ එහෙම මිනිස්සු ඔක්කොම ලෙඩ ඇඳට වැටිලා වෙන්න ඇති ඉන්නේ. අනේ නිකන් පලයන් බන් යන්න පච කෙලින්නෙ නැතිව.

  3. Dr. Rathnayake says:

    මේ සියල්ල සිදුවන්නේ එන්නත නිසා, විදේශ වල මිනිසුන් මේ වෙනුවෙන් වන්දි ලබාගන්නවා.අවාසනාවට අපේ රටේ මිනිසුන් එන්නත ලොකු කරගෙන පීඩා විඳිනවා

  4. Janaka says:

    ඔහොම තමයි මිනීමරැ එන්නත නිසා වෙන දේවල් යන්නෙත් කොරොනා උඩින් තමයි. කොහොම කියන්නද ඉතිං බලෙන් ගස්සපු එන්නත නිසා කියලා
    පව් අසරණ මිනිස්සු කාගේ පිහිටක්ද