කොරෝනා 03 වන අවධානම් මට්ටමට මුහුණ දීමට සුදර්ශිනීගෙන් සැලසුමක්…

April 29, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා 03 වන අවධානම් මට්ටමට මුහුණ දීමට සුදර්ශිනීගෙන් සැලසුමක්…

අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමුව තිබේ.

කොවිඩ් මර්දනය සදහා දැනට යොදා ඇති ශක්‍යතාව වැඩිකිරීම මූලික අරමුණ කරගෙන ඒ සදහා අවශ්‍ය පූර්ව සැලසුමක් සකස් කිරීමට අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය විශේෂඥයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡා කරන ලදි.

නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බැවින් ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සදහා කටයුතු කිරීමත්, අදාල සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීමට අවධානය යොමුවූ අතර කොවිඩ් වෙනුවෙන් වෙනවූ රෝහල් සදහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම සදහා සාකච්ඡා විය.

ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා High Flow machines සවිකිරීම කෙරෙහි ද අවධානය යොමුවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහිද සාකච්ඡා වූ අතර ඒ සදහා වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම කෙරෙහි අවධානය යොමුවිය.

රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන්ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට සාකච්ඡා වූ අතර ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවිය. දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇති බව සදහන් වූ අතර ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

කොවිඩ් මර්දනයේදී පැනනගින වාහන අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස්කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදි. විශේෂයෙන් කොරෝනා මර්දනයේදී සුවසැරිය කාර්ය භාරය පිළිබදවද සාකච්ඡාවූ අතර ග්‍රාමීය ප්‍රදේශවල සුවසැරිය ගිලන්රථ සේවාව ඉටුකිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම කෙරෙහි සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

46,334 views

8 Comments to “කොරෝනා 03 වන අවධානම් මට්ටමට මුහුණ දීමට සුදර්ශිනීගෙන් සැලසුමක්…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    වහපාලුවන්ට වඩා මුන් තරමක් හොදයි.

    දේශීය අවුශධ වල ගුණයක් තියනවා කියලා අපි කවුරුත් දන්නවා.

    රතු තරුව මඩ බලකායෙ ප්‍රහාර වලට බය වෙලා දේශීය අවුශධ ප්‍රොමෝට් කරණ එක නවත්තපු එක වැරදියි.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නෝනගෙ සැලසුම් වැඩක් නෑ වයිරස් ගැන මෙලෝ අලබෝලයක් නොදන්න මෝඩ දේසපාලුවෙක් නැතිනම් පැණි කපුවෙක් හදන සැලසුමක් තමා බයියො පිලි ගන්නෙ

  3. Dora says:

    Getting ready and planning for more positive cases is good but what about the controls and restrictions and others strategies (testing , contract tracing, area specific lockdowns, border movements restrictions) and the vaccination program to control the spread and minimize positive cases and deaths??? Isn’t there any coordination now ?? Health ministry, doctors, taskforce and the head of state??

  4. දර්ශණ says:

    අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය විශේෂඥයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී කරන ලද සාකච්ඡාවේ
    වාර්ථාව අනුව කිසිම ක්‍රියා මාර්ගයක් පැහැදිලිව තීරණය කර නැත.
    සාකච්ඡා කල සියලු කරුණු:
    1. සාකච්ඡා කරන ලදි.
    2. අවධානය යොමුවිය.
    වැනි අවසාන තීරණයක් නැතිව අවසන් කර ඇත.

    අවම වශයෙන්, ඕනෑම අවසන් ක්‍රියාමාර්ගයක් තීරණය කළ විට අවශ්‍ය ( 3W What (කුමක්ද) , When (කවදාද) , Who (කවුද) ) යන මූලික තීරණ කිසිවක් නැති බව පෙනේ.

    එසේ නැත්තම්, මෙම මාධ්‍ය ලේකම් සාකච්චාව අතරේ සුව නින්දක් දමා, හීන වාර්ථාවක් ( dream report)
    ඉදිරිපත් කර ඇත.

  5. ධම්මික ධර්මදාස says:

    අපගේ නිවසට ආසන්නව තිබෙන සිද්ධස්ථානයෙන් අළුයම 5 සිට 6.30 දක්වා උදෑසන කාලයේ අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. නැවත සවස 5.30 සිට 7.00 පමණ වෙනතුරු. අවට ගෙවල්වල ඉන්න කුඩා දරුවන්ට , මා වැනි මැදිවියේ රෝගීන්ට , වියපත් අයට , වෙහෙස වෙලා රැකියා කර ඇවිත් ඉන්න අයට ඒ මහා ශබ්දය හිරිහැරයක් කරදරයක්. ගියවර ලොක්ඩවුන් කල අවස්ථාවේදී අපි වින්දේ මහා කරදරයක්. ඉරිදා දහම්පාසල් දවසට උදේටත් සවසටත් එහෙමයි. පොහොය දිනයේ දවසම. මේ ශබ්දය එම ස්ථානයට පැමිණෙන බාල , තරුණ , මහළු කාටත් හොඳ නැහැ. ” පොලිස්පති තුමනි , මුළු රටේම ආගමික ස්ථාන අසල ජීවත් වෙන මිනිසුන් බොහොම පීඩා විඳින මේ ලවුඩ්ස්පීකර් කරදරයට විසඳුමක් ලබාදෙන්න .. “

    • Dharshana Abeykoon says:

      යකෝ තොගේ කන්දොස්කිරියාව ඔක්කොටම හපන් ගෙදර අතහැරලා පල……

  6. manoda says:

    It must be limited.

  7. Pulle says:

    Darshanage Kathawa hari mara buddhimath plan akak

Main News