කොරෝනා 300න් නවත්වා ගන්න තිබුණා.. ආණ්ඩුවේ මෝඩකම නිසා මෙතරම් වැඩිවුණා..

July 20, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා 300න් නවත්වා ගන්න තිබුණා.. ආණ්ඩුවේ මෝඩකම නිසා මෙතරම් වැඩිවුණා..

රටේ නායකත්වය හා ආණ්ඩුව ගත් මෝඩ හා පටු දේශපාලන වාසි සදහා වන තීරණ හේතුවෙන් 300 සීමාවේදි නතර කර ගැනීමට තිබුණු කොරෝනා ආසාදිතයින් ගණන මේවනවිට 3000කට ආසන්න වෙමින් පවතින බවට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපෙක්ෂක මනෝ ගනේෂන් මහතා චෝදනා කළේය.

සෞඛ්‍ය ,ආරක්ෂක අංශ රජයේ සේවකයින්ගේ චැඩි කැපවීම හා බලකිරීම මත ලංකාවේ ජනතාවගේ ජීවිත මේ තරම් දුරට හෝ ආරක්ෂා වී පවතින බවත් ඔවුන්ට සමගි ජනබලවේගයේ ස්තුතිය හා ගෞරවය පුදකර සිටින බවත් ගනේෂන් මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා කොළඹ වේළුවන ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

අපේ රට වගේම මුලු ලෝකයම දැන් තිබෙන්නේ ඉතාමත් අවධානම් වතාවරණකයි. මැතිවරණයට වඩා වටින්නේ කොරෝනා වයිරසය තුරන් කර ගැනීමයි . එම වයිරසයෙන් ආරක්ෂාවීමයි. අපේ රජයේ වැඩි අවධානය යොමු කරන්න ඔ්න ඒ වෙනුවෙන්. ආණ්ඩු පාර්ශවයේ අය දැන් අපට බනිනවා අපි ආරක්ෂක අංශ වලට සෞඛ්‍ය සේවා වලට බනිනවා කියල. අපි කිසිම අවස්ථාවක හමුදාවට වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට රජයේ සේවකයන්ට බැනල නැහැ. ඔවුන්ගේ කැපවීම නොතිබෙන්න අද අපේ රටම කොරෝනා ගිලගෙන තිබෙන්න තිබුණා. ඔවුන්ට සමගි ජනබලවේගයේ ගෞරවය හිමි වෙනවා. අපි යම් චෝදනාවක් එල්ල කළා නම් කළේ ආණ්ඩුවට රටේ නායකත්වයට. මොකද නායකත්වය ආණ්ඩුව රජය ගන්නා තීරණ මත තමයි ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ රජයේ සේවකයින් කි‍්‍රයාත්මක වෙන්නේ. නැතුව ඔවුන්ට ඔවුන් කැමති ආකාරයට කටයුතු කරන්න බැහැනේ.

අද කොරෝනා ආසාදිතයින් 3000කට ආසන්න වීමට නියමිතයි. නමුත් ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 300න් නතර කර ගැනීමේ හැකියාව ලංකාව තිබුණා. නමුත් පටු දේශපාලන වාසි වෙනුවෙන් ආණ්ඩුව ගත් තීරණ නිසා එය කර ගැනීමට අසමත් වුණා.

අද දේශපාලඥයෝ අපේ රට විදෙස් රටවල් සමග සංසන්දනය කරන්න හදනවා. එක ඉතාමත් මෝඩ සංසන්දනය කිරීමක්. ලෝකයේ හැම රටක්ම සමාන වෙන්නේ නැහැනේ. අපේ රට දුපතක් නිසා අපට මෙම කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට ලැබී ඇති හැකියාව වැඩියි. අනෙක් කාරණය අඩු ජනගහනය. ලංකාවේ ජනගහනය කෝටි දෙකක් නම් ඉන්දියාවේ ජනගහනය කෝටි 103 ක් වෙනවා. අනෙක ඒ ඒ රටවල් අනෙකුත් රටවල් සමග පවත්වන සබදතා වල අඩු වැඩි බවත් මෙයට බලපානවා.

මේ වසරේ මාර්තු 02 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර කොරෝනා අවධානම ලංකාවට තිබුණා. විපක්ෂ නායක වශයෙන් සජීත් පේ‍්‍රමදාස මහතා මේ බව පාර්ලිමේන්තුවේ සදහන් කළ අවස්ථාවේ ආණ්ඩුව කළේ අපට හිනාවීම . අපි පෙන්වා දුන් අවදානම ඔවුන් හෑල්ලුවට ලක් කළා. නමුත් අද ආණ්ඩුවට අඩන්න සිදුවී තිබෙනවා.

කොරෝනා අවදානම තිබුණු අවස්ථාවේ පාර්ලිමේන්තුව කල් නොදමන්න තිබුණා. පාර්ලිමේන්තුව රැුස් කරල අවශ්‍ය නිතිරීති ප‍්‍රතිපාදන වෙන් කරන්න තිබුණා. පැරණි පාර්ලිමේන්තුව නැවත රැුස් කරන්නේ නැහැ කියල හිතුවක්කාරකමින් කටයුතු කරන ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව අද එහි ප‍්‍රතිවිපාක විදිනවා. එයට හේතුව අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුම පෙන්වා දී තිබෙනවා. ඔවුන් පැහැදිලිව ප‍්‍රකාශ කරනවා කොරෝනා වැනි වයිරසයක් පාලනය කිරීමට වර්තමානයේ ලංකාවේ තිබෙන නීතිරීති ප‍්‍රමාණවත් නැහැ කියල. ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය අද පාලනය කෙරෙන්නේ බෝවන රෝග නිවාරණය සදහා ඇති නිතී රීති යටතේ බවයි. ලෝකයේ අනෙක් සෑම රටක්ම කොරෝනා වයිරසය මර්දනය කිරීමට පාලනය කර ගැනීමට පාර්ලිමේන්තු මගින් නිති සම්මත කර ගත්තා. එසේ කිසිදු නීතියක් නිත්‍යානුකූලව සම්මත කර නොගත් එකම රට ලංකාව වෙන්න ඇති. මේ පිළිබදව ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව පවා ආණ්ඩුවේ අවධානයට යොමු කර තිබුණා.

අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. අපේ රටේ නිසි නීතිරීති තිබුණා නම් කොරෝනා වයිරසය මීට වඩා හොදින් පාලනය කර ගැනීමට හැකියාව තිබුණා කියල.

දේශපාලන හිතවතුන්ගේ විදෙස් මිතුරන් ලංකාවට පැමිණි පසු ඔවුන්ව රජයේ කිසිදු නීතියකට යටත් නොකර පෞද්ගලික හෝටල් වල නිරෝධායනට රැුගෙන යාම සිදු කෙරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එහිදි කිසිදු පීසිආර් පිරීක්ෂණයක් සිදු නොවීම නිසා ඔවුන් අතර ඇතැම්විට කොරෝනා ආසදිතයින් සිටිමේ අවධානමක් තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙනවා. මේ දේවල් වලින් පෙනී යන්නේ ආණ්ඩුව ජනතාවගේ ජීවිතය තවදුරටත් අවධානමක දැමීමක් නොවෙද?

කොරෝනා වයිරසය පාලනය කරන්න නම් සිදු කරන පරීක්ෂණ හැකි තරම් වැඩි කරන්න ඔ්න. මේ බව මම පැවසුවා. එවිට අපේ රටේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් හා ආණ්ඩු පක්ෂයේ අය මට චෝදනා එල්ල කළා. මාව අත්අඩංගුවට ගන්න කීවා. එත් අද මම කියපු දේවල් ඇත්ත වෙලා තිබෙනවා. අපිට තවම සැනසිල්ලේ හුස්ම ගන්න බැහැ. කොරෝනා වයිරසය ආසාදනය වුණු සියලු දෙනාගේම ජීවිත ආරක්ෂිතයි කියල ඔවුන්ගේ ආශී‍්‍රතයින් සියලු දෙනාම හදුනාගෙන තිබෙනවා කියල අපට තවම සහතික වෙන්නේ බැහැනේ. මේ වයිරසය සාමාජය ඇතුළට ව්‍යාප්ත වුවොත් සෙවන කොරෝනා රැුල්ලක් ඇතිවුවහොත් එය වඩාත් භායනක තත්ත්වයක් වෙන්න පුලුවන්.

ඒ නිසා සෞඛ්‍ය අංශ වල උපදෙස් උපරිම පිළිගනිමින් ආණ්ඩුවේ නායකයෝ තීරණ ගන්න ඔ්න. මැතිවරණය පැවැත්වෙන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මොනවා වුණත් ඔබ පෞද්ලික වශයෙන් ආරක්ෂා වෙන්න කියල.

කොරෝනා තත්ත්වය රටේ ආර්ථිකයටත් බලපෑම් කරල තිබෙනවා. ඒ නිසා භාණ්ඩ මිල ගොඩාක් වැඩි වෙලා තිබෙනවා. නමුත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩු වෙලා තිබෙනවා. අපේ රටට ඉන්ධන නිකම් ලැබුණත් මේ ආණ්ඩුව නම් ඉන්ධන මිල රුපියලකින් අඩු කරයි කියල හිතන්න බැහැ. අපේ ආණ්ඩුවේ මොන තරම් අඩුපාඩු තිබුණත් භාණ්ඩ මිල අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. රජයේ සේවක වැටුප් වැඩි කළා. නමුත් ජනතාව ඒ සහන කොහොමත් මදි කියල හිතල රාජපක්ෂලා ආයෙම බලයට පත් කර ගත්තා. මොනාද වුණේ. දැන් ජනතාවට පාන් කියා ගන්න බැරිව ඉන්නවා. මම ආණඩුවේ මන්තී‍්‍රවරුන්ට ඇමතිවරුන්ට අභියෝග කරනවා පුලුවන් නම් ගමේ ජීවත් වෙන දුප්පත් ජනතාවට මධ්‍යම පාන්තික ජනතාවට ආණ්ඩුව දුන්න සහන ලැබුණාද කියල අහන්න කියල. කොරෝනා සහන සියල්ලම වාගේ ලබා ගත්තේ ආණ්ඩුවේ හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයිනට් විතරයි. ආණ්ඩුව දුප්පත් ජනතාවට රුපියල් 5000ක සහනාධාර දුන්නා කිවුවා. නමුත් විදුලි බිලෙන් ඒ වගේ දෙගුණයක් ජනතාවගෙන් අය කර ගෙන තිබෙනවා. විදුලි බිලට සහන දුන්නා කිවුවා. මේ වනවිට බොහෝ ජනතාවක් විදුලි බිල් ගෙවලා ඉවරයි. ආණ්ඩුව මේ කාවද රවටන්න හදන්නේ. ආණ්ඩුවට රටේ ආර්ථිකය කළමනාකරණය කර ගන්න බැහැ. ආණ්ඩුව මේ පෙන්වන්නේ ඒ නොහැකියාවයි.

කොරෝනා වයිරසය ලංකාවට බලපෑම් කිරීම ආරම්භ වන අවස්ථාවේදි සිට මේ දක්වා ආණ්ඩුවේ නායකත්වය හා ආණ්ඩුවේ පාර්ශව විවිධ අවස්ථා වල ගත් මෝඩ තීරණ නිසා තමයි කොරෝනා අවධානමට රට වැඩියෙන් ගොදුරු වුණේ. එමගින් ජනතාවට ආර්ථීකයට යම් බලපෑමක් වුණොත් එහි වගකිමත් ආණ්ඩුවේ නායකත්වය හා ආණ්ඩුව බාර ගත යුතුයි.

– මාධ්‍ය අංශය

333 views

23 Comments to “කොරෝනා 300න් නවත්වා ගන්න තිබුණා.. ආණ්ඩුවේ මෝඩකම නිසා මෙතරම් වැඩිවුණා..”

  1. MD says:

    මේ ආණ්ඩුව ආසාදිතයන් 3000 කට සීමා කරගත්ත වුනාට ඔයාලගේ යමපාලනය තිබුණෙනන් මේ වනකොට මරණ 30000 පැනලා තියෙයි.බම්බු හොර සංහිඳියා මගඩිය

  2. ඇත්ත යථාර්ය says:

    තමුසෙලා සිටියානම් රට විනාශ වන ආකාරය බලන්න තිබුණා. නිකම් පව් නොදී කට වහගන්නවා.

  3. Surani says:

    ඇයි අට පාස් හරකෝ. තොට සනීප වුන ගාන පෙන්නේ නැද්ද? 3000ක්‌ මැරුණා නම් තව කොහොම හිටීද 11 නොවී. ගණන් ටිකක් ඉගෙන ගනින් 2700 න් 2015ක්‌ අඩු කලාම කීයද කියල. මූ දන්නේ පියාබන්න විතරයි කාක්කො.

  4. ExUNPer says:

    Accordingly,
    In the US Corona number was supposed to reach 1000 million.
    Thanks to Trump, they controlled the virus well under 10 million.
    😅

  5. දියරකුස් says:

    ඒ කියන්නෙ පහුගිය කාලෙ කොරෝනා පාලනය උනේ රජයේ දක්ශතාවය නිසානෙ .කසිප්පු ගහල කියවන්ඩ එපා.වෙන රස්සාවක් කරපං කිච වෙන්නෙ නැතුව.

Main News