කොරෝනා ICU වල අවශ්‍ය එන්නත් දැඩි හිගයක්..

August 27, 2021 at 6:40 am | lanka C news
කොරෝනා ICU වල අවශ්‍ය එන්නත් දැඩි හිගයක්..

කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කරන පුද්ගලයන්ට අවශ්‍ය වන එන්නත්වල හිගයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය නිසා රෝගීන් ගේ ජීවිතවල දැඩි අවදානමක් මතුව ඇති බවයි.

දැඩි සත්කාර ඒකකවල රෝගීන්ට කෘතිම ශ්වසනය අවශ්‍ය කරන අවස්ථාවන්හිදී ලබා දෙන එන්නත් හිගයක් ඌව පළාත් මහ රෝහලේ පවතින බව නිර්වින්දන වෛද්‍යවරුන් විසින් ලිඛිතව දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම එන්නත් උග්‍ර හිඟයක් පවතින බවත් මධ්‍යම ඖෂධ ගබඩාවේ පවා එන්නත් නැති තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

අසාධ්‍ය පුද්ගලයන් සඳහා මෙම එන්නත් අවශ්‍ වනය බවත් පැවසූ ඔහු එම අවශ්‍යතාවය සහිත රෝගීන් වැඩි වුනොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසීය.

බදුල්ල රෝහලේ පමණක් නොව සෙසු රෝහල්වල තත්ත්වයද මෙය බවත් වගකියයුතු යුත්තන් මේ පිළිබඳව පියවර නොගතහොත් දැඩි අර්බුදයක් ඇති වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

21,841 views

10 Comments to “කොරෝනා ICU වල අවශ්‍ය එන්නත් දැඩි හිගයක්..”

  1. Dr. Saman says:

    පාලිත රාජපක්ෂ කියන්නේ බොරු බක පන්ඩිතයෙක්. මාධ්‍යවල මුහුණ දාගන්න මොනවා හරි බොරුවක් කියනවා. ගියපාර පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න හැදුවා. ඒත් විනය පරීක්ෂණයක් තියෙන නිසා එයාට නාමයෝජනා ලැබුනේ නැහැ . ඊළඟ පාර සජිත්ගෙ ලැයිස්තුවෙන් තමයි නවතින්නේ.

  2. ගෞම් ඊයාරාජ් says:

    අවුලක් නෑ ! කොවිඩ් කියන්නේ මේ සාමන්‍ය දෙයක් කියලා තමයි අපේ නායකයො කියන්නේ ,ගොං බෛයි වහල්ලු විදියට අපි ඒ මතයත් එක්ක එක පෙලට හිටගන්න ඔනේ , අපි වලපල්ලට ගියත් එතුමන්ලා ආරක්ශා වෙලා ඉන්න ඔනේ. තුහ් මෙහෙමත් මොඩ ගොං බෛයි හැතිකරයක්. 😂😂😂

  3. Susantha says:

    Pani sumanayata kiyala Sajith ta bannanam bayyo choon welaa e ennath apata epa kiyai

  4. පොඩි රාජා says:

    2020 තොපෙ  මූසල ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න ආර්ථික හැකියාව තිබුණා  , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොන ක්, ආර්ථික ය විනාශ යි , බන්ගලින්ට  ණය  වුණා ,  තටම ලා , තටම ලා ,  අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

  5. සහොදරය says:

    කන්ඩ බොන්න නෙති උනත් බෙහෙ ත් ගේන්න නෙති උනත් අර උගත් බුද්දිමත් ජේවීපී කියනව වගේ අවුරුදු 24ක් බලන් ඉදල අවුරුදු 2 1/2ක් ම ගෙදර ට ම වෙලා ඉන්න ගුරුවරුන්ට පඩි වෙඩි කරල දෙමු .

    • ජිම් පුතානෝ says:

      පොහොට්ටුවේ ගජ මිතුරන් ට බදු සහන දුන්නා නම් නිදහස් අධ්‍යාපනය රකින ගුරු වරුන්ගෙ වැටුප් වැඩි කරන්න පුලුවන් .සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපති වුනා නම් මාෆියාව පරාජයට පත් කර ජනතාවට සහන දීලා කොරෝනාවෙන් රට බේරා ගන්නවා.

  6. සහොදරය says:

    දෙන් ජේවීපී එකේ නායක සහොදරය පොට්ට වසන්ත ද ( බොම්බෙ ලුකින් කල්කටා ) .
    පුදුම ගෙම්මකින් රට කෙලවන්න යන්නේ
    මේ පොට්ට වසන්ත 88/89 කොහෙද හිටියෙ කියල දන්න කෙනෙක් ඉන්නව ද

    • ROITER says:

      umbe ammage bada uda hitiye.

    • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

      හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට පොපොහොට්ටුවෙන් රජසැප .

  7. මල්වානේ බැසිල් says:

    ඒක ඔයියාගේ අම්මා ගාව තමා හිටියා සාමී.

Main News