කොරෝන තවත් ඉහල යයි.. කන්දකාඩු තවත් ආසාදිතයන්..

July 16, 2020 at 6:26 am | lanka C news
කොරෝන තවත් ඉහල යයි.. කන්දකාඩු තවත් ආසාදිතයන්..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මෙසේ වාර්තා වී ඇත්තේ මහනුවර කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකි.

ඔහු කන්දකාඩු කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකි.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී හදුනාගෙන ඇති නව ආසාදිතන් රැුණන 09කි.

ඉන් 08ක්ම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයයි.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් 2674 දක්වා ඉහල ගොස් ඇත.

319 views
Main News