කොරෝනා ව්‍යාප්තිය දරුණුයි.. දෛනික ආසාදිතයන් 1000 පැන්වීම ආසන්නයි.. රෝහල් ඇදන් පිරී යමින්..

January 26, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා ව්‍යාප්තිය දරුණුයි.. දෛනික ආසාදිතයන් 1000 පැන්වීම ආසන්නයි.. රෝහල් ඇදන් පිරී යමින්..

අද වන විට බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වේගයෙන් ඉහල යමින් පවතින බවත් වැඩි දිනක් ගත වෙන පෙර දෛනික ආසාදිතයන් දහස ඉක්මවා යාමේ දැඩි අවදානමක් ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවට මෙය කදිම උදාහරණයක් බවද පෙන්වා දෙන සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මෙම තත්ත්වය මත ඉදිරියේදී ආසාදිතයන් සඳහා රෝහල්වල ප්‍රමාණවත් ඉඩක් නොමැති වීමේ අවදානමක් ඉස්මතු වෙමින් ඇති බවයි.

වෛරස් ව්‍යාප්තිය උග්‍ර අතට හැරී ඇතැයිද පවසන ඔහු මෙම භයානක තත්වය නිර්මාණය වීම පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

23,778 views

9 Comments to “කොරෝනා ව්‍යාප්තිය දරුණුයි.. දෛනික ආසාදිතයන් 1000 පැන්වීම ආසන්නයි.. රෝහල් ඇදන් පිරී යමින්..”

  1. මර්තේනිස් අයියා says:

    මිනුවන්ගොඩ පොකුරෙ මුල ඉඳලම මේ ආණ්ඩුව මේ තත්වය සත පහකට ගණන් ගත්තෙ නෑ.කයිවාරැ ගැහුවා විතරයි තවම කරගෙන යන්නෙත් ඒකම තමයි.මේ තත්වයට මේ ආණ්ඩුවේ සියල්ලෝම වගකිවයුතුයි

  2. ත්‍රීවීල් says:

    කෝ මේ දොස්තර බිල්ලො මවනවා කියලා බැණපු වීරයො?? දැන් බිල්ලො ගෙදරටම ඇවිත් නේද?

    • Dr Zee says:

      මෙයා ඇතුළු ගොමා කල්ලිය බිල්ලෝ තමයි දැනුත් මවන්නේ.
      වෛරස් අසාදනය උන අයට රෝගීන් කියමින් විහිළු කරනවා.
      ලංකාවේ කොරෝනා ලෙඩුන් ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්‌. අසාදිත 90% දෙනා රෝගීන් නොවේ.

      දොස්ටරෙක් නෙවි කොන්දොස්ටරෙක්.

  3. priyantha says:

    සහතික විද්වතුන් දෙන උපදෙස් රට අගාධයට ගෙන යමින් පවතී….තව සතියක් දෙකක් යන විට රෝගීන් පුමාණය ඉහල යාවී….ඉන් පසු මරණ සංඛ්‍යාව තවත් දරා ගත නොහැකි ලෙස ඉහල යාවී…රජය අප්‍රසාදයට පත් කරාවි…නොරටුනගේ න්‍යායන් ක්‍රියාත්මක වෙන වට පිටාවක් සැකසේවි…අන්තවාදීන් හිස ඔසවාවි….දැන්ම රට වහන්න…..සති තුනක්වත්…රෝග ව්‍යාප්ති පාලනයට එය පහසුවක් වේවි..සියලු දෙයින් ආඩ්‍ය වු ඇමෙරිකාව හිතුවක් කාර වීම නිසා ලක්ෂ ගණනින් තම ජනයා අහිමි කර ගනිමින් සිටී…ඌන සම්පත් සහිත දිලිදු රටක් වන අපට දැන් වෙන රෝග ව්‍යාප්තිය දරා ගත නොහැකි වනු ඇත….ප්‍රායෝගික විද්වතුන් සමග නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කර රට රැක දෙන්න…..ජනපතිදුනි..

    • catseye says:

      Priyantha…….umba kiyanakal sir danne nethiwa hitiye……..dan rata rakala deyi………ane pala gon bayiyo yanna kediri gaanne nethiwa

  4. Saman kumara says:

    කොහෙද සජිය ඇවිල්ල කොරෝනා ලෙඩ්ඩුගෙන් රටම පිරෙනවා..ස හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ..

  5. Jagath says:

    “කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් උනා “

  6. Disce ammata discede says:

    මෝඩ ලිං මැඩියන් ට ලෝකේ තත්ත්වේ පෙන්නේ නෑ. ලංකාව කොරෝනා ව්‍යාප්තියේ ඉන්නේ 155 තරම් ඉතා අඩු මට්ටමක.
    මේ දොස්තර සංගමේ කරන්නේ පත්තර කාරයන්ගේ රස්සාව.
    හැමදාම ඇවිත් බිල්ලෝ මවනවා. මිනිසුන්ට වඩා මේ කල්ලිය ලෙඩේට බයයි.
    කොරෝනා වලට ප්‍රතිකාර කරනා දොස්තරලා බය නෑ. මේ කල්ලිය ලෙඩෙක් ගේ පැත්ත පළාතේ යන්නේ නෑ.

  7. Dr Zee says:

    ලෙඩේ ව්‍යාප්ත වෙන හැටි දොස්තර ලා දන්නේ නැත්නම් අපිද දන්නේ?
    උඹලා ඉන්නේ ඒවා හොයාගෙන හෙළි කරන්න තමයි.වෘත්තීය සමිති කරමින් පින් පඩි ගන්න නොවේ.
    වැදගත් වෛද්‍ය වරුන්ටත් නිගාවක් මේ අඬන්නා.

Main News