කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනය ශ්වසන ආධාරක යන්ත‍්‍රයක් හා හෙදියන් රැගෙන ගෙදර ගිහින්ද…

January 31, 2021 at 1:24 pm | lanka C news
කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනය ශ්වසන ආධාරක යන්ත‍්‍රයක් හා හෙදියන් රැගෙන ගෙදර ගිහින්ද…

කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කෘතිම ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන නිවසට ගොස් ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ඇගේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද සාවද්‍ය පුවත් පළ කරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග.

කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි වේබ් සහ සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ප්‍රචාර ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කළ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර වේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජිවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබයි.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්

230,801 views

29 Comments to “කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනය ශ්වසන ආධාරක යන්ත‍්‍රයක් හා හෙදියන් රැගෙන ගෙදර ගිහින්ද…”

  1. බයියා says:

    මේ රටට තියෙන ලොකුම හෙනේ තමයි රටට ආදරයක් නැති මෝඩ ටොයියොයි වහල් පෙප්පොයි. උන් නැත්තන් මේක හදන එක මහලොකු වැඩක් නෙවෙයි.

  2. sisitha gunawardena says:

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🌷

  3. maruwa says:

    malata kamak nata

  4. gonsira says:

    gajaman nonath ehemada

  5. ක්‍රිමිනල් says:

    මේ ගොන් බඩ්ඩට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

  6. Nandasoma Suriyaarachchi says:

    මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොහුම තමයි……!
    සමජගත වීමක් ගැන කියමින් රෝගය නිසි ලෙස පාලනය කිරීමට පියවර නොගැනීම බරපතල වරදක්……!!
    නිසි පියවර නොගත්තොත් මේ තත්වය උදාවන බව අපි වගකිව යුතු සියලුම දෙනාට කියන්න පුලුවන් හැම විදියටම කිව්වා…….!!! කිසිකෙනෙක් ගානකට වත් ගත්තෙ නැහැ……!!!! දැන් බොරුවට අඬල වැඩක් නැහැ…….!!!!!

    • Nandasoma Suriyaarachchi says:

      මෙම අදහස හුදෙක් වසංගත රෝග අංශ ප්‍රධානියාගේ කොරෝනා පාලනයෙන් තොර බව සහ රෝහල් පද්ධතිය ප්‍රමාණවත් නොවන බවටත් ඉදිරිපත් කරණ ලද අදහසට පිළිතුරකි……!!!!!

  7. කවද බොල මේ පාහර කතා කියන පරයා says:

    කවද බොල මේ පාහර කතා කියන පරයා මුඋට කොවිඩ් කාරයෙක් ලවා කැහි මුනට ගහල පස්සට දිමි ගොටුවක් දාලා ලයිට් කණුවක එල්ලලා මරන්න ඕනේ. මේවා මාධ්‍ය අව භාවිතා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සෞඛ්‍ය ඇමතිණියට ඉක්මන් සුවය.

    • මචන් says:

      මචන් සියලු සත්වයෝට අර පාහර කතා කියපු අයත් අයිතිද? ලයිට් කනුවේ එල්ලුවාට පස්සෙද නිදුක් වෙන්න ඕන, ඊට ඉස්සෙල්ලාද? 😄😄😄😄🤣🤣😃🐱🤠😄🦌🐂😅😁

Main News