කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…

December 7, 2019 at 10:40 am | lanka C news
කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…

කොළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි.

මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සැලසුම ක්‍රියාත්මක වනු ඇත්තේ කොළඹට තදාසන්න නගරවල සිට සුඛෝපභෝගී බස් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත් සමග බවයි.

කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය හා දිනපතා ඉහළ වන වායු දුෂණය අඩු අඩු කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.

නගරයට ඇතුළු වන වාහන වලින් ගාස්තුවක් අය කිරීමට අමතරව තදබදය අඩු කිරීමට තවත් යෝජනා කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

67,626 Viewers

14 Comments to “කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…”

  1. Jagath says:

    Excellent ! We are now heading towards a developed country…. !

    • Gamarala says:

      උමල් කුමාරගේ උපදේශක වරයාගෙන් උපදෙස් ගත්තොත් ඒ්කත් ඉවරයි. මීට අවරැදු 8 කට ‌පොර ඒයාගෙ උපදෙස්ටු අනුුුව NTC මුදල්ටු වලින් හදපු හදපු park and ride ඒකට NTC මුදල් ‌කෝටි ‌දෙකක් වියදමි කලත් ශත පහක වැඩක් උනේ නැහැග

      • sisira says:

        hariyata hari…..tadabadaya welawata gastu gattama hari…minisunta tiyenne karyaleta yana ekama nowe,,,office giyama tawa wedakata yanna etanata bas tiyenawada? oya upadesakayot bas wala yanawada kiyala balateki…lankawe okkotama kalin maha aya adarsaya diya utuyi..

  2. බන්ඩා says:

    MRT හෝ underground වරනි ව්‍යාප්ති නැතුව කොළඹ ජනප්‍රිය පාසල් පලාත් බදට ගෙනියන්නෙ නැතුව බස් දමල ඔය වැඩේ (වාහන තද බදේ අඩු කරන්න) කොරන්න බැහැ.

    • කිරිමෙල් says:

      MRT, Underground දානකම් අපි ඉතිං ඔහේ කියව කියව අත්දෙක බැඳගෙන ඉඳිමු නේද? එතකොට “යමං බන්ඩො කොළඹ බලන්න” තමයි.

    • පියවරෙන් පියවර යමු..

  3. කත්‍රි says:

    කලයුතුම වැඩක්.

  4. Nu says:

    Great idea… There are many vehicles with single person entering to colombo

  5. David Milli-banda says:

    Lets give it a try……………….. Good decision.

  6. Lucky wijayamannage says:

    කොළබට එන වාහාන වලින් මුදල් අය කොලොත් මහාමැතිවරනයෙන් පරාදයි!!?

  7. නිළමේ says:

    නියමයි, එක වාහනයක බොහෝවිට ඉන්නේ එකයි.

  8. Aurora says:

    ජනතාවට කොළඹට එන්න සිදුවෙලා තියෙන්නේ සියලුම රාජ්‍ය ආයතන කොළඹ නගරය තුලම තිබෙන නිසයි. නගරය තුල තිබෙන ආයතන පිළිබඳව අධ්‍යනයක් කර හැකි ඒවා කොළඹින් පිටත ස්ථාන ගතකලහොත් ගැටලුව විසඳන්න පුළුවන්. ඒ වගේම වෙළඳ නගරය, පරිපාලන නගරය, තාක්‍ෂණික නගරය, අධ්‍යාපන නගරය ලෙස අවට ප්‍රදේශවල විසිරෙන ආකාරයට සැලසුම් කලොත් ගැටලුව සරල වේවි. ඒ වගේම ඒවාට ප්‍රමාණවත් මාර්ග සහිතව. නැතිනම් හෝමාගම පිටිපන ඇති නැනෝ තාක්‍ෂණ ආයතනය, මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය, කිරුම් මිනුම් ආදී ආයතන වලට යන පාර වගේ තිබේවි.

  9. ranaweera says:

    මං මේ ඇත්තමයි කියන්නේ, චම්පික රණව්කයා ගා ගත් කිසිම වැඩක් හරි ගියේ නැහැ. අපිට සෙන්ට් කූම්බ්ස් දිය ඇල්ල නැති කලෙත් ඕකා එතන පුද්ගලික විදුලිබලයක් හදන්න දුන්නා මිලියන් ගානක පගාවකට. උගේ අපත වැඩ ලිස්ට් එක නිමක් නැහැ. අමරවීර මගී ප්‍රවාහන වැඩේ හොඳට කරයි කියා පතමු.

  10. sathya says:

    දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.
    Help to promote Nissan Leaf Cars. Help to open new EV charge centers and import car batteries for Leaf Cars. We can reduce air pollution.

Main News