කොලඹ පිරිස්ද බෝට්ටුවලින් ඉන්දියාවට පනිති…

June 2, 2022 at 6:20 pm | lanka C news

කොළඹ ප්‍රදේශයේ පදිංචි දමිළ පවුලකට අයත් තිදෙනෙකු ඊයේ (01) දින ඉන්දියාවේ ධනුෂ්කොඩි ගෝතණ්ඩරාමර් මුහුදු ප්‍රදේශයට කුඩු මුහුදු යාත්‍රාවකින් පැමිණ සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

මව පියා සහ 10 හැවිරිදි පුතු සමග කොළඹ සිට මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට පැමිණ ධීවර යාත්‍රාවක් ආධාරයෙන් පෙසාලෙයි මුහුදු තීරයෙන් ඉන්දියාවට ගොස් ඇතැයි වාර්ථා වෙයි.

ගතවූ මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්‍රමාණය 100 කට අධික බවටද එරට සරණාගත භාවය ලබාගත් පිරිස 96 දෙනෙකු බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහගත් 150 කට ආසන්න පිරිසක් මේ වන විට ගතවූ මාස දෙකක කාලය තුලදී නාවික හමුදාව විසින්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,368 views

6 Comments to “කොලඹ පිරිස්ද බෝට්ටුවලින් ඉන්දියාවට පනිති…”

  1. උපාසක says:

    බෝට්ටුවෙන් පිටරට පනින මිනිස්සු අල්ලලා නඩු දාලා හිරේ යවන එක පවුකාර වැඩක්. ඒ මිනිස්සු වෙන රටකට ගිහින් හොඳට කාලා , බීලා , ඇඳලා ඉන්නවට ඉරිසියාව.. මේ අපායෙම තියාගෙන දස වද දෙන්නද උවමනාව.. ???

  2. විදෙස්ගත ශ්‍රමික බලමුළුව says:

    ඩියුටි – ෆ්‍රී මත්පැන් මිල අඩු කරන්න. රට ඉඳන් එද්දි ගේන්න පුලුවන් ලීටර් ගාන වැඩි කරන්න. එතකම් ඩොලර් ශතයක් අපි එවන්නෙ නෑ..නෑ… නෑ..

    • යමයා says:

      තොපි බීලාම මැරියල්ලා .බීලා ලෙඩ වුණහම මෙහෙ එන්න එපා

  3. Galle says:

    Boattuwe yana unwa eheta gihin dala enna one anduwen. e yana un tamai nayonta gewal walata USD keeyak hari ewanne.

  4. Galle says:

    boat eken yana unwa eheta gihin dala enna one anduwen. e yana un tamai nayonta gewal walata USD keeyak hari ewanne.

  5. gallefort says:

    yana ayata udaw karanan one USD genna

Main News