කොලඹ ප‍්‍රධාන ෂෙඩ් එකකට සීල් තබයි.. පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් කර මාට්ටුයි.. ඔබේ වාහනයටත් මෙතනින් පෙට‍්‍රල් ගැහුවාද…

January 23, 2018 at 4:40 pm | lanka C news
කොලඹ ප‍්‍රධාන ෂෙඩ් එකකට සීල් තබයි.. පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් කර මාට්ටුයි.. ඔබේ වාහනයටත් මෙතනින් පෙට‍්‍රල් ගැහුවාද…

නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබේ. ඒ ලංකා ඛනිජ ‍තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය විසිනි.

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ (22) රාත්‍රියේ සිදු කළ හදිසි වැටලීමකින් පසුව එම සීල් තැබීම සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා එහි පෙට්‍රල් සාම්පල මේ වන විට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

මේ අතර කොලොන්නාවේ සිට කොළඹ ගලධාරී හෝටලය වෙත දැවිතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි විමර්ශන අංශ‍‍ය සිය භාරයට ගත් බවුසරයේ වූ ටැංකි කිහිපයක දැවිතෙල් තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තවහවුරු වී තිබේ.

එහිදී අතරමඟදී එම බවුසරයේ අදාල ටැංකිවල වු දැවිතෙල්වලට යම්කිසි බාල ඉන්ධන වර්ගයක් මිශ්‍ර කර ඇති බවට සැක කෙරේ. එම සැකයට හේතු වී ඇත්තේ එම බවුසරය නියමිත ගමන් මාර්ගයේ නොගොස් සැක කටයුතු ස්ථානයක දිගු වේලාවක් නතර කර තිබීමයි.

එය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම බවුසරය සිය භාරයට ගැනීමට හදිසි විමර්ශන අංශය කටයුතු කර තිබේ. එහි වැඩිදුර පරීක්ෂණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශය විසින් සිදු කරයි.

මේ අතර විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බවයි.

ඉන්ධන කලවම් කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලිසියට හෝ 0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

– තමීර මංජු

52 views

3 Comments to “කොලඹ ප‍්‍රධාන ෂෙඩ් එකකට සීල් තබයි.. පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් කර මාට්ටුයි.. ඔබේ වාහනයටත් මෙතනින් පෙට‍්‍රල් ගැහුවාද…”

  1. kamalasirikuruwita says:

    Arjuna, it is a great work. Keep it up!!!!!!!!!!!!

  2. Niru says:

    Suddenly Yahapalana Ranatunge has become very active as elections approach. He wants people to forget fuel crisis. After the 10 February it will be business as usual with these two petrol sheds doing business as nothing happened. Bond scam money will compensate for Loss of business to these shed owners during the next 15 days

  3. vimarshana says:

    බොහෝ වාහන දුම් පරීක්ෂණයෙන් අසමත් වීමට හේතුව මෙසේ කලවම් කරණ ලද ඉන්ධන විය හැක. ඩිසල් වලට හෝ පැට්‍රොල් වලට භූමිතෙල් කලවම් වූ විට ඔක්ටේන් අංකය පහල යන බැවින් නිසි පරිදි දහනය සිදුනොවන බැවින් විමොචක වායුවේ කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්රෝ කාබන් ප්‍රතතිශතය ඉහල යාම අනිවාර්යයෙන්ම සිදුවේ. නියමිත ප්‍රමිතියෙන් යුත් ඉන්ධන නොමැතිව දුම්සහතික ලබා ගැනීම අනිවාර්ය කිරීම වාහන අයිතිකරුවන් අමාරුවෙ දැමිමකි. දුම් සහතික සඳහා අයකරන මුදලින් රජයට ලැබෙන ප්‍රමාණය සොච්චමක් බවත් ඉන් ව්ශාල ප්‍රමානයක් වෙනත් අංශ වලට යන බවටත් රාවයක් වාහන හිමියන් අතර පවතී.

Main News