කොලඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

January 13, 2021 at 3:00 pm | lanka C news
කොලඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දැනටමත් සිවිල් ඇඳුමින් යුතු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ හැසිරීම නිසා නැවතත් කොරෝනා ආසාදිත පොකුරු හා අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි කොළඹ නාගරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

123,731 views

5 Comments to “කොලඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..”

  1. රජින්ද says:

    මිනිස්සුන්ගේ රස්සාවල්වල පඩි ටික බේරාගෙන, ආයතන වලට සේවකයින්ට වැඩ කළමනාකරණය කරගන්න කාලය දීලා රැකියා වලට, ආයතන වලට අවම හානියක් වන පරිදි දැන්වත් සති තුනක්වත් රට වසා දැමිය යුතුයි. මිය යන මිනිස්සු ගණන හෝ ආසාදිතයින් ගණන ගැන හිතලා නොවෙයි මේ රටේ මිනිස් ශ්‍රමිකයින් ගැන ඔවුන්ගේ පවුල් වල සිටින වැඩිහිටියන්, කුඩා දරුවන් ගැන සිතිය යුතු නොවේද. ඔවුන් සියල්ලන් අසනීප වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් ඒවාට මුක්කු ගසන්නේ කව්රුන්ද, කොහෙන්ද හා කෙසේද කියා සිතිය යුතු නොවේද?

  2. 😥😥🥵🥵 says:

    එංගලන්තයේ මේ ලඟඳි දවසක ගැහැණියෙක් බංකුවක වාඩිවෙලා හිටියා හුදකලා නීතියට අවනත නොවී… පොලීසියෙන් ඒ වෙලාවෙම දඩ කොලය දුන්නා රු 25,000..!
    ඒකට අපේ රටේ..
    . පොලෝසිය මූන බලලා ඒක කරපු කෙනාට සැලුට් එකක් ගහනවා…!

  3. රනිල් says:

    වහමු වහමු රට බංකොලොත් වුනාම ඉක්මනට ආන්ඩුව පෙරලගන්න පුළුවන් !!

Main News