කොලඹ සිරවූ පිරිස් ගමට යැවීම භයානකයි.. රටටම කොරෝනා ඇතිවිය හැකියි..

April 8, 2020 at 3:50 pm | lanka C news
කොලඹ සිරවූ පිරිස් ගමට යැවීම භයානකයි.. රටටම කොරෝනා ඇතිවිය හැකියි..

ගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයන් තම ගම්බිම්වලට යෑමට කරන ඉල්ලීම් කෙතරම් මානුෂීය වුවත් නිසි සැලසුමකින් තොරව එය සිදුවුවහොත් රටපුරා ජනතාව මෙන්ම සෞඛය සහ ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලවලට අනවශ්‍ය අවධානමක් දැරීමට සිදුවන බවත් හෙතෙම මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දේ.

ඒ අනුව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයන් ගම්බිම්වලට පිටත් කර හරින වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරන ලෙස රජයෙන් හා අදාල අංශ වෙත එම සංගමය දන්වා සිටියි.එම කරුණු තුන වන්නේ,

  1. පුද්ගලයන් ගම්බිම්වලට පිටත් කර හැරීමට පෙර සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල පොදු එකඟතාවක් සහිත විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළෙක් සකස් කිරීම.එය ක්‍රියාත්මක වීම සමීපව අධීක්ෂණය .
  2. පුද්ගලයින් ගම් දනව් වෙත පිටත් කර හැරීමෙන් පසුව ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කළහොත් එය එතරම් සාර්ථක නොවිය හැකි බැවින් ප්‍රාදේශීයව කණ්ඩායමක් වශයෙන් නිරෝධායනය කර සමාජ ගත කිරීම.(මෙහිදී එක් එක් ප්‍රදේශයට / දිස්ත්‍රික්කයක ගමන් කණ්ඩායමේ සංඛ්‍යාව අනුව තීරණය ගත යුතුය)
  3. පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේදී එකිනෙකා අතර වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කිරීම.

මෙම තීරණාා්තමක කාලයේදී එක් අතපසු වීමක් වුවද දරුණු ප්‍රථිඵල ගෙන දිය හැකි බැවින් මෙම කරුණු ⁣විශේෂ සැලකිල්ලට ගත යුතු බවද සභාපති වරයා වැඩි දුරටත් දන්වා සිටියි.

– ADA

125 views

13 Comments to “කොලඹ සිරවූ පිරිස් ගමට යැවීම භයානකයි.. රටටම කොරෝනා ඇතිවිය හැකියි..”

  1. Game Changer says:

    ලෝකයේ රටවල් කීපයකම බලපෙරේත වයෝවෘධ ඩ්‍රැක්‍යුලා නායකයන් තමන්ගේ ජීවිත ආරක්ෂාව සදහා මිලියන ගනන් ජනතාව Lockdown කරලා.
    ඔවුන් භාණ්ඩාගාර වල ධනය රත්තරං ගොඩගහගෙන,මේස මත රසමසවුළු අතුරාගෙන ජනතාවට Mask වැනි මූලික පහසුකමක්වත් නොදී “පශ්චාත් කොරෝනා” සමෘදි යුගයක් ගැන රසකතා කියනවා.හොදම උදාහරණය එලිසබෙත් රැජිණට 93යි,චාල්ස් කුමරැට 71යි.ට්‍රම්ප්ට 73යි.ඩ්‍රැක්‍යුලාවෝ ඔක්කොම 70න් උඩ.

    • 😥😥😥😥😥😥😥 says:

      උන් නම් කෙසේ හෝ වයස 70 පනිනකම් වැඩක් කරගෙන තියෙනවා…
      උඹට තාම ඒකෙන් භාගයක්වත් නැහැ බීලම ඇඟේ තියෙන ත්‍රිකෝණ
      අවයවය දියවෙලා ගිහිල්ලනෙ තියෙන්නේ අලපාලුව.

    • firdaws says:

      yes u correct

  2. කෝ රෝනාල්ඩෝ says:

    දැන් තේරුම් ගනිල්ලා ආණ්ඩුව ගොඩක්ම බය මිනිස්සු කිරෝනා හැදිලා මැරෙනවටද , එහෙමත් නැත්නම් මේක තව මාස ගානක් ඇදිල ගිහින් පාර්ලිමේන්තුව කැඳවන්න වෙයි කියල ද ? ඒ දෙකටම වඩා චන්ද ටික අඩු වෙයි කියල ද ?
    නිසි ක්‍රමවේදයක් හදලා මිනිස්සුව කොරෝනා පරික්ෂාවකට ලක් කරලා ගෙදර ගිහින් දැම්මා නම් ඉවරයි නේ. දැන් මේ මිනිස්සු කන්න බොන්න නැතුව කොච්චර දුක් විදිනවද මානසික ආතතිය කොච්චරද? කෝ මේ සවුක්‍ය ඇමති. තව ඕනෑම නම් කට්ටියටම සහතිකය ගානේ දෙන්න කොරෝනා නැහැ කියල. එතකොට තවත් ෂුවර්.

    • nimalsiri says:

      saukya emathi ara wesa baduwa (a)pavithraaneda?ekige baduwe thiyenne lokema thiyena corona vyrus ekenma baagayak vithara.vahaama saukhya emathi dhurayata ugath muslim kenekwa daanna.

    • Me says:

      බුද්ධිමතුන් රට ගැන සිතා යහපත් සැලසුම් ඉදිරිපත් කරනවිට,
      හරක් දන්නෙ උම්බෑ…

    • කෝ රෙනාල්ඩෝ. ඔයාගෙ ඔය සිරා ප්ලෑන් එක WHO එකට යැව්වා නම් කොරෝනා වලින් බැට කාලා, දැං සති ගානක් ලොක් ඩවුන් වෙලා ඉන්න ඇමෙරිකාව, යුරෝපය ඇතුලු මුලු ලෝකෙටම ඉක්මනින්ම කොරෝනා ගෙන් නිදහස් වෙන්න තිබුනා..ඔයාට ඒ වෙනුවෙන් නොබෙල් තෑග්ග උනත් ලැබෙන්න බැරි නෑ.

    • rattar says:

      කෝ රොනාල්ඩෝ යනු කොරෝනා සැදී හොරෙන් පැන පැන ඉන්න රෝග වාහකයෙකි….

      කරුණාකර ප්‍රවේශම් වන්න…….

  3. ඉතාම වැදගත් ප්‍රශ්න ටිකක් සහ ප්‍රායෝගික විසදුම් ටිකක්.. ගොමා ල වගේ බොරු ෂෝ නෑ..නිහඩව වැඩ. අවශ්‍ය තැනදි නිවැරදිව හඩක් නගනව..
    මේ විදියට කළොත් කොළඹ ඉදන් ගමට යන අයත්, ගමේ අයත් බේරෙයි..

  4. Guanawardhana says:

    රටටම කොරොනා හැදීමේ අවදානම ගැන කතා කරද්දී පරන කතාවක් මතක්වුනා. අර ජන්දය ඉල්ලන එක්කනා ඒ දවස්වල එන්ගලන්තයේ හිටියේ, තාත්ත ට ලියුමක් ලියල කීවලු මට ඒඩ්ස් වගේ මට ලන්කාවට එන්න ඕනේ කියලා
    ලොක්ක කීවලු පුතේ පලාතෙවත් එන්න එපා. උබෙන් ගෙදර සවන්ට හැදෙයි ඊට පස්සේ මට මගෙන් අම්මට, ඊට පස්සෙ රටටම ඒඩ්ස් හැදෙය් කියලා

  5. Bnv says:

    Very true. Authorities wisely act on this issue. Otherwise whole effort done by government will fail. This is the final juncture wisely monitor.

  6. thus says:

    සාමාන්‍යයෙන් අලුත් අවුරුදු කාලය කියන්නෙ කොළඹ හිස්වෙන කාලයක් කොළඹ ඉන්න සියලුම මිනිසුන් ගම්වලට යන කාලයක් එම නිසා ඔය ගම්වලට පිටත්කර හරින තීරණය නොගත යුත්තක් මොකද ඔය මිණිසුන් ප්‍රමාණය 15000 කින්,20000 කින් ඉවර වෙන ගානක් නොවෙයි. කොළඹ ඉන්න බොහෝ දෙනෙකුගේ කවුරු හරි නෑයෙක් පිට පලාත්වල ඉන්නවා එහෙම තීරණයක් ගන්නාතෙක් බලාසිටින වෛරස් හොට් ස්පොට් අවස්ථාවාදීනුත් ඉන්නවා එම නිසා මෙම අලුත් අවුරුද්ද රටේ කිසිම තැනක නොසමරන බව ජනතාවට අවබෝධ කරදී ඔවුන්ට ඉන්න තැනකට කිරිබත් කැවුම් ටිකක් ලබාදීම වඩාත් සුදුසුයි.

Main News